Pages

Monday, November 22, 2010

රුවන්ති මංගලා ‘කුෂී’, ‘පබා’

වයසට-පෙනුමට ගැළපේ නම් පෙම්වතියගේ
චරිතය රඟපානවා

රුවන්ති මංගලා

‘කුෂී’, ‘පබා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නොවුණත් ඒ චරිතය ප්‍රේක්ෂකයින් අතර මෙතරම් ජනප්‍රිය වුණේ පිටපතේ එම චරිතය ලියවිලා තිබුණු ආකාරය නිසා කියලයි මම හිතන්නේ. පිටරට ඉන්න රසිකයන් මට කෝල් කරලත් කතාකරන්නෙ කුෂී කියල. මඟතොටේදී කවුරු හරි හමුවුණත් මට කතාකරන්නෙ ‘කුෂී’ කියල. කුෂීගේ චරිතය නිසාම මට විදෙස් රටවල් කීපයකම සංචාරය කරන්නත් අවස්ථාව ලැබුණා.

අද ‘රසඳුන’ සතුටු සාමීචියට එක්වන්නී යොවුන් නිළි රුවන්ති මංගලා ය. රුවන්ති රංගන ක්ෂේත්‍රයට පිවිසියේ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයෙනි. මේ වන විට ඇය සිනමාවේ සහ ටෙලි නාට්‍ය කීපයකම දක්ෂ රංගනයක් ඉදිරිපත් කොට ඇත.
 ‘සමනලුන්ට වෙඩි තියන්න’ ටෙලි නාට්‍යයේ ඇය ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය ඇයට හිමිවිය. මෑතදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍යයේ රුවන්ති ඉදිරිපත් කළ කුෂීගේ චරිතය ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැලඳගත් චරිතයකි.

කොහොමද අලුත් තොරතුරු?

හොඳින් ඉන්නව. දරුවන් දෙදෙනාගේ සහ සැමියාගේ (නාමල් උඩුගම) වැඩ කටයුතුවලට මුල්තැන දෙනව. ඒ වගේම මේ දිනවල ’නිල්දිය දහර’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලටත් සහභාගිවෙනවා.

’පබා’ ටෙලි නාට්‍යයේ කුෂීගේ චරිතයට ලැබුණු ප්‍රතිචාර ඉහළයි නේද?

ඇත්තෙන්ම ඔව්. මටම අදහාගන්න බැරි තරමට ‘කුෂී’ට ප්‍රතිචාර ලැබුණා. ඒ චරිතය රඟපෑමට පෙර බොහෝවිට මට රඟපාන්න ලැබුණේ අහිංසක චරිත. කුෂී වෙලාවකට අහිංසකයි. වෙලාවකට නපුරුයි. ‘කුෂී’, ‘පබා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නොවුණත් ඒ චරිතය ප්‍රේක්ෂකයින් අතර මෙතරම් ජනප්‍රිය වුණේ පිටපතේ එම චරිතය ලියවිලා තිබුණු ආකාරය නිසා කියලයි මම හිතන්නේ.
පිටරට ඉන්න රසිකයන් මට කෝල් කරලත් කතාකරන්නෙ කුෂී කියල. මඟතොටේදී කවුරු හරි හමුවුණත් මට කතාකරන්නෙ ‘කුෂී’ කියල. කුෂීගේ චරිතය නිසාම මට විදෙස් රටවල් කීපයකම සංචාරය කරන්නත් අවස්ථාව ලැබුණා. ඕස්ට්‍රේලියාව, මැලේසියාව ඒ අතරින් කීපයක්. ඒ රටවල්වල සංචාරය කරන විට මාව දන්නා ගොඩක් දෙනෙක් මාව හැඳින්වූවේ ‘කුෂී’ කියල. ඒක මට හරි සතුටක් වුණා.

ඔබගේ කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගෙ කලා කටයුතුවලට විශාල සහායක් නාමල්ගෙන් ලැබෙනව කියන්න අමාරුයි. එයාගෙ වැඩවලට නම් මම සහයෝගය දක්වනවා. ‘පබා’ ටෙලි නාට්‍යය දිගටම බැලුවත් මම රඟපාන වෙනත් ටෙලිනාට්‍ය නම් නාමල් බලල නෑ. ඒ නිසා මගෙ රංගනයන් ගැන නාමල් වැඩි විවේචනයක් කරන්නේ නෑ.

දරුවන් ඔබ රඟපානවට කැමැතිද?

මම රඟපානවට මගෙ දුවයි පුතයි දෙන්නම හරිම කැමැතියි. ‘පබා’ විකාශය වෙන කාලෙ දුවගෙයි පුතාගෙයි පාසල් යාළුවො කියනවලු “ඔයාලගෙ අම්ම පබාට බැන්න නේද?” කියල. ඉතින් ඒව ඇවිත් මාත් එක්ක මගෙ දරුවො කියනව. මම රඟපාන ටෙලිනාට්‍ය දුවයි පුතයි නරඹන්නෙ හරිම කැමැත්තෙන්.

ඔබ රඟපෑ චරිත අතරින් වඩාත්ම කැමැතිම චරිතය?
මම ඉදිරිපත් කළ සෑම රංගනයකටම මම කැමැතියි. ඒ වුණාට බෙනට් රත්නායකගේ ටෙලිනාට්‍යයක ඉදිරිපත් කළ ට්‍රිලීෂියා නමැති චරිතය මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒ ටෙලි නාට්‍යය විකාශය වෙලා ගොඩක් කල් ගියත් ඒ චරිතය ගැන බොහෝදෙනෙක් අදත් මගෙන් කතාකරල අහනවා.

චිත්‍රපට රංගනයෙන් ඈත්වෙලාද?

ඇත්තටම නෑ. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණාට පසුගිය කාලෙ චිත්‍රපට සඳහා ආරාධනයක් ලැබුණේ නෑ. එක් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ඒත් ඒ චිත්‍රපටය කෙරෙන්නෙ නෑ වාගෙ.

ඔබේ දරුවන් කලාවට යොමු වෙනවට කැමැතිද?

මගෙ දුවට අවුරුදු 11යි. එයා දැහැමි. පුතාට අවුරුදු 09යි. එයා රෝහිත. මේ වන විටත් ඒ දෙන්න කලා හැකියාවන් පෙන්නල තියෙනව. තාත්තා ගායකයෙක්. අම්ම නිළියක් වුණාම එහෙම වෙන්න ඕනනෙ. පාසලේ උත්සවවලදි ඒ දෙන්න ගීත ගායනා කරනව. අපි වැඩියෙන්ම ළමයින්ව උනන්දු කරවන්නෙ ඉගෙනගන්න. උසස් පෙළට පෙනී සිටියායින් පසුව එයාලට පුළුවනි එයාල කැමැති දෙයක් තෝරාගන්න. අපි දෙන්නම කැමැතියි අපේ දරුවො දෙන්න කලාවට යොමු වෙනවට.

පෙම්වතියගේ චරිතය තවමත් ඔබට කරන්න පුළුවනිද?

පුළුවනි. හැබැයි අවුරුදු 18ක පෙම්වතියකගේ චරිතයක් නෙමෙයි. මගෙ වයසට පෙනුමට ගැළපෙන ආකාරයට පෙම්වතියගේ චරිතය කරන්න පුළුවනි. අවුරුදු හතළිහක අයටත් පෙම් කරන්න පුළුවන්නෙ. මට ගැළපෙන පෙම්වතියගෙ චරිතයක් ලැබුණොත් මම ඒක කරනව.

ඔබේ ශරීරයේ හැඩයට සහ පෙනුම හොඳින් පවත්වාගෙන යන්න විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවාද?

විශේෂ ක්‍රමයක් නෑ. ඒත් මම කන කෑම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනව. මහත්වීම පාලනය කරගන්නව. ඉඩ ලැබෙන පරිදි ව්‍යායාම කරනව. ඒ; නිරෝගීකම අපට අවශ්‍යම නිසා. මගෙ සැමියගෙයි දරු දෙන්නගෙයි වැඩ කටයුතු හොඳින් කරන්න මම නිරෝගීව ඉන්න එපායැ. ඒ වගේම මම තවම රඟපානවා. ඒකටත් ශරීරයේ පෙනුම හොඳින් තිබීම අවශ්‍යයි. ඒ නිසා මට මගෙ නිරෝගීකම සහ ශරීරයේ පෙනුම ගැන ගොඩක් උනන්දු වෙනවා.

Saturday, November 20, 2010

දැනට ආදරයට විරුද්ධයි

දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය දිනේෂි ප්‍රියසාද්

ඇය අද ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය යෞවනියක්‌. පළමුව නිවේදිකාවක්‌ ලෙසත්, ඉන් පසුව ගීත කිහිපයක රූප රචනාවලිනුත් රූපවාහිනී තිරයේ පෙනී සිටි ඇය, රංගන ශිsල්පිණියක්‌ ලෙසට ප්‍රේක්‌ෂකයා දැන හැඳින ගත්තේ වස්‌සාන සිහිනය ටෙලිනාට්‍යයේ චාපා ලෙසිනි. එසේ පැමිණි ඇය අද පෙනී සිටින්නේ හිතට වහල් වීමි සහ සඳගිරි පව්ව ටෙලිනාට්‍යය තුළයි. මේ කතා බහ දිනක්‌ෂී ප්‍රියසාද් නම් වූ ඒ ලස්‌සන ඇස්‌ ඇති යෞවනිය සමගයි.

දිනක්ෂි මොනවද මේ දවස්‌වල අලුත් තොරතුරු?

මගෙ අලුත් නාට්‍යය හිතට වහල් වීමිට හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා සතුටින් ඉන්නවා. අවුරුද්ද අවසානයේ නිසා උසස්‌ අධ්‍යාපන කටයුතුවල විභාගත් එක්‌ක අකමැත්තෙන් වුණත් ටිකක්‌ කාර්ය බහුලයි.

අකමැති දේකට යොමුවෙන්න හේතුව?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාව හදාරනවා. ඊට අමතරව විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්‌ෂණ උපාධිය හදාරනවා. ඒකේ දෙවැනි අවුරුද්දේ විභාග මේ මාසේ පටන් ගන්න නිසා ටිකක්‌ වැඩ වැඩියි.

විවිධ විෂයන් හදාරන්නේ දිගටම රංගනයේ නියෑළෙන්

අදහසක්‌ නැතුවද?

රංගනය කියන්නේ මම කිසිදාක බලාපොරොත්තු නොවුනු දෙයක්‌. මොකද ටෙලිනාට්‍යය බලන්න ආසවුණාට රඟපාන්න ලැඡ්ජයි. පුංචි කාලේ ඉඳලම අධ්‍යාපන කටයුතු තමයි හොඳින් කළේ. ඒ නිසාම ශිෂ්‍යත්වෙන් පාසලේ වැඩිම ලකුණුත් ඉන් පසුව සාමාන්‍ය පෙළ විභාගෙන් ඒ සාමාර්ථ දහයක්‌ අරගෙන පාසලේ හොඳම ප්‍රතිඵල ලැබුවෙත් මමයි. පුංචි පැංචි වැඩසටහනට නිවේදිකාවක්‌ හැටියට එකතුවුණාට පස්‌සේ තමයි රඟපාන්න අවස්‌ථාව ලැබුණේ. ඒ නිසා දැන් රඟපාන්න ලැබුණට අනාගතේ කොහොම වෙයි ද කියන්න බෑනේ. මොනදේටත් හොඳ අධ්‍යාපනයක්‌ ලබා තිබීම වැදගත් කියලා හිතනවා.

ඔබේ පියා ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්‌. ඒ නිසාද ඔබට මේ ක්‍ෂෙත්‍රයට එන්න අවස්‌ථාව ලැබුණේ?

කොහෙත්ම නැහැ.

එහෙනම්?

තාත්තා අපි වෙනුවෙන් කිසිදිනක කිසිමදේකට පෙනී හිටියේ නැහැ. පොඩි කාලෙදි නම් තාත්තගේ චිත්‍රපටවල පොඩි පොඩි චරිත කරලා තියෙනවා. පුංචි පැංචි වැඩසටහනට තෝරගත්තෙත් සම්මුඛ පරීක්‌ෂණයකින් පස්‌සේ. වස්‌සාන සිහිනයේ චාපාට තෝරගත්තේ ඒ වැඩසටහන ජානක සිරිවර්ධන මහත්මා දැකලා අපේ ගෙදරටම ඇවිල්ලා. ඒත් මම ටිකක්‌ කල් අරන් කල්පනා කරලා තමයි කැමති වුණේ.

