Pages

Thursday, September 29, 2011

නිරෝෂා යළි දික්කසාද වෙන්න යයි ?

ජනප‍්‍රිය ගායිකා නිරෝෂා විරාජිණී සිය තෙවැනි විවාහයේ සැමියා වන දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජගෙන්දික්කසාදවීමට යන බවට පසුගිය කාලයේදී රාවයක් පැතීරී තිබිණි.
 
මේ පිළිබඳව ‘ශී‍්‍ර ලංකා මිරර්’ නිරෝෂා විරාජිනී මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කාලයෙන් කාලයට ඔය වැනි කතා පැතිර යන බවත්, එහි කිසිදු ෂත්‍යතාවයක් නොමැති බවයි.

තමා හා යසන්ත අතර කිසිදු ගැටුමක් නැතැයිඇය කීවාය.

නිරෝෂා තෙවැනිවරට විවාහවූයේ 2009 වසරේ ජුලි මාසයේදීය.

ඇගේ විවාහ උත්සවය  කොළඹ ගලදාරී හෝටලයේ දී පැවැත් විණි.

ඇය මීට පෙර විවාහවී සිටියේ යුදහමුදා කපිතාන්වරයෙකු වන නලින්ද සම්පත් සමඟය.

ඔවුන් දික්කසාද වූයේ 2005 වසරේදීය.

ඔහු වර්තමානයේ රජයේ පුවත්පත් ආයතනය වන ලේක්හවුස් ආයතනයේ ප‍්‍රවාහන කලමනාකරු ලෙස කටයුතු කරනු ලබයි.
 
 Nirosha Virajini, Votes:11, Hits:610[Nirosha.jpg] Nirosha Virajini, Votes:4, Hits:939 Nirosha Virajini's Wedding Photos, Votes:4, Hits:414[NIROSHA+VIRAJINI.jpg]
 

Friday, September 23, 2011

අතුල, අමායාගේ මෙහෙකරු ද? හිමිකරු ද?


ජනපි‍‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ මිතුරුව සිටින මෝස්තර නිරූපිකාවක් වන අමායාගේ මෙහෙකරුවා බවට පත්ව ඇතැයි වාර්තා වේ. අමායා යන සෑම මෝස්තර නිරූපන සංදර්ශනයක් සඳහාම එක්වන අතුල ඇය එනතුරු සංදර්ශන වේදිකාවේ පිටුපසට වී බලා සිටිනු දක්නට ලැබීම මේ දිනවල සුලබ දර්ශනයක්වී ඇතැයිපැවසේ.

අතුල, ඇය එනතුරු ඇගේ හෑන්ඩ් බෑගය, ජංගම දුරකතනය ඇතුළු අමායාගේ වටිනාකියන දේ ප‍්‍රවේසම්කර දෙන බවවාර්තා වේ

මේවන විට මොවුන් දෙදෙනා නුගේගොඩ ප‍‍්‍රදේශයේ නිවහනක පදිංදිව සිටින බවත් පැවසේ.

කෙසේවුවද අතුල හා අමායාගේ පෙම් හබය ක්‍ෂේත‍‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවේ.

ක්‍ෂේත‍‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ද ‘පොඩි සමිතා’ ලෙස බවපැවසේ.

කෙසේවුවද අතුල විවාහකයෙකුවීම මේ සම්බන්ධයට එතරම් බාධාවක් නැතැයි ද වාර්තා වේ.

අතුල අධිකාරී විවාහ වූයේ ජනපි‍‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.

ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී හමාරය.

සමිතා එක්සත් ජාතික පක්‍ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍‍්‍රසිද්ධ රහසකි.

අදාළ ඇමතිවරයා මන්තී‍‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමත් සමඟ අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.

වසර 1966 දී උපත ලද අධිකාරි මුදියන්සේලාගේ පුබුදු අතුල අධිකාරී සංගිත පවුලකින් ක්‍ෂේත‍‍්‍රයට පැමිණි අයෙකි.

පියානෝ වාදකයකු ලෙස පාසල් කාලයේ සිටම ජනපි‍‍්‍රයත්වයට පත් ඔහු මුල්න්ම කණ්ඩායම් සංගීතයට එක්වූයේ 1981 වසරේදීය.

