සම්මානනීය නිළි චන්දි රසිකා කියයි
ලාංකේය සිනමාවට ආදරය කරන ඔබට මේ සොඳුරු රුව කෙසේවත් මතකයෙන් බැහැරව නොයන්නක්. රිදී තිරයට ඇය සමීප තරමටම ඇය ඔබේ සිත් මඬලට ද සමීපයි.චන්දි රසිකා, මේ ඉඩ ඇයටයි. ඇයගේ විශිෂ්ටත්වයටයි. චන්දි රසිකා මෙරට සිනමා ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිත රැසක් අමරණීය කළ සම්මානනීය නිළියකි.
![]() |
| චන්දි රසිකා සම්මානනීය වූ මොහොතේ හෙළ නිළි රැජණ ඇයට සුබපැතුම් එක් කරමින්. |
අරුණට පෙර සිනමා නිමැවුමේ සිය රංගන ස්ථරය ඉහළම තලයට ගෙන එමින් ඇය එදා කළ රංගනයේ රන් අකුරු පේලිය මෙරට සිනමාව පවතින තාක් කල් නොමැකී පවතිනු ඇත.
ඒ විශිෂ්ටත්වය සම්මානනීය කර ගත් ඈ රිදී තිරයේ රංගන ගමනට සමගාමීව පුංචි තිරයටත් පිවිසියාය.
සඳලු තලේ ගීතිකාව,සන්නාලියනේ, සිහින නිම්නය ඇය රඟපෑ ටෙලි සිතුවම් අතර වේ.
ප්‍රේක්ෂක හදවතට තදින් ආමන්ත්‍රණය කළ ආන්දෝලනාත්මක චරිත ජීවමාන කරමින් රංගනයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් චන්දි රසිකා අද නිහඬ ඇයි?
![]() |
| 1985 වසරේ අරුණට පෙර චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය දෝත දරා |
රංගනය කෙරෙහි මගේ සිත ගියේ පුංචි කාලයේදීමයි. ඒ තරමටම රංගනයට මං ආදරය කළා. කරාටේ ජෝ චිත්‍රපටයේ අප්සරාව ජීවමාන කරන්න ලැබීම මගේ රංගන සිහිනය එක්තරා දුරකට සැබෑවීමක්.
![]() |
| යුවතිපති චිත්‍රපටයේ ඩග්ලස් රණසිංහයන් සමඟ. |
සඳලුතලේ ගීතිකාව, සිහින නිම්නය, සන්නාලියනේ, අවන්හල වැනි ටෙලි නාට්‍යවලටත් ඉන් පසුව මා සම්බන්ධ වුණා.
මෑතකදී මං රංගනයෙන් තරමක් දුරස් වෙලා. ඒ දුරස්වීම මත බොහෝ හේතු තිබෙනවා. රංගනයෙන් මාව ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම තුළ මා ලැබුවේ විශාල සතුටක්. ඒත් මං කළ සමහර චරිත වලට මා ලද විවේචන මට දරා ගන්න බැරි වුණා. එබැවිනුයි මං තරමක් නිහඬ වුණේ.
රංගනය සඳහා ලැබෙන ආරාධනා නම් බොහොමයි. ඒ ආරාධනා සියල්ලේම තිබුණේ අම්මගෙ චරිත. මං කැමැති නැහැ මං වගේ තවම තරුණ නිළියක් එවැනි චරිත නිරූපණය කරන්න. මගෙ වයසට ගැළපෙන චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ. ඒක මම බාර ගන්නවා.තව දෙයක් කියන්න ඕනෑ. මිනිස්සු පිළිකුල් කරන චරිත නිරූපණය කරන්නත් මා කැමැති නැහැ. කෙසේ නමුත් මං විශ්වාස කරනවා නිළියක් විදිහට මං ලැබූ ජනප්‍රියත්වය සහ පිළිගැනීම අදටත් වලංගුයි කියලා. මේ දිනවල මං කාලය ගත කරන්නේ නිවසට වෙලා.
මගේ ගෙදර සුරතල් සතුන් කිහිප දෙනෙකු සිටිනවා. පසුගිය කාලයේ මගේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි මිනිස්සු මට කළ කී දෑ නිසා දැන් මං මිනිස්සුන්ට වැඩිය සමීප සතුන්ට සහ ගහ කොළවලට. ඒ මිනිසුන්ගේ ළඟ නැති කෙළෙහි ගුණ සතුන් ගාව, ගස් කොළන් ළඟ තිබෙන නිසා.අමරනාත් ජයතිලක මහතා විතරයි අරුණට පෙර චිත්‍රපටයේ මට වෙනස්ම චරිතයක් ලබා දීීලා මාව සම්මානනීය කළේ.
85 වසරේ විශිෂ්ටතම නිළියට හිමි ජනාධිපති සම්මානය ලබා ගැනීමට හැකි වීම මා ලද භාග්‍යයක්. නමුත් අනෙක් සියලුම අධ්‍යක්ෂවරු මාව ඒකාකාරී චරිතවලට කොටු කළා.
මා පෙර පැවසූ පරිදි ආයේ රංගන චාරිකාවේ යෙදෙන්න ආසයි. මාව තවමත් ප්‍රේක්ෂකයන්ට හොඳින්ම මතකයි කියලා මං දන්නවා. කෙසේ නමුත් ආයේ රඟපාන්න එනවා නම් එන්නේ ගැඹුරු චරිතයක් තුළින්. මා විශ්වාස කරනවා මට ආදරය කරන රසික රසිකවන්ට ඒක සුබ ආරංචියක් වේවි.
මේ චන්දිගේ ලිපිනයයි.
35/1 ඒ, පැඟිරිවත්ත පාර,
පළමුවැනි පටුමග, සෝමා තලගල මාවත,
ගංගොඩවිල, නුගේගොඩ.



No comments:
Post a Comment