ඇත්තද පියාගේ දැන හැඳුනුම්කම් මත ලැබෙන නිර්මාණ ඔබ ප්‍රතික්‌ෂේප කරනවා කියන්නේ?

එහෙම දෙයක්‌ නැහැ. මාව කෙනෙක්‌ චරිතයකට තෝරගන්නේ ඒකට මාව ගැලපෙන නිසානේ. කොහොමටත් මම කැමති වුණත් අම්මයි තාත්තයි කැමති නම් තමයි මම රඟපාන්නේ.

නමුත් ඔබට මෙතරම් ජනප්‍රියත්වයක්‌ ලැබෙන්න ප්‍රධාන කරුණක්‌ ඔබේ පියා කිව්වොත්? ඒක පිළිගන්නවද?

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඒත් තාත්තා කියන්නේ අපි තුන්දෙනා නිසා තමයි එයා ජනප්‍රිය කියලා.

සහෝදරියක්‌ හැටියට ඔබේ නංගිලා දෙදෙනාගේ දíතාවන් දකින විදිහ?

ඒ දෙන්නා මට වැඩිය දක්‌ෂයි. දෙන්නම වෙළෙඳ දැන්වීම් වලට පොඩිකාලේ ඉඳලම පෙනී හිටියා. ලොකු නංගි (ශේෂාද්‍රී) චිත්‍රපටි තුනක්‌ රඟපෑවා. පොඩි නංගි (ෂනුද්ද්‍රී) නම් ගොඩක්‌ම කලාවට බරයි. තාම පාසල් යන නිසා ටිකක්‌ සීමා කරලා තියෙනවා. හැබැයි දෙන්නම දඟයි. දෙන්නම කලා අංශයෙන් ඉදිරියට යනවට මම කැමතියි.

ඒ කියන්නේ ඔබ දක්ෂ නැහැ කියලද?

ටිකක්‌ දක්ෂ ඇති. ඒ ගැන හරියටම දන්නේ ප්‍රේක්ෂකයින් තමයි.

හිතට වහල් වීමි ටෙලිනාට්‍යයේ නිම්මිව ඔබ දකින්නේ කොහොමද?

නිම්මි කියන්නේ එයාගේ අක්‌කට තියෙන ආදරේ නිසා ඇයව අහිමි වෙයි කියලා බයට අක්‌කව යටත් කරගෙන ඉන්න චරිතයක්‌. නිම්මි අක්‌කව ගොඩක්‌ විශ්වාස කරනවා. අන්තිමට ඇයට අක්‌කා නිසා කකුලක්‌ නැති වෙනවා. මොහොන් නියාස්‌ මහත්මාට ස්‌තූතිවන්ත වෙනවා ඒ වගේ චරිතයකට මාව තෝරගත්තට. මෙගා ටෙලිනාට්‍යය රටාවෙන් ඔබ්බට ගිය ගොඩක්‌ කැපකිරීම් කරන්න වෙන චරිතයක්‌.

නිම්මි වගේ දිනක්ෂිත් සහෝදරියන් යටත් කරගෙනද ඉන්නේ?

අනේ නැහැ. නංගිලා දෙන්නා තමයි මාව යටත් කරගෙන ඉන්නේ. නංගිලා දෙන්නට මම ගොඩක්‌ ආදරෙයි. එකවෙලාවකට තුන්දෙනාම රණ්‌ඩුවෙනවා. ටිකකින් යාළුවෙනවා.

අම්මගෙනුයි, තාත්තගෙනුයි මොනවගේ මග පෙන්වීමක්‌ ද ඔබේ ගමනට ලැබෙන්නේ?

දෙන්නම කවදාවත්ම කිසිම දේකට බලපෑමක්‌ කරලා නැහැ. අම්මා තමයි මගේ සෙවණැල්ල.

නිම්මි වගේ දිනක්ෂිත් තාම ආදරයක්‌ ගැන හිතුවේ නැද්ද?

දැනට ආදරයට විරුද්ධ කෙනෙක්‌.

ඇයි ඒ?

අධ්‍යාපංන කටයුතු අවසන් වුණාට පස්‌සේ ඒ ගැන හිතනවා. අම්මලා නම් නිදහස දීලා තියෙනවා හොඳ කෙනෙක්‌ තෝරගන්න. හොඳ අධ්‍යාපන මට්‌ටමක්‌ තියෙන කෙනෙක්‌ තමයි මම කවදාහරි බලාපොරොත්තු වෙන්නේ.

අද වන විට නිවේදන කටයුතු අත්හැරලද?

නැහැ. ස්‌වර්ණවාහිනියේ බොලිවුඩ් මැජික්‌ වැඩසටහනයි, චැනල් සී නාලිකාවේ සී වයිබ්ස්‌ වැඩසටහන දෙවැනි නංගිත් එක්‌කයි නිවේදන කටයුතු කරනවා.

Tuesday, October 5, 2010

මෙන්ඩිස්ගේ දියණිය නිපුනි මෙන්ඩිස් ගේ පළමු රංගනය

රකුන්සැරය

සංජය නිර්මාල් ගේ අධ්‍යක්ෂණයක්
ඒ 1815 වර්ෂයයි. හිතුවක්කාරකමත්, දඩබ්බරකමත් උපන් වත්කමක් ලෙස රැගෙන ආ තරුණයකු වන රවුරා රකුන්සැරය නැමැති සාම්ප්‍රදායික දැනුම, බලය නිධන්ගත වූ පුස්තකය සොරකම් කරයි.
රකුන්සැරය යොදා ගෙන එහි බලයෙන් මුලු විශ්වයම පාලනය කිරීම ඔහුගේ අරමුණ වෙයි.
ඔහුගේ මේ අකටයුතුකම් හෙළා දකින අය අතර පෙරමුණ ගන්නා එක් අයකි. ඒ මුණමුර නැමැති තවුසෙකි. ඔහු සිය මායා බලය උපයෝගී කර ගනිමින් කාල යන්ත්‍රයක උදව්වෙන් අනාගතයෙන් ළමයින් දෙදෙනකු කැඳවා රකුන්සැරය සොයන්න යවයි.
මේ ළමුන් දෙදෙනා ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට මේ දක්වා සක්මන් කරමින් රකුන්සැරය සොයයි. ඔවුනට කුවේණි හමු වෙයි. විජය රජු, පණ්ඩුකාභය කුමරු, වලගම්බා රජු හමු වෙයි.
රවුරා, මුණමුර, කුවේණි, විජය මේ දිනවල ගම්පහ පිළිකුත්තුව අවට ප්‍රදේශයන්හී සැරිසරයි.
මේ පිරිස අධ්‍යක්ෂණය කරනුයේ සංජය නිර්මාල්ය. මේ ටෙලි නිමැවුමේ නම ද රකුන්සැරයම වන්නේය. එන්න අපි මොහොතක් නවතිමු රකුන්සැරය දර්ශන තලයේ.
සුන්දරත්වයෙන් අගතැම්පත් පිළිකුත්තුව අවට ප්‍රදේශයේ ඉතිහාසයේ එන ඉදි කිරීම් රැසකි. එක තැනක කුවේණිගේ මාලිගාවයි. ඇය කපු කටිමින් සිටින්නීය. දුටු කොයි කාගෙත් සිත අතීතයට රැගෙන යන්නේ නිරායාසයෙනි. ඒ ඇහැලියගොඩ සෝමතිලකයන්ගේ නිමැවුම්ය. ඔහුගේ කලා අධ්‍යක්ෂණයේ ප්‍රතිභාවෙන් සැබවින්ම යළි ලාංකේය ඉතිහාසය ගොඩ නගා ඇති අයුරු අනර්ඝය.
රකුන්සැරයේ කුවේණිය ගේ සැබෑ නම නිපුනි මෙන්ඩිස් වේ. ජනප්‍රිය නළු නිළි යුවළක් වන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේත් කුසුම් රේණුගේත් ආදරණීය දියණිය වන ඇගේ පළමු රංගනය සිදු වන්නේ රකුන්සැරය හරහා වේ.
මෙදින රූගත කිරීම් සිදු වෙමින් පැවැතියේ යක්ෂ ගෝත්‍ර කාලයට ළමුන් දෙදෙනා පැමිණි සිටි දර්ශනයකි. නවක ළමා නළු දෙවුනක පෝරගේ සමඟ උත්පලා මධුශානි රකුන්සැරය සොයා යාමේ චාරිකාව ආරම්භ කිරීමට විධානය ලැබෙන තෙක් සිටියේය. උත්පලයි, දෙවුනකයි මෙහෙම එනවා. එතකොටම ඔයා මේ පර්වතය උඩ ඉඳලා පැනලා උත්පලාව අරගෙන ඈතට දුවන්න ඕනෑ.
සංජය යක්ෂ ගෝත්‍රික තරුණයකුට රඟන තරමක් මහත නවක රංගන ශිල්පියකු වන ඩිලාන්ට උපදෙස් දුන්නේය.
නිෂ්පාදක කණ්ඩායම ඉමහත් වෙහෙසක් දරමින් ඩිලාන්ව පර්වතයට නැංගුවේය.
ඇක්ෂන්.
ඩිලාන් , උත්පලා ඉදිරියට පැන්නේ ඇගේ කකුලත් පාගමිනි.
සිදු වූ මේ හදිසි තත්ත්වය නිසා රූගත කිරීම නතර කළේය.
හොඳ වෙලාවට යන්තම් කකුලේ ඇඟිල්ලක් විතරයි පෑගුනේ. නැතිනම් ඩිලාන් අයියා පැනපු විදිහට කකුල උඩට වැටුනා නම් කකුලක් ගේන්න වෙනවා.
ඒ උත්පලාගේ නෝක්කාඩු හඬය.
කොහොමද ධනංජය, රවුරා හරිම දඩබ්බරයි නේද?
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. රවුරා වෙනුවෙන් ම අපූරු ඇඳුම් කිහිපයක් නිර්මාණය කළා. ලොකු ලෝගුවක්, අමුතු සපත්තු දෙකක් ඊට ඇතුළත්. ඇඳුම් ඇඳ ගත්තට පස්සේ මටම මාව අඳුන ගන්න බැරිව ගියා.
රකුන්සැරයෙහි මුණමුර තවුසා තවත් වැදගත් චරිතයක්. මුණමුර වී හිඳින්නේ ලක්ෂ්මන් මෙන්ඩිස්.
රකුන්සැරය පිළිබඳ ඔහු අපූරු තොරතුරු කිහිපයක් හෙළි කළේය.
රකුන්සැරය රූගත කිරීම් කෙරෙන කාලයම අපට අමතක නොවන අත්දැකීමක්. මහාවංශයේ එන සියලුම රජවරු රකුන්සැරය ඔස්සේ ඔබ හමුවට පැමිණෙනවා. අප රටේ ඉතිහාසය විෂයය අධ්‍යාපනයෙන් ඉවත් වෙලා තියෙන යුගයක මෙවැනි ටෙලි නාට්‍යක වටිනාකම වැඩියි ඉතිහාසය හදාරන අයට. මුණමුර තාපසයා තමයි අර ළමයි දෙන්නව යවලා රකුන්සැරය හොයන්න උත්සාහ කරන්නේ. මමත් හරිම ආසාවෙන් ඉන්නේ රකුන්සැරය විකාශය වන තුරු.
මෙහි සහය අධ්‍යක්ෂ නිශාන්ත රණසිංහ රකුන්සැරය රූගත කෙරෙන අතරතුරදී සිදු වූ අති භායනක සිදුවීමක් මෙසේ විස්තර කළේය.
දෙවුනක පෝරගේ අඩි පණහක පමණ උඩකින් වැටෙන දර්ශනයක් රූගත කරන්නට අපි සැලසුම් කරගෙන හිටියා. නමුත් නිෂ්පාදක කණ්ඩායමේ සියලු දෙනාගේම සිතේ සැකයක් තිබුණා අපි මේකට දෙවුනකව යොදා ගන්නව ද නැතිනම් වෙනත් අදේශක අයකු යොදා ගන්නව ද කියලා.
අපි හැමෝවම විස්මයට පත් කරමින් දෙවුනක කැමැති වුණානේ ඉහළින් පනින්න. අපි ලණු භාවිතා කරමින් හරිම තාත්ත්විකව එම දර්ශනය රූගත කළා.
රකුන්සැරය වෙනුවෙන් අයිරාංගනී සේරසිංහ, නිහාල් ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, වසන්ත කොටුවැල්ල, රමණී සිරිවර්ධන, නිමන්ති පෝරගේ, රන්දික විමලසූරිය රංගන වගකීම ඉටු කරති.
මෙහි සටන් අධ්‍යක්ෂණය අජන්ත පෙරේරාගෙනි. අංගම් පොර කලාවේ එක් අංගයක් වන රක්ෂස සටන් කලා ප්‍රබේධය මේ සඳහා යොදා ගත් බව අජන්තා වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කළේය. කැමරාව ප්‍රභාත් රෝෂන් සමඟ විශ්වජිත් කරුණාරත්නගෙනි. නයනා එස්. ගමගේ විධායක නිෂ්පාදකවරිය වේ. මෙවන් හරවත් ටෙලි නිමැවුමක සංකල්පය ආචාර්ය දමින්ද පෝරගේගේය. තිර පිටපත රැවන් හරිශ්චන්ද්‍ර ගෙනි . හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරුය. රකුන්සැරය ද අයි ගෲප් ආයතනයේ ් නිෂ්පාදනයකි.