වයස අවුරුදු 15වේදී අතුල, නීල් වර්ණකුලසූරියගේ ‘සන්ෆලවර්’ සංගීත කණ්ඩායමට කී බෝඞ් වාදකයකු ලෙස එක් විය.

සන්ෆලර් සිය පළමු සංගීත පටය පටිගතකරනු ලැබුවේ 1986 වසරේදී වන අතර, එය ඉතා ජනපි‍‍්‍රයත්වයට පත් විය.

එහිදී ඔහුගේ ගීත හැකියාව උරගා නොබැලූ අතුල සිය පළමු කැසට් පටය නිකුත් කරනු ලැබුවේ 1988 වසරේදීය.

අතුලගේ එම කැසට් පටයේ ගීත 12 අතරින් ගීත 6 ක්ම ජනපි‍‍්‍රයත්වයට පත් විය.

අතුලට සමිතා මුළින්ම මුණගැසුනේ 1988 වසරේදී ජනාකලා කේන්‍ද්‍රයේදීය.

දිගු කලක පේ‍‍්‍රම සම්බන්ධයෙකින් පසුව ඔවුන් යුග දිවියට එළඹියේය.

පසුව මෑතකදී අතුල සංගීත ක්‍ෂේත‍‍්‍රයේ කතාබහට ලක්වූයේ දෙරණ නාලිකාවේ ඩී‍්‍රම් ස්ටාර් වැඩසටහනට සංගීතය සැපයීම හරහාය.

Wednesday, September 21, 2011

අනර්කලීගෙන් මුතුහෙට්ටිගමට මන්න පහරක්!

පසුගිදිනවල ආන්දෝලනයට තුඩු දුන් ක්‍රියා සිදුකල දකුණු පළාත් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සිටියේ සිය නිවාස බලා යමින්ය.

ඒ යන අතරතුර කලක් ඔහුගේ ප්‍රතිවාදියෙකුව සිටින දකුණු පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා පාර අයිනේ කිසියම් කටයුත්තක නිරතව සිටිනු දක්නට ලැබුණි.

මුතුහෙට්ටිගම වාහනය නවත්වා අනර්කලී ලඟට කිට්ටු වුවද සිදු වුයේ කිසිවෙක් නොසිතු පරිදි අනර්කලී මන්න පිහියක් රැගෙන මුතුහෙට්ටිවෙත කඩා පැනීමයි.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මැදිහත්වී අනර්කලී අල්ලා නොගත්තානම් මුතුහෙට්ටිගමට අනර්ගෙන් මන්නා පහරක් ලැබෙනු ඇත.

සැබවින්ම මේ සිදුවීම සිදු වුයේ කැමරාවක් ඉදිරිපිට නිශාන්ත මුතුහෙට්ටිගම නළුවෙකු බවටද පත්කරමිනි.එම චිත්‍රපටය නොවැම්බර් මස තිරගතවීමට නියමිතය.


මුතුහෙට්ටිගමනම් ඒ පිලිබඳ පවසන්නේ මෙවන් කතාවකි.

"මේක අහම්බෙන් උනේ.මම ගෙදර යනකොට දැක්ක ෆිල්ම් එකක් ෂුට් කරනවා.මම වාහනෙන් බැහැල ගියා එක බලන්න.


එකේ ඩිරෙක්ටර් කිව්වා පොඩි සින් එකක් රඟපාන්න කියල.එච්චරයි.

Friday, September 16, 2011

ජැකලීන් යුග දිවියට

ජැකලීන් ලබන වසරේ යුග දිවියට


ශී‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍්‍රය බොලිවුඞ් නිලි ජැකලින් ෆර්නැන්ඩස් ලබන අපේ‍්‍රල් මාසයේදී විවාහවීමට යන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඇයව විවාහකර ගැනීමට සැරසෙන්නේ බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සජීඩ් ඛාන්ව බවපැවසේ.

ජැකලීන් රංගනයෙන් දායක වන කි‍්‍රෂ් - 2 චිත‍්‍රපටයේ රූගත කිරීම් අවසන්වූ වහාම මේ විවාහය සිදුවීමට නියමිත බවමේ අතර වාර්තා වේ.

