Pages

Showing posts with label Athula Adikari. Show all posts
Showing posts with label Athula Adikari. Show all posts

Friday, September 23, 2011

අතුල, අමායාගේ මෙහෙකරු ද? හිමිකරු ද?


ජනපි‍‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ මිතුරුව සිටින මෝස්තර නිරූපිකාවක් වන අමායාගේ මෙහෙකරුවා බවට පත්ව ඇතැයි වාර්තා වේ. අමායා යන සෑම මෝස්තර නිරූපන සංදර්ශනයක් සඳහාම එක්වන අතුල ඇය එනතුරු සංදර්ශන වේදිකාවේ පිටුපසට වී බලා සිටිනු දක්නට ලැබීම මේ දිනවල සුලබ දර්ශනයක්වී ඇතැයිපැවසේ.

අතුල, ඇය එනතුරු ඇගේ හෑන්ඩ් බෑගය, ජංගම දුරකතනය ඇතුළු අමායාගේ වටිනාකියන දේ ප‍්‍රවේසම්කර දෙන බවවාර්තා වේ

මේවන විට මොවුන් දෙදෙනා නුගේගොඩ ප‍‍්‍රදේශයේ නිවහනක පදිංදිව සිටින බවත් පැවසේ.

කෙසේවුවද අතුල හා අමායාගේ පෙම් හබය ක්‍ෂේත‍‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවේ.

ක්‍ෂේත‍‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ද ‘පොඩි සමිතා’ ලෙස බවපැවසේ.

කෙසේවුවද අතුල විවාහකයෙකුවීම මේ සම්බන්ධයට එතරම් බාධාවක් නැතැයි ද වාර්තා වේ.

අතුල අධිකාරී විවාහ වූයේ ජනපි‍‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.

ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී හමාරය.

සමිතා එක්සත් ජාතික පක්‍ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍‍්‍රසිද්ධ රහසකි.

අදාළ ඇමතිවරයා මන්තී‍‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමත් සමඟ අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.

වසර 1966 දී උපත ලද අධිකාරි මුදියන්සේලාගේ පුබුදු අතුල අධිකාරී සංගිත පවුලකින් ක්‍ෂේත‍‍්‍රයට පැමිණි අයෙකි.

පියානෝ වාදකයකු ලෙස පාසල් කාලයේ සිටම ජනපි‍‍්‍රයත්වයට පත් ඔහු මුල්න්ම කණ්ඩායම් සංගීතයට එක්වූයේ 1981 වසරේදීය.

වයස අවුරුදු 15වේදී අතුල, නීල් වර්ණකුලසූරියගේ ‘සන්ෆලවර්’ සංගීත කණ්ඩායමට කී බෝඞ් වාදකයකු ලෙස එක් විය.

සන්ෆලර් සිය පළමු සංගීත පටය පටිගතකරනු ලැබුවේ 1986 වසරේදී වන අතර, එය ඉතා ජනපි‍‍්‍රයත්වයට පත් විය.

එහිදී ඔහුගේ ගීත හැකියාව උරගා නොබැලූ අතුල සිය පළමු කැසට් පටය නිකුත් කරනු ලැබුවේ 1988 වසරේදීය.

අතුලගේ එම කැසට් පටයේ ගීත 12 අතරින් ගීත 6 ක්ම ජනපි‍‍්‍රයත්වයට පත් විය.

අතුලට සමිතා මුළින්ම මුණගැසුනේ 1988 වසරේදී ජනාකලා කේන්‍ද්‍රයේදීය.

දිගු කලක පේ‍‍්‍රම සම්බන්ධයෙකින් පසුව ඔවුන් යුග දිවියට එළඹියේය.

පසුව මෑතකදී අතුල සංගීත ක්‍ෂේත‍‍්‍රයේ කතාබහට ලක්වූයේ දෙරණ නාලිකාවේ ඩී‍්‍රම් ස්ටාර් වැඩසටහනට සංගීතය සැපයීම හරහාය.

Thursday, August 11, 2011

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ සමීපව ඇසුරු කළ මෝස්තර නිරූපිකාවක් වන අමායා, ‘රැන්ඩි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන මෝස්තර නිරූපන ශිල්පියකු සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.
‘රැන්ඩි’ පසුගිය පෙබරවාරි මාසයේ වොටර්ස් එජ් හි පැවැති ශරීර සුවතා තරගාවලියකදී ‘මිස්ටර් පර්ෆෙක්ට්’ ලෙස සම්මාන දිනා ඇතැයි ද පැවසේ.

කෙසේවුවද අතුල හා අමායා දෙදෙනා පසුගිය කාලයේදී නුගේගොඩ ප‍්‍රදේශයේ නිවහනක එකට පදිංචිව සිටි බවද මේ අතර වාර්තා වේ.

අතුල හා අමායාගේ පෙම් හබය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවුනත් ඔවුන් ළඟදී විවාහ වීමට යන බවට ඉකුත් කාලයේ රාවයක් ද පැතිරී තිබිණි.

මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් පුරා තිබූ එකක් වන අතර, ක්ෂේත‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ‘පොඩි සමිතා’ ලෙස බවද පැවසේ.

අතුල අධිකාරී විවාහවී සිටින්නේ ජනපි‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.

ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී තිබේ.

සමිතා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

අදාළ ඇමතිවරයා මන්තී‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමෙන් පසුව අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.