Friday, October 1, 2010

නදීෂා ගේ බලු පැටියා

නදීෂා ගේ බලු පැටියාගේ නම බෂාර්

අලුතෙන්ම රඟපාන්නේ භූතයෙක් හැටියට

ඇය රුවැත්තියක්. සිහින් සිරුර, දීප්තිමත් දෑස මෙන්ම ඕනෑවට එපාවට පීරා ගත් කොණ්ඩය වුවද ඇගේ රුවට ගෙන දෙන්නේ සොඳුරු බවක්. ඒ හැමටම වඩා ඈ වෙතින් දිස්වන්නේ කෙළිලොල් දඟකාර බවක්.
ඈ එකිනෙකා පරයමින් මුදල් සෙවීමත් ජනපි‍්‍රය චරිතයක් වීමේ සිහිනය සැබෑකර ගැනීමත් තම ජීවිතයේ ඒකායන අරමුණ කරගත් තරුණියක්. ඒ අරමුණු ජය ගැනීම උදෙසා මිස තම ජීවිතයේ වටිනාකම් ගැන නොසිතන ඇය නූතන තරුණ පරපුරේ එක් පැතිකඩක් අප දෑස් අභිමුවට ගෙන එයි.
’කැතී’ යැයි කියූ පමණින් බොහෝ දෙනෙක් ඇය හොඳින් හඳුනයි. එපමණට ම ඇය මේ වන විටත් තම නිසග හැකියාවෙන් ප්‍රේක්ෂක අවධානය තමා වෙත රඳවා ගැනීමට සමත් වී සිටී. ‘අමන්දා’ හි දඟකාර, කටකාර කැතී ට පණ පොවන ඇය එතරම් දන්නා හඳුනන කෙනෙක් නොවන නිසාම බොහෝ දෙනෙක් ඇගේ වතගොත විමසනවා. ඒ නිසාමයි අප කැතී සමඟින් කතා බහකට යොමු වුණේ.
ඉස්සරවෙලාම කියන්න කැතී ඔයා කවුද? ඔයාගෙ නම, ගම, පවුලේ විස්තර ගැන...
මගේ නම නදීෂා යාපාගේ. තාත්තා යාපාගේ පියතිස්ස. අම්මා රංජනී වෙල්ගම. මට අයියා කෙනෙක් ඉන්නවා. ඔහු ලෙබනන්වල හොටෙල් මැනේජ්මන්ට් කරනවා. අපි පදිංචිවෙලා ඉන්නෙ කලගෙඩිහේනේ. අම්මයි තාත්තයි අවුරුදු තිහක් පමණ හිටියෙ ලෙබනන්වල. ඉතින් මම ඉපදුණෙත් එහේදි. අධ්‍යාපන කටයුතු කළෙත් ලෙබනන්වලමයි. මට අවුරුදු 15 ක් විතර වෙනකොට අපි ලංකාවට ආවා.
ආ.... තව.. මට ඉන්නවා බලු පැටියෙක්. එයාගෙ නම බෂාර්. මම එයාට කියන්නෙ මල්ලි කියලා.
ඇය වේගවත්ව කතා කරගෙන යනවා. දෑත විහිදමින් හරි අපූරුවට කතා කරන ඇයගෙ දඟකාර බවත් සමගින් ඇති අවිහිංසක බවට මේ කතා ලතාවෙන් නම් බාධාවක් නැහැ.
ඔයා ඉපදිලා හැදුණෙ වැඩුණෙ ලෙබනන්වල උනාට සිංහල හොඳට කතා කරන්න පුළුවන්නේ....
ඔව්, මට සිංහල කතා කරන්න පුළුවන්. එහේදි අම්මයි තාත්තයි අපි එක්ක කතා කළේ සිංහලෙන්. ඒ දෙන්නා හැමදාම පැයක පමණ කාලයක් ඒ වෙනුවෙන් කැප කිරීමේ ප්‍රතිඵලය තමයි මේ...
නදීෂා කොහොමද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවෙ...
මම ගීත සඳහා රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඩයලොග්, කැල්ටෙක්ස්, ගුඩ් ලුක් වැනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. 2010 වසරේ පී‍්‍රමා කොත්තු මී කැලැන්ඩරයට නිරූපිකාවක් ලෙසින් දායක වෙන්නත් පුළුවන්කම ලැබුණා.
ඉන්පස්සෙ ලක්මිණී සහ ලක්රුවන් කියන මගෙ යාලුවො දෙන්නා තමයි අමන්දා ටෙලි නාට්‍යයේ ඉන්ටර්වීව් එකට යන්න මාව පෙළඹුවෙ. එහිදී ලිලන්ත කුමාරසිරි මහතාත්, සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියත් මාව කැතී ගෙ චරිතය සඳහා තෝරා ගත්තා. මේ චරිතයට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
ඔයා ලංකාවට එද්දී මේ රටට යම් තරමක ආගන්තුකයෙක්නෙ... වෙළෙඳ දැන්වීම් රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයට එක්වෙන්නෙ කොහොමද?
මම අධ්‍යාපන කටයුතු අවසන් වුණායින් පස්සෙ රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පිනියක් ලෙසින් අවුරුදු එකහමාරක පමණ කාලයක් කටයුතු කළා. ඇත්තටම රොසෑන් අක්කා මට සහෝදරියක් වගේ. මම මේ ක්ෂේත්‍රයේ මේ තත්ත්වයෙන් ඉන්නෙ ඇය නිසයි.
නදීෂා පුංචි කාලෙත් නටන්න, රඟපාන්න දක්ෂ ඇති කියලයි අපිට හිතෙන්නෙ...
අපෝ නෑ.. මම පුංචි කාලෙ ගොඩක් ලැජ්ජාශීලී චරිතයක්. නටනව, රඟපානව තියා වැඩිය කතා කළෙත් නෑ. මම දැන් ඉන්න තත්ත්වෙට ආවෙ කොහොමද කියල අම්මටයි තාත්තටයිවත් හිතා ගන්න බැහැ. මම ඒ තරමට ම කුළෑටි ළමයෙක්.
මට සංගීතය පැත්තෙන් නම් දක්ෂතා තිබුණා. රංගනය පැත්තෙන් දක්ෂතා තිබුණත් ඒවා එළි දැක්වුණේ නැහැ. ඒ දේවල් දැනගෙන හිටියෙ මං විතරයි.
ඔයාගෙ මුල්ම රංගනයට ලැබෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර මොන වගේද?
මේ දවස්වල මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වයස් බේදයක් නැතිව පුංචි නංගිලා මල්ලිලා වගේම වැඩිහිටි අයත් මගෙ රඟපෑම් ගැන කතා කරන්නෙ සතුටෙන්. බස් එකේ යනකොටත් ගොඩක් අය මාව අඳුනගෙන කතා කරනවා. කවුරුත් මට දැන් කතා කරන්නෙ කැතී කියලා. මේ ප්‍රතිචාරත් එක්ක මම හිතනව මගේ රංගනය සාර්ථකයි කියලා.
කැතී ගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර නිසා මම මේ දවස්වල ඉන්නෙ ගොඩක් සතුටෙන්.
ඔබේ මේ රංගනය දැකලා වෙනත් නිර්මාණවලට ආරාධනා එහෙමත් ලැබෙන්න ඇති...
අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා නම් කීපයක්ම ලැබුණා. ඒත් ඒ හැම චරිතයක්ම කැතීගෙ චරිතයට සමානයි. ඒ හැම චරිතයකම එකාකාරී බවක් තිබුණ නිසා මම ඒ ආරාධනාවන් බාර ගත්තේ නැහැ.
නමුත් ධර්මජිත් පුනර්ජීවගෙ අලුත් චිත්‍රපටයට මට ආරාධනාවක් ලැබුණා. ඒක භූතයකුගේ චරිතයක්. මම විවිධ චරිත රඟපාන්න කැමැතියි. ඒ නිසා එවැනි චරිත කිරීමේ හැකියාවක් මට තිබෙන බව මම විශ්වාස කරනවා.
’අමන්දා’ කණ්ඩායමෙන්, ප්‍රවීණයින්ගෙන් නදීෂට ලැබුණෙ මොනවගේ සහයෝගයක් ද?
අපේ කණ්ඩායම වැඩ කරන්නෙ එකමුතුකමින්. අලුත් නිළියක් හටියට මට අනෙකුත් නළු නිළියන්ගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. රඟපාන්න එද්දි මේ වගේ එකමුතුකමක් දකින්න ලැබේවි කියල මම හිතුවෙ නැහැ. ඇත්තටම මට සතුටුයි, මේ වගේ පිරිසක් එක්ක මගේ මුල්ම රංගනයට දායක වෙන්න ලැබුණෙ මගේ වාසනාවටයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන අපිට කියන්න අකැමැති නෑ නේද?
ඇයි මම අකැමැති වෙන්නෙ. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසින් මගේ දක්ෂතා දියුණු කරගනිමින් ඉදිරියට යන්න කැමැතියි.
මම බටහිර සංගීතය හදාරා තිබෙන නිසා ගිටාර්, පියානෝ, බොංගෝ වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් මට තියෙනවා. ඒ වගේම ගී ගැයීමේ හැකියාවත් තිබෙන නිසා ඉදිරියේ දී ගායිකාවක් ලෙසින් මගේම නිර්මාණ එළිදැක්වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.
මේ රුවැත්තිය රූමත් බවින් මෙන්ම දක්ෂතාවන්ගෙන් ද පිරිපුන් යෞවනියක්. ඔබේ සොඳුරු රුවෙන් මෙන්ම මියුරු හඩින් ද ප්‍රේක්ෂක ජනතාව සනසවන්නට නිබඳවම හැකි වේවායි අපි ඔබට සුබ පතමු.

 

Wednesday, September 29, 2010

පබා මඩ සෝදයි



The United National Party (UNP) has done a lot to the country. That is an accepted fact. There were many party seniors who had sacrificed their time, wealth and even lives for the party. But does the current position the UNP is in, do justice to them, asked Parliamentarian Upeksha Swarnamali.

Upeksha Swarnamali, popularly know as ‘Paba’ and who topped the preference vote list in the Gmapaha district for the UNP convened a media briefing this afternoon to explain her position.

Ms. Swarnamali said that a section of the media had begun a mud slinging campaign against her following her recent decision to support the government. They had stated that her husband had forced her under threat of assault, to support the government’s 18th Amendment to the Constitution.

“That is totally false. I believed that it was a good move for the sake of the country. Even if our leader Ranil Wickremesinghe had been in that position, he too would have done a similar thing,” she added.

Another falsehood spread through the media was to the effect that she had gone to the USA with the Presidential delegation. “That is another diabolical lie like those claiming that I had crossed over for perks and positions from the government”, reiterated Ms. Swarnamali.

She also added that she did not bother about these allegations by certain media. However, when certain sections of the responsible media too had followed suit, she decided to invite the media to explain her position, said the Gampaha District Parliamentarian.