හවුස් ෆුල් - 2 චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරවාරයේදී සජීඩ් පැකලීන් හා පෙමින් වෙලී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ විවාහයට ජැකලින්ගේ දෙමාපිය ආශිර්වාදයමේ වන විට ලැබී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

මේ දිනවල තිරගත වන චිත‍්‍රපටියක් වන මර්ඩර් 2 තුළින් ජැකලීන් බොලිවුඩය තුළ ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.

කෙසේවුවද ඇය මර්ඩර් 3 සඳහා තෝරාගෙන නැතැයිබොලිවුඕ පුරයෙන් වාර්තා වේ.

මර්ඩර් චිත‍්‍රපට නිෂ්පාදනය කළ භාත් සොහොයුරන් ජේම්ස් බොන්ඩ් සිනමා පෙළේ මෙන් මර්ඩර් චිත‍්‍රපටි පෙළේ සෑම චිත‍්‍රපටියක් සඳහාවෙනස් නිළියක් යොදාගැනීමට තීරණය කිරීම ඊට හේතුවී ඇතැයි පැවසේ.

මේ අතර, ජැකලීන් ශී‍්‍ර ලංකාවේ මෝස්තර නිරූපන ක්ෂේත‍්‍රයේ පුහුණු පාසලක් ආරම්භ කිරීමට අදහස් කර සිටින බවවාර්තා වේ.

මේ වසර අවසානයේ දී එම පාසල ආරම්භ කරන බව ඇය මාධ්‍ය වෙත පවසා ඇත.

ඇය රගපෑ මර්ඩර් 2 චිත‍්‍රපටිය මේ දිනවලදී ලොවපුරා තිරගත වන අතර, ප‍්‍රමුඛ පෙලේ බොලිවුඞ් නළුනිළියන් වන අක්ෂේ කුමාර්, ජෝන් ඒබ‍්‍රහම්, මිතුන් චක්‍‍්‍රබර්ති, ආසින් හා රිතේෂ් දේශ්මුඛ් සමග ඇය රගපාන ”හවුස්ෆුල් 2” චිත‍්‍රපටියේ රූගතකිරීම් මේ දිනවල සිදුකෙරේ.

මීට අමතරව, හොලිවුඞ් චිත‍්‍රාගාරයක සමනිෂ්පාදකත්වයෙන් නිමවීමට නියමිත ප‍්‍රථම බොලිවුඞ් 3 ත‍්‍රාස්‍ය චිත‍්‍රපටය වන රාස් 3 චිත‍්‍රපටිය සඳහා ද ඇයව තෝරාගෙන ඇත.
http://www.hindustantimes.com/Images/2011/8/c907b32c-0eb2-4e53-824a-8df6ba4153eaMediumRes.JPG

Wednesday, September 14, 2011

නෙහාරා හා සැමියා යලිත් ගැටෙයි

  
ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් හා ඇගේ සැමියාව සිටි තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා පසුගිය දිනක යළිත් ගැටුමක් ඇතිකරගෙන ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඔවුන් මෙවර ගැටී ඇත්තේ නෙහාරාගේ ෆේස් බුක් ගිණුම නිසා බව පැවසේ.

නෙහාරාගේ ෆේස් බුක් ගිණුමේ මුරපදය ලබාදීමට නිර්මාල් විසින් නෙහාරාගෙන් රුපියල් 120,000 ක් ඉල්ලා ඇති අතර එය ලබාදීම ඇය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී තිබේ.

කෙසේවුවමේ වන විට නිර්මාල් විසින් නෙහාරාගේ ෆේස් බුක් ගිනුමේ යම් යම් දත්ත මකා දමා ඇති බවපැවසේ.

පසුගිය කාලයේදී නෙහාරා ජනපි‍්‍රයම නිළිය කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේනිර්මාල් විසින් බව‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

සඳහා ඔහු විසින් කූපන් කපා තැපැල් කිරීම හා එස්.එම්.එස්. යැවීම ආදී කටයුතු කළ බව ඔහු මේ වන විට ප‍්‍රසිද්ධ කර ඇතැයිපැවසේ.