“I wanted to invite the media after I have completed at least some of the work I had planned. But since the mud slinging was becoming severe, I decided to speak to you and explain my position. Please refrain from baseless accusations and safeguard the media’s reputation.

“I could have resorted to legal action as I have ample evidence. I am participating in a reality show and also am involved in several programmes on behalf of the people. So I cannot waste my time and resources. Character assassination is a grave crime. So I request the media to act responsibly,” Ms. Swarnamali urged.

In answer to a question, Ms. Swarnamali said she did not want to cling to politics for a long period. Without spending the six years criticizing each and every move by the government like the other opposition members, she had decided to cooperate with it and serve the people she said



18 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදුන්නේ සිය අවංක විශ්වාසය මත රටේ සුබ සිද්ධිය පිළිබඳව සිතමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි. නමුත් සිය ස්වාමි පුරුෂයාගේ බලපෑම මත හා මුදල්මය ප්‍රතිලාභ මත සිය ඡන්දය භාවිත කළ බවට මාධ්‍යය තුළින් විශාල මඩ ප්‍රහාරයක් එල්ලවන බවට ඇය චෝදනා කරයි.

එමෙන්ම ජනාධිපතිවරයා සමග අමෙරිකා සංචාරයට තමන් එක්වූ බවට ප්‍රචාරයක යන බවටද මඩ ප්‍රචාරයක් පැතිර ගිය බව ඒ මහත්මිය පෙන්වා දුන්නාය. තමන් මුලින් ඒ පිළිබඳව සැලකිලිමත් නොවුන ද මෑතකදී වගකිව යුතු මාධ්‍යය හරහා ද මෙම මඩ ප්‍රහාර එල්ල වන බවද ඇය සඳහන් කරයි.

මෙම ප්‍රකාශ වල දශමයක හෝ සත්‍යයක් නොමැති බව ඇය අවධාරණය කරයි. මාධ්‍යයේ වගකීම හෑල්ලුවකට ලක්නොකරන ලෙස ද ඇය ජන මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියි.

මෑතකදී තම චරිතය ඝාතනය කිරීමට මාධ්‍ය දැරූ උත්සාහය අපරාධයක් බවට උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය චෝදනා කරයි. එමෙන්ම සත්‍යය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ඇය මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කරයි.

දේශපාලනයට නවකයෙක් ලෙස තමන් පක්ෂ දේශපාලනයට පිවිසීමට අකමැති බව ඇය සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට එකඟ වුවද තමන් සිටි තැන පක්ෂ නායකවරයා සිටියේ නම් ඔහු ද තමන් ගත් තීරණයම ගනු ඇති බවට තමන් වෙත දැඩි විශ්වාසයක් පවතින බව එම මහත්මිය ප්‍රකාශ කළේය.

කිසියම් මතයක් වෙනුවෙන් ජීවිත කාලයෙන් කරන කැපවීම සාධාරණ නොවන බව ඇය අවධාරණය කරයි. තමන් වෙත එල්ල වන විවිධ මඩ ප්‍රචාර වල අසත්‍යතාවය පෙන්වා දීම සඳහා අද(27) මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරිය මෙම කරුණු කියා සිටියාය.

Saturday, September 11, 2010

රඟපාන්නත් ඩිල්ෂාන් දක්ෂයි

ක්‍රිකට් ගහන්න විතරක් නෙමෙයි රඟපාන්නත් ඩිල්ෂාන් දක්ෂයි

මේඑන්.සී.සී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. පසුගිය දවසක මේ ක්‍රීඩාංගණය ටිකක් කාර්ය බහුල වුණා. ඒ ජාත්‍යන්තර හෝ මෙරට ක්‍රිකට් තරගයක් නිසා නම් නොවෙයි. ඒත් මෙයත් එක්තරා ක්‍රිකට් තරගයක් කියන එක ඔබට කියන්න ඕන.
ඒ අතර වෙනදා අප දකින ක්‍රිකට් තරුවලට වඩා හාත්පසින්ම වෙනස් තරු කිහිපයක් මෙහි රැඳී හිටියා. පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, අශේන් මංජුල, වසන්ත කුමාරවිල, ඩිලෝන් ජයසිංහ වැනි රංගන ක්ෂේත්‍රයේ තරු කිහිපයක් මේ සඳහා ඇවිත් හිටියා. ඒ අතරට මේනක රාජපක්‍ෂත්, සුපිරි ක්‍රිකට් තරුවක් වන තිලකරත්න ඩිල්ෂානුත් එක්වෙලා. මේ හෝඩුවාව ‘රසඳුන’ අපටත් ලැබුණා.
”ක්‍රිකට් කියන්නේ බැට් කරන එකවත් බෝල දමන එකවත් නෙමෙයි. ඒක සංකීර්ණයි. අද අපි මේ හැම දේම පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕන. මොකද කියන්නේ කට්ටිය සූදානම් නේද?
මෙහෙම කියන්නේ ඩිල්ෂාන්.
අධ්‍යක්‍ෂ සුනෙත් ගෙන් ඩිල්ෂාන්ට උපදෙසක්
මේ සූදානම 1947 දී අපි සුද්දට දුන්න අභියෝගයක් ජයගන්න. මේ අභියෝගය සුද්දට එරෙහිව ක්‍රිකට් තරගයක් තියන්න. හැබැයි මෙය ජයගත්තොත් අපි බදු බර වලින් වගේම වහල් සේවයෙනුත් නිදහස ලබනවා. ඒත් ඒක එතරම් පහසු කාර්යයක් නෙමෙයි.
Ok, cutනියමයි.
මගේ දැහැන බිඳීගියේ ලැබුණු විධානයෙන්. හැමෝම අතට අත දුන්නේ තිලකරත්න ඩිල්ෂාන්ට. ඔහු තමයි මේ අයට ක්‍රිකට් ගහන්න තාක්‍ෂණික විධි පුහුණු කරන්නේ. හැබැයි ඒ වෙනකොටත් අධි ආලෝකධාරා වගේම කැමරාවකුත් එල්ල වෙලා.
ඇයි මේ...?
ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රිකට් වෙනුවෙන් හැදෙන පළමු සිනමාපටයේ රූගත කිරීම් සිදුවුණ එක් දර්ශන තලයක් කොළඹ එන්.සී.සී ක්‍රිකට් ක්‍රීඩාංගණය. මේ එහි සුන්දර දසුනක්. ඒ වගේම ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන තිලකරත්න ඩිල්ෂාන් පළමු වරට රංගනයෙන් එකතුවන සිනමාපටයයි ‘සිංහාවලෝකන’.
”ඇත්තටම පසුගිය දින ටිකේම තුන්කොන් තරගාවලිය නිසා කාර්ය බහුල වෙලා හිටියේ. ඒත් ඒ ජයග්‍රහණයත් සමඟම ටික දවසක විරාමයක් ලැබුණා. ඒ අතරෙදියි සුනෙත්ගෙන් මට මේ ‘සිංහාවලෝකන’ සිනමාපටයට රංගනයෙන් එක්වෙන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම මේ කතාව 1947 ඉතිහාසය දක්වා දිවෙන කතාවක්. අනෙක ක්‍රිකට් වෙනුවෙන් හැදෙන චිත්‍රපටයක්. ඒ නිසා මගේ කැමැත්තකුත් තිබුණා.
ලබන වසරේ ලෝක කුසලානයත් ආරම්භ වෙනවා. ඒ කාලේදියි මෙය තිරගත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලංකාවේ ක්‍රිකට්වලට මෙය ලොකු යහපත් බලපෑමක් වෙයි කියලා මට හිතෙනවා.
මෙය අලුත් අත්දැකීමක්. කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙන්න අපහසුවක් දැනුණේ නැද්ද?
මුලදි ලොකු තිගැස්මක් තිබුණා. මේක භාරගත්තට කරන්න පුළුවන් වෙයිද කියලා. ඒත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට මුහුණ දීලා හිටපු නිසා විශ්වාසයක් තිබුණා. අනෙක මගේ බිරිඳ රංගනයේ නියැළිලා හිටපු කෙනෙක්. (මංජුලා තිළිණි) එයත් උදව් කරා. දැනුත් මෙතෙන්ට ඇවිත් කොහොමද දෙබස් කියන්න ඕන මේක කරන්නේ කොහොමද
‘සිංහාවලෝකන’ සිනමාපටයේ දර්ශනයක්
හැමදේම කියලා දුන්නා. ඉතිං ඒකත් ලොකු ශක්තියක්.
ඔය විදිහට රඟපාන්න ආරාධනා ලැබුණොත් යොමුවෙන්න කැමැතියිද?
ඇත්තටම තවම එහෙම බලාපොරොත්තුවක් නැහැ. දැනට මගේ ලොකුම බලාපොරොත්තුව එළැඹෙන ලෝක කුසලානය. එයට හොඳින් මුහුණ දීලා කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරන්නයි උත්සාහ ගන්නේ. ඒ නිසා වෙන කිසිම දේකට මම හිතයොමු කරන්නේ නැහැ. ඇත්තටම මෙම චිත්‍රපටය වුණත් ක්‍රිකට්වලට සම්බන්ධයි. ඒ නිසයි කැමැති වුණේ.
ඒ වගේම දින දෙකයි රූගත කිරීම් තියෙන්නේ. මගේ ජීවිතේ එක්තරා සුන්දර අත්දැකීමක් මේක. ඉතිං මට මේ අවස්ථාව ලබාදුන්නට ‘සිංහාවලෝකන’ සිනමාපටයේ අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕන.
සුනෙත් මාලිංග ලොකුහේවා සිංහල සිනමාවට එක්වන නවතම සිනමා අධ්‍යක්‍ෂවරයායි.
”මෙය එක්තරා අභියෝගයක් ජයගැනීමක් විදිහටයි මගේ ජීවිතයේ මම මෙම චිත්‍රපටය දකින්නේ. ලංකාවේ බිහිවෙන පළමු ක්‍රිකට් චිත්‍රපටයයි ‘සිංහාවලෝකන’ කියන්නේ. පසුව තවත් ක්‍රිකට් චිත්‍රපට බිහිවෙයි. 2010 ත් 1947 කියන කාලවකවානු දෙකක සිදුවීම් මේ චිත්‍රපටයෙන් මම කතා කරන්නේ.”
”මම මෙහිදි භාවිතා කරන තාක්‍ෂණය පවා අලුත්. එය අපේ රටේ සිනමා ප්‍රේක්‍ෂකයින්ටත් අලුත් අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා. දින හතළිහක් රූගත කිරීම් සිදුවන ‘සිංහාවලෝකන’ සිනමාපටයට ප්‍රවීණ රංගන ශිල්පීන් හා නවක ශිල්පීන් රැසක් මම දායක කරගත්තා. ඒ වගේම තිලකරත්න ඩිල්ෂාන් පළමු වතාවට සිනමාවට රැගෙන එන්නත් මට පුළුවන් වුණා. විශ්වාස කරනවා 2011 ලෝක කුසලාන තරගයත් සමඟ ‘සිංහාවලෝකන’ මිනිසුන් ඉතාම හොඳින් භාරගනී කියලා.”

Tuesday, September 7, 2010

චන්දි රසිකා

සම්මානනීය නිළි චන්දි රසිකා කියයි


ලාංකේය සිනමාවට ආදරය කරන ඔබට මේ සොඳුරු රුව කෙසේවත් මතකයෙන් බැහැරව නොයන්නක්. රිදී තිරයට ඇය සමීප තරමටම ඇය ඔබේ සිත් මඬලට ද සමීපයි.
චන්දි රසිකා, මේ ඉඩ ඇයටයි. ඇයගේ විශිෂ්ටත්වයටයි. චන්දි රසිකා මෙරට සිනමා ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිත රැසක් අමරණීය කළ සම්මානනීය නිළියකි.
චන්දි රසිකා සම්මානනීය වූ මොහොතේ හෙළ නිළි රැජණ ඇයට සුබපැතුම් එක් කරමින්.
මීට දශක තුනකට පමණ පෙර ජෝ මයිකල්ගේ කරාටේ ජෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අප්සරාව ජීවමාන කරමින් රිදී තිරය සුවඳවත් කළ මේ කුසුම ඉන් පසුව රඟපෑ සෑම සිනමාපටයක්ම නොමඳ ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර විය.
අරුණට පෙර සිනමා නිමැවුමේ සිය රංගන ස්ථරය ඉහළම තලයට ගෙන එමින් ඇය එදා කළ රංගනයේ රන් අකුරු පේලිය මෙරට සිනමාව පවතින තාක් කල් නොමැකී පවතිනු ඇත.
ඒ විශිෂ්ටත්වය සම්මානනීය කර ගත් ඈ රිදී තිරයේ රංගන ගමනට සමගාමීව පුංචි තිරයටත් පිවිසියාය.
සඳලු තලේ ගීතිකාව,සන්නාලියනේ, සිහින නිම්නය ඇය රඟපෑ ටෙලි සිතුවම් අතර වේ.
ප්‍රේක්ෂක හදවතට තදින් ආමන්ත්‍රණය කළ ආන්දෝලනාත්මක චරිත ජීවමාන කරමින් රංගනයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් චන්දි රසිකා අද නිහඬ ඇයි?
1985 වසරේ අරුණට පෙර චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය දෝත දරා
ඒ පිළිබඳ අපි චන්දිගෙන්ම විමසා බලමු.
රංගනය කෙරෙහි මගේ සිත ගියේ පුංචි කාලයේදීමයි. ඒ තරමටම රංගනයට මං ආදරය කළා. කරාටේ ජෝ චිත්‍රපටයේ අප්සරාව ජීවමාන කරන්න ලැබීම මගේ රංගන සිහිනය එක්තරා දුරකට සැබෑවීමක්.
යුවතිපති චිත්‍රපටයේ ඩග්ලස් රණසිංහයන් සමඟ.
කරාටේ ජෝගෙන් පසුව මට චිත්‍රපට ගණනාවකට ඇරැයුම් ගලා ආවා. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අමරණීය සිනමා පට වන ඈතින් ඈතට, අනුරාධා, අරුණට පෙර, යුවතිපති, රන්මලීගේ වාසනාව, ඇගේ වෛරයධ්, ධ්ධ් වැනි ඒවාට රංගනයෙන් දායක වෙන්න ලැබීම මා ලද භාග්‍යක්.
සඳලුතලේ ගීතිකාව, සිහින නිම්නය, සන්නාලියනේ, අවන්හල වැනි ටෙලි නාට්‍යවලටත් ඉන් පසුව මා සම්බන්ධ වුණා.
මෑතකදී මං රංගනයෙන් තරමක් දුරස් වෙලා. ඒ දුරස්වීම මත බොහෝ හේතු තිබෙනවා. රංගනයෙන් මාව ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම තුළ මා ලැබුවේ විශාල සතුටක්. ඒත් මං කළ සමහර චරිත වලට මා ලද විවේචන මට දරා ගන්න බැරි වුණා. එබැවිනුයි මං තරමක් නිහඬ වුණේ.
රංගනය සඳහා ලැබෙන ආරාධනා නම් බොහොමයි. ඒ ආරාධනා සියල්ලේම තිබුණේ අම්මගෙ චරිත. මං කැමැති නැහැ මං වගේ තවම තරුණ නිළියක් එවැනි චරිත නිරූපණය කරන්න. මගෙ වයසට ගැළපෙන චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ. ඒක මම බාර ගන්නවා.
තව දෙයක් කියන්න ඕනෑ. මිනිස්සු පිළිකුල් කරන චරිත නිරූපණය කරන්නත් මා කැමැති නැහැ. කෙසේ නමුත් මං විශ්වාස කරනවා නිළියක් විදිහට මං ලැබූ ජනප්‍රියත්වය සහ පිළිගැනීම අදටත් වලංගුයි කියලා. මේ දිනවල මං කාලය ගත කරන්නේ නිවසට වෙලා.
මගේ ගෙදර සුරතල් සතුන් කිහිප දෙනෙකු සිටිනවා. පසුගිය කාලයේ මගේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි මිනිස්සු මට කළ කී දෑ නිසා දැන් මං මිනිස්සුන්ට වැඩිය සමීප සතුන්ට සහ ගහ කොළවලට. ඒ මිනිසුන්ගේ ළඟ නැති කෙළෙහි ගුණ සතුන් ගාව, ගස් කොළන් ළඟ තිබෙන නිසා.
අමරනාත් ජයතිලක මහතා විතරයි අරුණට පෙර චිත්‍රපටයේ මට වෙනස්ම චරිතයක් ලබා දීීලා මාව සම්මානනීය කළේ.
85 වසරේ විශිෂ්ටතම නිළියට හිමි ජනාධිපති සම්මානය ලබා ගැනීමට හැකි වීම මා ලද භාග්‍යයක්. නමුත් අනෙක් සියලුම අධ්‍යක්ෂවරු මාව ඒකාකාරී චරිතවලට කොටු කළා.
මා පෙර පැවසූ පරිදි ආයේ රංගන චාරිකාවේ යෙදෙන්න ආසයි. මාව තවමත් ප්‍රේක්ෂකයන්ට හොඳින්ම මතකයි කියලා මං දන්නවා. කෙසේ නමුත් ආයේ රඟපාන්න එනවා නම් එන්නේ ගැඹුරු චරිතයක් තුළින්. මා විශ්වාස කරනවා මට ආදරය කරන රසික රසිකවන්ට ඒක සුබ ආරංචියක් වේවි.
මේ චන්දිගේ ලිපිනයයි.
35/1 ඒ, පැඟිරිවත්ත පාර,
පළමුවැනි පටුමග, සෝමා තලගල මාවත,
ගංගොඩවිල, නුගේගොඩ.

Sunday, August 22, 2010

අනර්කලී හදිස්සියේ සිහිසුන්වී ඇද වැටී ඇත

මහනුවර දළදා මාලිගාවේ කුඹල් පෙරහැර නරඹමින් සිටියදී අනර්කලී හදිස්සියේ සිහිසුන්වී ඇද වැටී ඇත. මෙම අවස්ථාවේ දී අසල සිටි පිරිසගේ උපකාරයෙන් අසල පිහිටි හෝටලයකට ඇය  රැගෙන ගොස් ඇත. ව්‍යද්‍ය ප්‍රතිකාර වලින් සුවය ලැබූ අනර් නැවත පැමිණ සිටිනු දක්නා ලදී. අනර් මේ දිනවල මාධ්‍යයෙන් ඈත්වී සිටී

Friday, August 20, 2010

නිලන්ති ඩයස් විවාහ ගිවිස ගනි

නිලන්ති ඩයස් පුංචි තිරය හැඩ කළ සැබෑම රුවැත්තියකි. වරෙක රංගනයෙන් ද තවත් වරෙක නර්තනයෙන් ද අප නැලවූ නිලන්ති පසුගිය දා තම ජීවන ගමනේ සොඳුරු සංධිස්ථානයකට පිවිසියාය. ඒ නිරෝෂන් ක්‍රිෂාන්ත ෆොන්සේකා සමඟ විවාහ ගිවිස ගනිමිනි. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජ මැදුරේ පැවැති මේ සොඳුරු චාම් විවාහ ගිවිස ගැනීමේ උළෙල අප ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ ගේ කාචයේ ඇඳුණේ මෙලෙසිනි.
ලබන සතියේ ගල්කිස්ස මහ හෝටලයේදී යුග දිවි ගමන් අරඹන නිලන්තිට සුබ මංගලම්!


සඳ ආදරේ සඳටයි අරඹයි

සහාය අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනා ගත් කීර්ති රත්නායකගේ කුලුඳුල් සිනමා ආගමනයයි සඳ ආදරේ සඳටයි. .එහි මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත් විය.
යොවුන් හදවත් මුසපත් කෙර ෑ ගී රැසක් සහ නවකතා ගණනාවක් රචනා කළ උපාලි බණ්ඩාර වීරසේකරයන්ගේ කතාවෙන්, දෙබස් රචනයෙන් සහ තිර රචනයෙන් ඔපවත් වන සඳ ආදරේ සඳටයි සඳහා විමල් කුමාර් ද කොස්තා, සමන්ති ලැනරෝල්, විශාකා සිරිවර්ධන, සංජුල දිවාරත්න, පූජා පතිරණ, සෝමවීර ගමගේ, මංගල මඩුගල්ල, සංදීප සනරාජ්, දිනූෂ ප්‍රදීප් කුමාර, නිමාෂා ද සිල්වා, කුමාරි සේනාරත්න, හෙලප්‍රිය දර්ශන, මායා සංජීවනී, ස්වර්ණලතා රණසිංහ, චන්ද්‍රිකා දයාංගනී, රන්ජන් ගලගෙදර, සුනෙත් මැල්සිරිපුර, බණ්ඩාර මඩුගල්ල, ප්‍රබුද්ධ සම්පත්, බන්දුල රූපසිංහ, කැළුම් නිරෝෂන්, උපුල් සංජීව, නිශ්ශංක ජයරුවන් සෙසු චරිත සඳහා රංගනයෙන් සඳ ආදරේ සඳටයි එක්වෙති. කැමරාව ප්‍රියන්ත ලලිත්ගෙනි. දිනූෂ ප්‍රදීප් කුමාර සහ අයේෂා මල්කාන්ති සහය අධ්‍යක්ෂවරුන්ය. අංග රචනයෙන් ප්‍රියංග තිලක් රත්නායක එක් වෙයි. ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයා වේ.
නිෂ්පාදන කළමනාකරණයට බණ්ඩාර මඩුගල්ල සහ බන්දුල රූපසිංහ දායක වෙති. ප්‍රවීන් ජයරත්න සංස්කරණ ශිල්පියාය. අශෝක පීරිස්, ශ්‍රීනාත් ලස්සන ජයසේකර සංගීතමය ස්වර රටා මවති. මංගල මඩුගල්ල සහ සංදීප සනරාජ් නිෂ්පාදන බර පැන දරයි.

Monday, August 2, 2010

මම මුහුදට නම් පනින්නේ නෑ. එහෙම වුණොත් එයාලත් පනියි

ජනපි‍්‍රය සිනමාවේ අතිශය ජනපි‍්‍රය තාරකාවක වන ඈ මේ වන විට දේශපාලනය හරහා පොදු ජන මෙහෙවරට ද කැප වී සිටින්නීය. රංගන දිවියේ දී මෙන්ම දේශපාලන ලෝකයේ ද ඇයට මුහුණ දෙන්නට වූ අභියෝගයන් රැසකි. නමුදු කිසිවකින් නොසැලුණු ඈ ජය කණුව කරා ළඟා වූයේ ඒ අභියෝගයන්ට සැබෑ අභියෝගයක් වෙමිනි.
අනර්කලී ආකර්ෂා.....