නිර්මාල් මුදලට කෑදර අයෙක් බව ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, පසුගිය කාලයේදී නෙහාරා නිර්මාල් සමඟ සිටියදී නෙහාරා සම්බන්ධ සියලූම මුදල් ගණු දෙනු කරනු ලැබුවේ නිර්මාල් විසින් බව ප‍්‍රසිද්ධ රහසකි.

ඇය ටෙලි නාට්‍යක්, චිත‍්‍රපටයක් හෝ නර්තන ප‍්‍රසංගයක් සඳහා ගන්නා මුදල තීරණය කර ඇත්තේද නිර්මාල් විසින් වන අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුල් ඉමක් නොවන බවද පැවසේ.

නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතය නිසා ජනපියත්වයට පත්වූවාය.

ජනප‍්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් නොකඩවා තෙවරක්ජනප‍්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා ය.

ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා හඳුන්වන්නේ ‘මුතුකිරිල්ලී’ ලෙස ය.

නෙහාරා මුලින්ම ක්ෂේත‍්‍රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය. ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය.

එසේම එම වසරේම ප‍්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය කතාබහට ලක්වූවාය.

‘සෙනෙහසට ආදරෙයි’ නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය.

පසුව රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහාදායකවූවාය.

සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමග ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඩා ගාලාබව ඇය පවසන්නීය.

පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප‍්‍රසිද්ධියට පත් වූවාය.

ඇය ළගඳීම සිනමා නිළියක් ලෙසත් අභිෂේක වීමට නියමිත බව මේ අතර අපට වාර්තා වේ.

රෝයිසිල්වා මහතාගේ It’s a Matter of love චිත‍්‍රපටයේ ජෙනිෆර් නැමැති චරිතයට පණපොවමින් නෙහාරා සිනමාවට එක්වීමට නියමිතය.ImageImageImageImageImagehttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihAwa57ajYEH0hEt0gzZM-GGcxisodIDAObnwg-0J4CPPidm8Bki4Jse1SvZR4Ma1LilZH1IegY2MmVM0bTMtyGRS863W7T0wPGPv7L9v6GihRLlFYvsT4Z_uh6zxLpoCqbKY0w6Y7Fb0/s1600/8.jpghttp://1.bp.blogspot.com/_RC0hDkYtnOs/S7BRkjSsxNI/AAAAAAAAAIo/qQIePI997A8/s1600/1.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPubrz4tjEOgLIPqkCCTDEzx518ebQlAy4WQ9JArgYD1bSeb_DBUBpxq-CxRnRRwjtdUYEn1vl-Gjvkt0RQNNzNCYctCan3_SOpVb6c1wqIpjUrgofTAnh0v99L-S6-fSAHclk7lJ82kQ/s1600/3.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjysl_dLGoITyb83ZoswlY5attChyphenhyphensVYN39WVObqQ2D6X3HUc3RVfgLjQZjrmkvx4YXV-4BG6Va0tj6ckRyUI96rSM41EuhY_KPPB-aPsPKI3olJ_8AW0d_Q2Ln4xlwDyZnY6wIUqrwuSg/s1600/6.jpghttp://2.bp.blogspot.com/_RC0hDkYtnOs/S7BSH2oM8sI/AAAAAAAAAJg/3Hq71OmcHxs/s1600/7.jpghttp://4.bp.blogspot.com/_RC0hDkYtnOs/S7BSFCctz_I/AAAAAAAAAJI/36VORhYQOWc/s1600/5.jpghttp://3.bp.blogspot.com/_RC0hDkYtnOs/S7BR_V9_8qI/AAAAAAAAAJA/TwhsS364Buw/s1600/4.jpgNice smiling picture of Nehara PierisNehara Peiris Bikini PictureNice smiling picture of Nehara Pierishttp://srilankaactress.info/wp-content/uploads/2010/08/nehara-pieris8.jpg[Image: nehara6pi9.jpg]http://srilankaactress.info/wp-content/uploads/2010/08/nehara-pieris17.jpghttp://srilankaactress.info/wp-content/uploads/2010/08/nehara-pieris15.jpgNehara wedding