 එදා රීදී තිරයෙන්, නොඑසේ නම් පුංචි තිරයෙන් පමණක් ප්‍රේක්ෂයා වෙත සමීප වූ අනර්කලී අද සැබැවින්ම ජනතාව අතරට පැමිණ, ඔවුනගේ දුක, සැප බෙදා ගනිමින් දේශපාලන ලෝකයේ ද ඉදිරියටම පිය නඟන්නීය. නිළියක ලෙසින් ඈ ගොඩ නගා ගත් ආකර්ෂණීය ප්‍රතිරූපය ඇගේ ඒ ගමන් මඟට වෙස් වළා ගත් ආශිර්වාදයක් මෙනි.
තවමත් යොවුන් වියේ පසුවන මේ සුරූපිනියට තමන් නිරතව හිඳීනා ක්ෂේත්‍රයන්හි බොහෝ දුරක් යාමට ශක්තියත්, වාසනාවත් නොඅඩුව ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අනර්කලී අප සමග මෙසේ පිළිසඳරේ යෙදෙන්නේ සැබැවින්ම එවැනි අනාගතයක සුබ පෙරනිමිති පහළ කරමිනි.
මුලින් අපි කතා කරමු ඔයාගේ කලා දිවිය ගැන?
මම රඟපෑ මගෝ ඩිගො ඩයි චිත්‍රපටය නැවත ප්‍රර්ශනයට නියමිතයි. මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ චිත්‍රපටයට. පොඩි ළමයි ඒ චරිතයට හුඟක් කැමැති වුණා. ඒ වගේම මගේ “ඉට්ස් අ මැටර් ඔෆ් ලව්”, සහ “කිං හන්තර්”, චිත්‍රපට දෙක තිරගත වෙන්න නියමිතයි. මමත් හුඟක් ආසාවෙන් ඉන්නේ ඒ ෆිල්ම් දෙක රිලීස් වෙනකල්.
ගායිකාවක් වෙන්න යනවා කියලත් ආරංචියි....?
මගේම ගීත අටක් පසුගිය දවස්වල පටිගත කළා. ඒ ගීත අට ඇතුළත් කරලා මේ අවුරුද්දේ අන්තිමට මගේ ඇල්බම් එක අවුට් කරනවා. හිපොප්, ආර් ඇන්ඩ් බී වගේ විවිධ ශෛලීන්වල ගීත එකතුවක් මේක. ආදර ගීතත් තියෙනවා. වැඩි විස්තර දැන්ම කියන්න බෑ. එතකොට අගේ නෑනේ.
වෙන.....වෙන......?
“අනර්කලී ලයිව්” ප්‍රසංගය අවුරුදු හතරක කාලයක් තිස්සේ මම ඉදිරිපත් කරනවා දෙරණ රූපවාහිනියෙන්. දිගටම ඒ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. ටෙලි නාට්‍යය කීපයකටත් කතා කළා. ඒත් කැමැති වුණේ නෑ.
ඇයි....?
වෙනස් චරිත තමයි දැන් මම හොයන්නේ. ඒ කිව්වේ අලුත් චරිත. එක තැනක කොටු නොවී වෙනස් මාවතක් හොයාගෙන යන්න ඕනෑ කියලා මට හිතෙනවා. වයසත් එක්ක අපි රඟපාන චරිතයත් වෙනස් වෙන්න ඕනෑ.
ඇයි අනර්කලී තාම තරුණයි නේ.....?
අපි හැමදාම එහෙම හිතනවා. ඒක තමයි අපේ ගොඩක් නිළියන් ගේ වැරැද්ද. හැමදාම එකම වයසක අපි රැඳීලා ඉන්නේ නැහැ.
දේශපාලනයට ආවට පස්සේ ඔයා ටිකක් වෙනස් විදිහට හිතනවා වගේ....?
දේශපාලනයත් එක්ක මම එහෙම අමුතු චරිතයක් වෙලා නැහැ. ඒත් අපි පරිණත වෙන්න, වෙන්න ජීවිතය ගැන අලුතින් හිතන්න පෙළඹෙනවා. අපි පන්සලකට ගියාම හැසිරෙන්නේ ඒ විදියට, එතකොට උත්සවයකට ගිහින් යාළුවෝ එක්ක ඉන්නේ හරි විනෝදයෙන්.
හැබැයි තව අවුරුදු දහයක්, පහළොවක් ගියත් මේ අනර්කලීම තමයි. මගේ ගති ලක්ෂණ එකයි. දේශපාලනය සදාකාලික නෑ. ඒ වගේම ජනපි‍්‍රයත්වයත් සදාකාලික නෑ. ඒත් මිනිසත්කම කියන්නේ එහෙම වෙනස් නොවන දෙයක්.
දේශපාලනයට වඩා කලාව උතුම් කියලා මතයකුත් අපේ සමාජයේ තියෙනවා. අනර්ට මොකද ඒ ගැන හිතෙන්නේ...?
මම කලා ක්ෂේත්‍රයේ ඉඳලයි දේශපාලනයට ආවේ. දේශපාලනය කියන්නේ වගකිවයුතු දෙයක්. අපට රටක් නැතිව, නීතියක් නැතිව කොහොමද කලාවක් කරන්නේ. කලාවේ ලාලිත්‍ය රැකෙන්නේ රටේ යහ පාලනයක් තිබුණොත් විතරයි.
ඒ නිසා මම නම් හිතන්නේ කලාවට වඩා සැබෑ දේශපාලනය උතුම්. හැබැයි සමහර අය නිසා අද ඒ තත්ත්වය නැතිවෙලා. එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඩී. එස් සේනානායක යුගයේ තිබුණේ උතුම් දේශපාලනයක් කියලා මම අහලා තියෙනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් කියන්නේ දේශපාලනය වැඩක් නෑ කියලයි. මේ සංකල්පය වෙනස් කරන්න මට උවමනා වුණා.
කලා ලෝකයේ දී වඩා ඔයා දේශපාලනයේ දී නොයෙක් අභියෝගවලට මුහුණ දුන්නා....?
ඉස්සර කාලේ නිළියක් වෙනවා කියන්නේ විශාල අභියෝගයක්ලු. නිළිකම තරුණියකට ඔබින දෙයක් නෙවෙයි කියන මතය එදා සමාජයේ මුල් බැසගෙන තිබුණා. ඒත් අද නිළියෝ කොච්චර අපේ රටේ ඉන්නවද....? මම දේශපාලනයට ආවා. ඊට පස්සේ නිළියෝ ඔක්කෝම ආවා. බයවෙන්න එපා මම මුහුදට නම් පනින්නේ නෑ. එහෙම වුණොත් එයාලත් පනියිණේ.
යොවුන් රූමත් නිළියකට දේශපාලනය වගේ ගොරහැඩි විෂයයක් ගැළපෙනවා කියා ඔයා හිතනවද...?
දේශපාලනය ලේසි දෙයක් නෙවේ. මම ඒක දන්නවා. ඒ වගේම දේශපාලනය හැමෝටම හරි යන්නෙත් නැහැ. දේශපාලනයට ආවම තමුන් කියන වචනය පැත්තකට දාලා අනුන් ගැන හිතන්න ඕනෑ. තමන්ගේ මූණ ද, තමගේ නියපොත්ත ද කියලා නෑ. නිළියක් වුණත් දේශපාලනයට එන්න ඕනෑ මේ කැපකිරීම කරන්න බලාගෙන.
අනර්කලීට දේශපාලනය කරන්න තියෙන සුදුසුකම් මොනවද කියලා අහන අයත් නැතිව නෙවෙයි....?
සමහරු මම අහසින් වැටුණ කෙනෙක් කියලා හිතනවා. ඒක වැරදියි. මගේ මුත්තා එඩ්මන්ඩ් සමරක්කොඩි, ලංකාවේ පැරැණිම පක්ෂය වුණ ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් එතුමා.
එතකොට මගේ සීයා තමයි රොබට් එඩ්වඩ් ජයතිලක කියන්නේ. එතුමා බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඇමැති මණ්ඩලයේ හිටපු විදුලි, බලශක්ති හා දුම්රිය ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යවරයෙක්. එයාගේ බිරිඳ ඒ කියන්නේ මගේ ආච්චි එසී සමරක්කොඩි කියන්නේ මේ රටේ නගර සභාවේ ප්‍රථම කාන්තා සභාපතිනිය. ඒ වගේ පවුල් පසුබිමක් එක්කයි මම දේශපාලනයට ආවේ.
ඔයා දේශපාලනයට ආවේ කාගෙවත් වුවමනාවට ද නැතිනම් ඔයාගේ කැමැත්තෙන් ද...?
එක්සත් ජාතික පක්ෂ කාන්තා සමිති සාමාජිකාවන් මුල ඉඳන්ම ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් සිටියා. අපේ පක්ෂය නියෝජනය කරමින් කාන්තාවන් හා යොවුන් පරපුර වෙනුවෙනුයි මම දේශපාලනයට ආවේ. ඒක මමම හිතලා ගත්ත තීරණයක්.
අනර්කලී යන්තං ඇපෙන් බේරුණා කියලා තමයි සමහර අය ඔයාගේ ජයග්‍රහණය ගැන කිව්වේ....?
නැහැ. මට ඡන්ද ලැබුණා. විශේෂයෙන්ම ගාල්ල ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා හොඳ ජයග්‍රහණයක් ලබා දීලා මාව පළාත් සභාවට යවපු එක ගැන. පළාත් සභා ඉතිහාසයේ ලාබාලතම මන්ත්‍රීවරිය විදිහටයි මම ඒ ජයග්‍රහණය ලැබුවේ.
මාත් එක්ක දකුණු පළාත් සභාවට අපේම පක්ෂයෙන් තවත් නිළියෝ ජන්දේ ඉල්ලුවණේ. ඒත් මම තමයි තේරි පත්වුණ එකම නිළිය. මේ වෙලාවේ මට ජන්දය ලබා දුන් අයට වගේම නොදුන් අයටත් මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ අය වෙනුවෙනුන් මට ඉදිරියේදී ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.
අපේ ප්‍රවීණ නිළියන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද....?
මටත් මහ මැතිවරණයට තරග කරන්න තිබුණා. ඒත් මට ඕනෑ වුණේ ඉස්සර වෙලා හරි විදිහට යන්න. පෙර පුහුණුවක් නැතිව පාර්ලිමේන්තුවට යන එක ජනතාවට කරන අසාධාරණයක් කියලා මට හිතෙනවා. මිනිස්සුත් එක්ක වැඩ කරලා, දැනුම වැඩි කරගෙන, එතනට ගියාම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ දැනුම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. තව මට දේශපාලනයේ ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා.
එතකොට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ ප්‍රවීණ නිළියන් ගැන ඔයා මොකද හිතන්නේ....?
ඒක ඒ අයගේ කැමැත්ත. මම හිතනවා ඒ අය හොඳට වැඩ කරගෙන යයි කියලා. මම සුබ පතනවා. දේශපාලනය කියන්නේ හරියට දේශගුණය වගේ දෙයක්. මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපිට ඒවාට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනෑ. අනෙක ඉස්සර වගේ නොවේ දැන් ජනතාව තමන්ගේ හැම දුකක්ම කියන්න පුරුදු වෙලා ඉන්නේ දේශපාලනඥයාට.
ජනතා ප්‍රශ්නවල මුහුණ දෙනවා කියන්නේ දේශපාලනඥයන්ට තිබෙන ලොකුම අභියෝගයක්. ඔයාට ඒ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතනවා ද....?
මම වයසට වඩා අභියෝගවලට මුහුණ දුන්න කෙනෙක්. මුලදී මට කිව්වා රඟපාන්න බෑ කියලා. මේ වෙනකොට මට චිත්‍රපට දහ අටක රඟපාලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ මාව පිළිගත්තා. මට සිංහල කතා කරන්න බෑ කිව්වා. ඒත් රූපවාහිනී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට මම ජනතාව අතර ඉන්නවා. “අනර්කලී ලයිව්” වැඩ සටහන වසර හතරක් තිස්සේ මම කරගෙන යනවා. එතකොට “පැහැබර අහස” වැඩ සටහනත් මිනිස්සු ගොඩක් අගය කරනවා. අභියෝග මාව ගොඩක් ශක්තිමත් කළා.
කොහොමද ඉදිරියට යන්නේ කියන අවබෝධය ලබා දුන්නා. ඔය මඩ මට කිසිම ගාණක් නැහැ. ඒවායින් මාව වට්ටන්නත් බැහැ. අද නෙවේ, ඒ අය මාව වට්ටන්න හැදුවේ පොඩි කාලේ. මම ක්ෂේත්‍රයට ආපු අලුත. ඒත් ඒවා සාර්ථක වුණේ නැහැ. මම දේශපාලනයට ආවේ යොවුන් පරපුරට උදවු කරන්න තියෙන කැමැත්ත නිසා.
නළු, නිළියෝ දේශපාලනයට ආපුවාම ඒකත් තව එක රංගනයක් කියා හිතන අයත් ඉන්නවා?
මගේ දේශපාලනය නම් එහෙම රංගනයක් නෙවේ. “සරසවිය” පුවත්පතට කවදාවත් පාඨකයෝ දොස් කියන්නේ නැහැනේ. එහෙම බනින්නේ ක්ෂේත්‍රයේම උදවිය. ඒ වගේ තමයි ජනතාව මට දොස් කියන්නේ නැහැ. මම රඟපානවා කියලා ඒ අය කියන්නෙත් නැහැ. ක්ෂේත්‍රයේම අය තමයි ඔය වගේ දේවල් කියන්නේ. විශේෂයෙන්ම ගාල්ලේ ජනතාව අද දන්නවා අනර්කලී කොයි වගේ කෙනෙක් ද කියලා.
කලාව, දේශපාලනය කියන දෙකෙන් එකක් තෝරා ගන්න ඔයාට සිදු වුණොත් මොකක්ද ගන්න තීරණය....?
මම කැමැතියි මම උපන් බිමට සේවයක් කරන්න. තව වසර පහක කාලයක් මට පළාත් සභාව තුල ඉන්න තියෙනවා. ඒ කාලයේ මම මුල් තැන දෙන්නේ දේශපාලනයට. හැබැයි තව අවුරුදු දහයකින් ඒ ස්ථාවරය වෙනස් වෙන්න පුළුවන්.
පූජා උමාශංකර් එක්ක රඟපාන්න තියා අතක් උස්සන්නවත් අද ඉන්න නිළියන්ට බෑ කියලා ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් පසුගිය “සරසවිය” ට ප්‍රකාශ කර තිබුණා. අනර්කලීත් අද අපේ සිනමාවේ ජනපි‍්‍රය තාරකාවක්....?
අපි හිතුවොත් කෙනෙක් අපිට අභියෝගයක් කියලා කන්න, බොන්න ගියත්, නිදියන්න ගියත් ඒකම ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. පූජා ද, මධුරි ඩික්සිත් ද කියලා මට වැඩක් නෑ. මගේ දක්ෂතා මිනිස්සු අගය කරලා තියෙනවා. මම ඒ අය වෙනුවෙන් රඟපානවා. මට කැමැති නැතිනම් ප්‍රේක්ෂකයෝ මාව ප්‍රතික්ෂේප කරයි. තාම එහෙම දෙයක් වෙලා නැහැනේ.
කලාවේත්, දේශපාලනයේත් අනර්කලී මේ වෙනකොට බොහෝ දුරක් ඇවිත්. ඒත් පෞද්ගලික ජීවිතයේ ඔයා තාමත් එක තැනක නැවතිලා කියලා හිතෙනවා?
ඒ කිව්වේ...
නැහැ ඔයාගෙම ජිවිතයේ නැවුම් වෙනසක් දැන්ම සිදු වෙන්නේ නැහැ....?
මම හිතනවා ආදරය ගැන හිතන්න කලින් මටම කියලා ස්ථාවරයක් ගොඩ නගා ගත්තොත් හොඳයි කියලා. මම කාගෙන්වත් යැපෙන්න කැමැති නැහැ. ඒක මනසට ගොඩක් සුවදායක දෙයක්. අනෙක මගේ ජීවිතයේ තව ඉටුකර ගත යුතු අරමුණු ගොඩක් තිබෙනවා.
ඒ කියන්නේ ඔයාට දැනට ආදරවන්තයෙක් නැහැ.....
නෝ ලව්..... නෝ ලවර්.... ඇත්තටම මට එහෙම ආදර සම්බන්ධයක් නැහැ. ඒ නිසා ආදරවන්තයෙකුත් නැහැ.

Miss Sri Lanka Final Round

Saturday, July 31, 2010

තනිකඩ ජීවිතය වැඩිය හොඳයි - PABA



තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා

(උපේක්ෂා ස්වර්ණමාලි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණියක,රංගන ශිල්පියක මෙන්ම අද වන විට ක්‍රියාකාරී දේශපාලනයක නියැලෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වෙයි.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.. )



*උපේක්ෂා, දේශපාලන වැඩ කටයුතු නිසා ඔබ කලා කටයුතු වලින් ඈත්වෙලාද?

ටිකක් විතර කලා කටයුත් වලින් ඈත්වෙලා ඉන්නේ.

*ඉදිරියේදී කලාව පැත්තෙන් මොනවගේ වැඩ කටයුතුද යෙදිලා තියෙන්නේ?

මේ දවස් වල මෙගා ස්ටාර් තරගය සහ සිටි ඔෆ් ඩාන්ස් වැඩ සටහන් වලට සහභාගි වෙනවා. ඒ වගේම ඉදිරියේදී අගෝස්තු මාසයේදී අලුත් ‍ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට බලමු.

*ඔබ ඉදිරියේදී ඔබේ වැඩි අවධානය ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ කලා කටයුතු වලටද? එහෙමත් නැත්නම් දේශපාලන වැඩ කටයුතු වලටද?

දේශපාලන වැට කටයුතු වලට. අඩුතරමේ ඉදිරි වසර 5 තුළවත් වැඩි අවධානය දේශපාලනයට යොමුකරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට වගකීම් රාශියක් තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ලොකු කාලයක් වැය කිරීමත් අවශ්‍යයි. කලාවට වැඩි නැඹුරුවක් දුන්නොත් දේශපාලනය වෙනුවෙන් වැයකිරීමට වැඩි කාලයක් නැති වෙන නිසයි මම තරමක් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ.

*ඔබේ වෘත්තීය වැඩ කටයුතු වලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතාකළොත්?

විශාල සහයෝගයක් ලැබෙනවා. ඔහුගේ සහයෝගය නැත්නම් මට මේ වැඩ කටයුතු කරගෙන යන්න වෙන්නේ නෑ. මම දේශපාලනයට පිවිසුනෙත් මගේ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නිසයි. මම එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දුන්නට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මගේ සැමියාගේ ශක්තිය මතයි මම දේශපාලනයට පිවිසුණේ. කලා කටයුතු වලදීත් ඔහු මාව හුඟක් අගය කරනවා.

*උපේක්ෂා, ඒ අතරම ඔබේ ප්‍රේක්ෂකයෝ කැමති වේවි ඔබේ ආදර කතාව ගැනත්, ඒ වගේම ඔබේ සැමියා ගැනත් වැඩි විස්තර දැනගන්න‍?

මගේ මුල්ම ටෙලි නාට්‍යයට ඔහුටත් ආරාධනා ලැබිලා තිබුණා. නමුත් ඔහු කලාව තුළ වැඩ කරගෙන යන පිළිවෙළට ඔහු තරමක් අකමැතියි. කලා කටයුතු කරගෙන යන්න ගොඩක් ඉවසීම තිබිය යුතුයි. ඒ අකමැත්ත නිසා ඔහු අයින් වුණා. මම දිගටම කරගෙන ගියා. අපි මුණ ගැහුණේ එහිදී. ඒ ඇතිවුණ ගැටුම ගැන සාකච්ඡා කරන්නයි අපේ දුක බෙදාගන්නයි පටන්ගත්තම අපි අතර ආදරයක් ගොඩ නැගුණා. දැන් අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා. තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. ප්‍රශ්න නැති ජීවිතයක් කාටවත් නෑ. දුක්බර අවස්ථා වලදී එහෙම හිතෙනවා. නමුත් එය තාවකාලිකයි.

*අපේ සංස්කෘතිය තුළ තිබෙන යම් යම් වටිනාකම් නිසා විවාහය කියන සාධකයත් සමග වෘත්තීය ලෙස ඕනෑම ක්ෂේත්‍රයක නිරතවන කාන්තාවන්ට ඒ වෘත්තීය තුළ යම් සීමා පැනවෙනවා. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර 2ක නිරතවන කාන්තාවක් විදිහට ඔබ මේ දකින්නේ කොහොමද?

මම රංගනයට පිවිසෙන විටත් මම මටම යම් යම් සීමා පනවාගෙන තිබුණා. මගේ ස්වාමි පුරුෂයා නිසා මට ඒ තුළින් ලොකු වෙනසක් වුණේ නෑ‍. අපේ අදහස් ඒ අතින් ගැළපෙනවා. ඔහු මට අවශ්‍ය නිදහස ලබාදුන්නා. මම සීමා පනවාගත්තෙත් මගේ ආත්ම ගරුත්වය ගැන හිතලා.

*සාමාන්‍යයෙන් රංගන ශිල්පිණියක් විදිහට ඔබ කිසියම් චරිතයක් තෝරාගැනීමේදී තෝරාබේරාගැනීමක් කරනවද? එහෙමත් නැත්නම් දර්ශන වලට පෙනීසිටීමේදී හෝ ඇඳුම් විලාසිතා වලදී යම් සීමා පැනවීමක් කරනවද?

එක් අවස්ථාවක මම බටහිර ඇඳුමකින් සැරසිලා එක්තරා ඡායාරූප දර්ශන කිහිපයකට පෙනී සිටියා. ඒ සඳහා මට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා මම තීරණය කළා මම නැවත එවැනි අපේ සංස්කෘතියට පටහැනි දර්ශන වලට පෙනීසිටින්නේ නෑ කියලා. විනයක් ඇතිව මම මේ වෘත්තිය කළොත් මට සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. විනයක් නැති දේවල් කරලා මට තිබුණ ආදරය අහිමි කරගන්න, ආත්ම ගරුත්වයට හානියක් කරගන්න තිබුණ අකමැත්ත නිසයි මම එවැනි සීමාවක් පනවා ගත්තේ.

*උපේක්ෂා, ක්ෂේත්‍ර 2ක නියැලෙන කෙනෙක් විදිහට විවේක කාලයක් හොයාගන්න එක නම් ටිකක් අමාරු ඇති. නමුත් ඔබට යම් විවේක කාලයක් ලැබුණොත් ඔබ ඒ විවේකය ගතකරන්න කැමති මොන විදිහටද?

සැහැල්ලුවෙන් ගෙදරට වෙලා ඉන්න කැමතියි. ගෙදර තරම් දිව්‍ය ලෝකයක් මේ ලොකේ කොහේවත් නෑ.

*දේශපාලනය වගේම කලාව කියන ක්ෂේත්‍ර 2 ක තුළින් ඔබ හිතන විදිහට ඔබට වැඩිපුර ජනතාව අතරට යාමේ අවස්ථාව ලැබුණේ මොන ක්ෂේත්‍රය හරහාද?

කලා ක්ෂේත්‍රයෙන්. දේශපාලනයේදී ආදරයක් දිනාගන්න අමාරුයි. කලා ක්ෂේත්‍රය තුළ පමණයි මම හිතන විදිහට ඒ ආදරය දිනාගන්න පුළුවන්.

*උපේක්ෂා, අනිවාර්යයෙන්ම ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයකින් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලබාගන්නා පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ කටකතා වලට ලක්වීමට සිදුවෙනවා. කාන්තා පාර්ශවයට ඒ තත්ත්වය තරමක් වැඩියි. කටකතා සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේද?

කටකතා හැදිලා තියෙනවා. සමහර දේවල් අමූලික බොරු. සමහර දේවල් වල යම් තාක් ඇත්ත තිබුණත් පුංචි දේවල් ලොකු කරලා පෙන්නනවා. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. මුල් කාලේ හුඟක් සැලුණා. දුක් වුණා. පසුව ඒ දේවල් වල තාවකාලික බව තේරුණා. දේශපාලනය තුළ ඒ තත්ත්වය දරුණුයි. ඒ සඳහා ඔරොත්තු දීමට පුරුදු වෙනවා.

*කලාව හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර තුළ රැඳිසිටීම තුළින් ඔබ ඉටුකරගැනීමට බලාපොරොත්තුවන අරමුණු මොනවගේද?

දේශපාලනය බලාපොරොත්තුව නම් ළමා හා කාන්තා පාර්ශවය පැත්තෙන් හැකි උපරිමය කරන්න. කලාව පැත්තෙන් නම් හොඳ නිර්මාණයක් කළොත් ඊට උපරිම සාධාරණය කිරීමයි බලාපොරොත්තුව.

HARD TALK *ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක රංගන ශිල්පිණියක් විදිහට ද නැතිනම් දේශපාලන ක්‍රියාකාරිණියක් විදිහටද?

රංගන ශිල්පිණියක්.

*ජ්‍යොතිෂය විශ්වාස කරනවද?

නැහැ.

*යම් අවස්ථාවක ඔබේ සැමියා ඉල්ලීමක් කළොත් රංගනය හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර 2න් එක් ක්ෂේත්‍රයක් අතහරින්න කියලා. ඔබ අතහරින්නේ කුමන ක්ෂේත්‍රයද?

කලා ක්ෂේත්‍රය.

*රංගන ශිල්පිණියක් ලෙස ඔබ බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද? ජනප්‍රියත්වයද?

ජනප්‍රියත්වය.

*රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? හැකියාවද?

හැකියාව.

*ඔබ හිතන විදිහට ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?

ඔව්.

Thursday, July 29, 2010

Samanali's Wedding

සමනලී - ගයාන් දෙපළට සුබ මංගලම්



ඇය පුංචි තිරය වර්ණවත් කළ කටකාර, දඟකාර , සුරූපී සමනලී ය. ඔහු ද පුංචි තිරය ඉතා ම සීරුවට ආක්‍රමණය කළ ගයාන් ලක්‌රුවන් ය.
මීට වසර හතරකට පමණ ඉහත දී එක ම දර්ශන තලයක දී එක ම ටෙලි නාට්‍ය කැමරාවක්‌ ඉදිරියේ රූපගත කිරීම්වලට එකතු වූ මොවුන් සංසාර ගමනේ එක්‌වන්නට පතාගෙන ආ දෙදෙනෙකු බව කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
පසුගිය 21 වෙනි බදාදා සොඳුරු රාත්‍රියේ ඔවුන්ගේ සිහින සැබෑ කරමින් පෝරු මස්‌තකය මත්තේදී දෑතට දෑත බැදෙමින් අතපැන් වක්‌කරමින් නව දිවියක සොඳුරු මොහොත උදා විය.
මේ සමනලී ෆොන්සේකා නම් යොවුන් රංගන ශිල්පිනිය සමග නවලිය සතුට බෙදාගත් මොහොත යි.

සමනලි කොහොමද ජීවිතය...
බොහොම සුන්දර යි. පසුගිය දවස්‌වල මගේ විවාහ උත්සවය සඳහා කාර්යබහුල වුණා.

විවාහය කවදා, කොහේද පැවැත්වුණේ...
මගේ විවාහ උත්සවය පැවැත් වුණේ ජුලි 21 වෙනිදා රාත්‍රියේ කොළඹ "රමාඩා" හෝටලයේ.

විවාහ උත්සවය ගැන විස්‌තර කිව්වොත්...
මම පළමු දිනයේ සැරසුණේ පහතරට මනාලියක්‌ විදිහට. මගේ සාරිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ සරීටා ආයතනය. මාව හැඩගැන්වූයේ සමන්ත ප්‍රනාන්දු මහතා. මල් සැරසිලි සහ පෝරුව මල්ෂාන් ෆොaලෝරා ආයතනය. කේක්‌ නිර්මාණය කළේa ආර්.එල් ක්‌ලෙමන්ට්‌ මහතා.
මෙහි තිබුණ විශේෂත්වය තමයි මගේ මංගල ඡායාරූපය කළේa මගේ තාත්තා, ආනන්ද ෆොන්සේකා. ඊට අමතරව අනෙකුත් ඡායාරූප චිත්‍රාල් අමරසිsරි මහතා විසින් කළා.
මුළු විවාහ උත්සවය ම සුදු වර්ණය සහ සමනලුන් ගේ තේමාවට අනුවයි කරලා තිබුණේ. මල් කුමර කුමරියන් සහ දෙවන මනමාලියන් සහ මනාලයන් ඇතුලු කණ්‌ඩායමට දාහතර දෙනෙක්‌ හිටියා. එයාලා සියලුදෙනා ම සැරසුණේ සුදු පැහැයෙන් සහ පැස්‌ටල් ෂෙඩ් වර්ණය මිශ්‍ර වූ ඇඳුම් වලින්. දෙවනි දවස තිබුණේ 24 වෙනිදා. ගයන්ලගේ ගෙදර. එදා මම සැරසුණේa උඩරට මනාලියක්‌ විදිහටයි. කලා කේෂත්‍රයේ මගේ හිතවතුන් වෙනුවෙන් අපේ නිවසේ සාදයක්‌ 31 වෙනිදා තියෙනවා. ඒකට කේක්‌ නිර්මාණය කරන්නේ ලංකා චන්දි කියන ශිල්පිනිය

කොහොමද ගයාන්ව හමුවුණේ
ගයාන්ව හමුවුණේ රඟපාන්න ගිහිල්ලා. අපි දෙන්නා දැන හඳුනගෙන වසර හතරක්‌ පමණ වෙනවා.

සමනලීගේ පවුලේ අයගෙන් මොනවගේ සහයෝගයක්‌ ද විවාහයට ලැබුණේ.
මම මගේ විවාහය සඳහා මාසයකට කලියෙනු යි ලංකාවට ආවේ. මම හිටියේ ඔස්‌ටේ්‍රලියාවේ. මගේ අධ්‍යාපන කටයුතුවලට ගිහිල්ලා.
විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, මගේ අයියලා දෙන්නා වගේ ම නෑනලා මගේ වැඩවලට උදව් කළා. ඒ වගේ ම මගේ යහළුවන්, කලා ක්‍ෂේත්‍රයේ මගේ හිතවතුන් විශේෂයෙන් මගේ නැන්දා මාලනී ෆොන්සේකා ගොඩක්‌ උදව් කළා. මගේ මංගල සාරිය තෝරා ගන්නත් නැන්ද යි, සමන්ත යි තමයි මට උදව් කළේa. නැකැත් කියන්න මුලින් ම අපි බුලත් දුන්නෙත් නැන්දට. ඊට අමතරව පවුලේ අනෙක්‌ නෑදෑයන් සියලු දෙනාම පුළුවන් විදිහට මට උදව් කළා.

විවාහයෙන් පස්‌සෙත් රඟපානව ද?
ඔව්.. ගයාන් කැමතියි මම දිගට ම රඟපානවට. මම රංගනයෙන් ඉවත් වෙන්න හිතුවත් ගයාන් ඒකට අකමැති වෙන බව මම දන්නවා.

සමනලී නැවතත් ඔස්‌ටේ්‍රලියාවට යනව ද?
ඔව්... අපි දෙන්න ම තව මාසයකින් විතර ඔස්‌ටේ්‍රලියාවට යනවා. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවත ලංකාවට එන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.

Saturday, July 10, 2010

තනිකඩ දිවියෙන් සමුගන්නවා

සමනලී ෆොන්සේකා

පරම්පරාවෙන් ම කලා ක්ෂේත්‍රයට උරුමකම් කියන්නට පියඹා ආ සමනළියක් ලෙස ඇය හැඳින්වූවාට වරදක් නැත. සමනලි ෆොන්සේකා, නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇගේ යොවුන් ජීවිතේ සොඳුරුතම පැතුමක් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සමනලී මේ දිනවල මෙරටට පැමිණ සිටියි. ඒ නිසා ම ඇය තරමක් කාර්යබහුලයි. ඇගේ දිවියේ සිදුවන මේ සුවිශේෂී වෙනස්වීමත් ඇගේ නවතම රංගන හා කලා තොරතුරු පිළිබඳවත් කතාබහ කරන්නට මෙවර ‘රසඳුන’ සතුටු සාමීචිය ඉඩකඩ වෙන් කළා.

ඉතිං... සමනලී හදිස්සියේම ලංකාවට ඇවිත් මේ දවස්වල මොකද කරන්නේ?

මම ලංකාවට ඇවිත් දැනට මාසයක් විතර වෙනවා. මට පැවැරී තිබෙන වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල තරමක් කාර්ය බහුලයි.

ඔබ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙන් පසුව නව සිනමා නිර්මාණයකින් තවම අප දුටුවේ නැහැ. ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තර ඇගැයීමට ලක්වීම පිළිබඳව ඔබ තුළ ඇත්තේ මොනවගේ හැඟීමක් ද?

‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තරව සම්මානයට පාත්‍රවන මොහොතේ මම හිටියේ ලංකාවේ. ඒ නිසා එහිදී අපට ලැබුණු ඇගැයීම් ප්‍රතිචාරවල සතුට විඳගන්න මට අවස්ථාව උදා වුණා.

‘ආකාස කුසුම්’ හි ඔබේ චරිතය ‘බන්ටි’ මේ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?

‘බන්ටි’ කියන්නේ රැඩිකල් චරිතයක්. ලෝකෙ දිහා පිරිමි ඇසින් බලන කෙනෙක් ඇය. එය ඇය මවාගත්ත දෙයක්. නමුත් ඇය ඇතුළාන්තයෙන් සානුකම්පිත හැඟීම් තිබෙන, මානුෂිකත්වය ඉහ වහා ගිය කෙනෙක්. මම හිතනවා, එහි අධ්‍යක්ෂකවරයා මගේ රඟපෑම් ගැන සෑහීමකට පත්වුණා කියා. ඒ චරිතය ගැන මම තෘප්තිමත්.

ඔබේ නැන්දනිය, හෙළ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මිය අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනවා. ඇය දේශපාලනයට පිවිසීම ගැන ඔබ සතුටු ද?

ඇය දේශපාලනයට පිවිසීම ගැන සතුටක් තිබුණත් මම වඩාත් ම කැමැති මාලිනී ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට. ඇය දේශපාලනයට පිවිසෙනවාට මගේ වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. මම නිරතුරුව ම ඇයට කිව්වේ, දේශපාලනයට අවතීර්ණ වෙන්න එපා කියලයි.

මීට පෙර දේශපාලනයට ආ කලාකරුවන්ට සිදුවුණු දේ මම දැකලා තියෙනවා. අනෙක ඇය වැනි අග්‍රගණ්‍ය නිළියකට මිනිසුන් ආදරය, ගෞරව කළේ කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරවයි. කොහොම වුණත් මගේ නැන්දා මේ දක්වා රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයේ ආ ගමන් මඟ දිහා බලපුවාම ඇය ඇගේ නාමයටත් ජීවිතයටත් හානියක් නොකරගෙන දේශපාලන කටයුතු කරයි කියා විශ්වාසයක් මා සිත තුළ තිබෙනවා.

ඔබේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මොනවගේ ද?

තවම නම් එයින් ගත වුණේ එක අවුරුද්දක් පමණයි. මම ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඉන්පසු වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. එහිදී මම පළමු අවුරුද්දේ දී ‘Salon Management’ පිළිබඳව හැදෑරුවා. දෙවන අවුරුද්දේ දී බොහෝ දුරට ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ලංකාවට ආවේ විශේෂ හේතුවක් නිසා නේද?

ඔව්. මගේ විවාහය සඳහායි. මේ දවස්වල වැඩිපුර වෙහෙසෙන්නේත් මගේ කාලය යොදවන්නේත් විවාහ මංගල උත්සවයේ වැඩකටයුතු සඳහායි. මේ මාසෙ මගේ විවාහය සිදුවෙන්න නියමිතයි.

ඔබේ අතගන්න මනාලයාගේ තොරතුරු මොනවද?

ඔහු ගයාන් ලක්රුවන්. ඔහුත් වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. දැනට ඒ ඇති.

ගයාන්ව ඔබට මුණගැසුණේ කොහොමද?

ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලදී තමයි මම ඔහු දැන හඳුනාගත්තේ. ඉන්පසු අපි දෙදෙනා හොඳම යහළුවන් බවට පත් වුණා. ඒ ආශ්‍රය දුරදිග ගියා. අපි දෙන්නාගේ අදහස් හොඳින් ගැලපෙන බව පෙනුණා. මේ නිසා අපි දෙන්නා පෙම්වතුන් ලෙසත් පසුව මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව විවාහ වෙන්න තීරණය කළා.

ඔබ සරසවි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වූ දක්ෂ නිළියක්. විවාහයත් සමඟ කලාවෙන් ඈත් වෙයිද?

එහෙම වෙන්නෙ නැහැ. මොකද ගයාන් මගේ කලා කටයුතුවලට උපරිමව සහයෝගය ලබා දෙනවා. එයා දන්නවා මම රංගන කටයුතු තෝරා බේරාගෙන සිදුකරන බව.

ඔබ ගයාන් ගෙන් දකින විශේෂ ගතිගුණ මොනවාද?

ගයාන් කියන්නේ හරිම ස්වාධීන මනුෂ්‍යයෙක්. ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක්. ඒ ගතිගුණවලට මම විශේෂයෙන් කැමැතියි.

ඔබගේ විවාහයෙන් පසුව නැවත විදේශගත වෙනවාද?

ඔව්. මගේ ඉතිරි අධ්‍යාපනික කටයුතු නිම කරන්න අවශ්‍ය නිසා අපි දෙදෙනාම විදේශ ගත වෙනවා.

ඔබ දෙපළ දීර්ඝ කාලීනව ම ඕස්ට්‍රේලියාවේ ම පදිංචි වේවිද?

විදේශ ගත වුණත් එහි පදිංචි වෙන අදහසක් අපේ සිත්වල නැහැ. අපි යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන නැවත ලංකාවේ පදිංචියට ඇවිත් මෙහි කලා කටයුතු වලට දායක වෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ.