Pages

Saturday, November 20, 2010

දැනට ආදරයට විරුද්ධයි

දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය දිනේෂි ප්‍රියසාද්

ඇය අද ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය යෞවනියක්‌. පළමුව නිවේදිකාවක්‌ ලෙසත්, ඉන් පසුව ගීත කිහිපයක රූප රචනාවලිනුත් රූපවාහිනී තිරයේ පෙනී සිටි ඇය, රංගන ශිsල්පිණියක්‌ ලෙසට ප්‍රේක්‌ෂකයා දැන හැඳින ගත්තේ වස්‌සාන සිහිනය ටෙලිනාට්‍යයේ චාපා ලෙසිනි. එසේ පැමිණි ඇය අද පෙනී සිටින්නේ හිතට වහල් වීමි සහ සඳගිරි පව්ව ටෙලිනාට්‍යය තුළයි. මේ කතා බහ දිනක්‌ෂී ප්‍රියසාද් නම් වූ ඒ ලස්‌සන ඇස්‌ ඇති යෞවනිය සමගයි.

දිනක්ෂි මොනවද මේ දවස්‌වල අලුත් තොරතුරු?

මගෙ අලුත් නාට්‍යය හිතට වහල් වීමිට හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා සතුටින් ඉන්නවා. අවුරුද්ද අවසානයේ නිසා උසස්‌ අධ්‍යාපන කටයුතුවල විභාගත් එක්‌ක අකමැත්තෙන් වුණත් ටිකක්‌ කාර්ය බහුලයි.

අකමැති දේකට යොමුවෙන්න හේතුව?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාව හදාරනවා. ඊට අමතරව විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්‌ෂණ උපාධිය හදාරනවා. ඒකේ දෙවැනි අවුරුද්දේ විභාග මේ මාසේ පටන් ගන්න නිසා ටිකක්‌ වැඩ වැඩියි.

විවිධ විෂයන් හදාරන්නේ දිගටම රංගනයේ නියෑළෙන්

අදහසක්‌ නැතුවද?

රංගනය කියන්නේ මම කිසිදාක බලාපොරොත්තු නොවුනු දෙයක්‌. මොකද ටෙලිනාට්‍යය බලන්න ආසවුණාට රඟපාන්න ලැඡ්ජයි. පුංචි කාලේ ඉඳලම අධ්‍යාපන කටයුතු තමයි හොඳින් කළේ. ඒ නිසාම ශිෂ්‍යත්වෙන් පාසලේ වැඩිම ලකුණුත් ඉන් පසුව සාමාන්‍ය පෙළ විභාගෙන් ඒ සාමාර්ථ දහයක්‌ අරගෙන පාසලේ හොඳම ප්‍රතිඵල ලැබුවෙත් මමයි. පුංචි පැංචි වැඩසටහනට නිවේදිකාවක්‌ හැටියට එකතුවුණාට පස්‌සේ තමයි රඟපාන්න අවස්‌ථාව ලැබුණේ. ඒ නිසා දැන් රඟපාන්න ලැබුණට අනාගතේ කොහොම වෙයි ද කියන්න බෑනේ. මොනදේටත් හොඳ අධ්‍යාපනයක්‌ ලබා තිබීම වැදගත් කියලා හිතනවා.

ඔබේ පියා ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්‌. ඒ නිසාද ඔබට මේ ක්‍ෂෙත්‍රයට එන්න අවස්‌ථාව ලැබුණේ?

කොහෙත්ම නැහැ.

එහෙනම්?

තාත්තා අපි වෙනුවෙන් කිසිදිනක කිසිමදේකට පෙනී හිටියේ නැහැ. පොඩි කාලෙදි නම් තාත්තගේ චිත්‍රපටවල පොඩි පොඩි චරිත කරලා තියෙනවා. පුංචි පැංචි වැඩසටහනට තෝරගත්තෙත් සම්මුඛ පරීක්‌ෂණයකින් පස්‌සේ. වස්‌සාන සිහිනයේ චාපාට තෝරගත්තේ ඒ වැඩසටහන ජානක සිරිවර්ධන මහත්මා දැකලා අපේ ගෙදරටම ඇවිල්ලා. ඒත් මම ටිකක්‌ කල් අරන් කල්පනා කරලා තමයි කැමති වුණේ.

ඇත්තද පියාගේ දැන හැඳුනුම්කම් මත ලැබෙන නිර්මාණ ඔබ ප්‍රතික්‌ෂේප කරනවා කියන්නේ?

එහෙම දෙයක්‌ නැහැ. මාව කෙනෙක්‌ චරිතයකට තෝරගන්නේ ඒකට මාව ගැලපෙන නිසානේ. කොහොමටත් මම කැමති වුණත් අම්මයි තාත්තයි කැමති නම් තමයි මම රඟපාන්නේ.

නමුත් ඔබට මෙතරම් ජනප්‍රියත්වයක්‌ ලැබෙන්න ප්‍රධාන කරුණක්‌ ඔබේ පියා කිව්වොත්? ඒක පිළිගන්නවද?

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඒත් තාත්තා කියන්නේ අපි තුන්දෙනා නිසා තමයි එයා ජනප්‍රිය කියලා.

සහෝදරියක්‌ හැටියට ඔබේ නංගිලා දෙදෙනාගේ දíතාවන් දකින විදිහ?

ඒ දෙන්නා මට වැඩිය දක්‌ෂයි. දෙන්නම වෙළෙඳ දැන්වීම් වලට පොඩිකාලේ ඉඳලම පෙනී හිටියා. ලොකු නංගි (ශේෂාද්‍රී) චිත්‍රපටි තුනක්‌ රඟපෑවා. පොඩි නංගි (ෂනුද්ද්‍රී) නම් ගොඩක්‌ම කලාවට බරයි. තාම පාසල් යන නිසා ටිකක්‌ සීමා කරලා තියෙනවා. හැබැයි දෙන්නම දඟයි. දෙන්නම කලා අංශයෙන් ඉදිරියට යනවට මම කැමතියි.

ඒ කියන්නේ ඔබ දක්ෂ නැහැ කියලද?

ටිකක්‌ දක්ෂ ඇති. ඒ ගැන හරියටම දන්නේ ප්‍රේක්ෂකයින් තමයි.

හිතට වහල් වීමි ටෙලිනාට්‍යයේ නිම්මිව ඔබ දකින්නේ කොහොමද?

නිම්මි කියන්නේ එයාගේ අක්‌කට තියෙන ආදරේ නිසා ඇයව අහිමි වෙයි කියලා බයට අක්‌කව යටත් කරගෙන ඉන්න චරිතයක්‌. නිම්මි අක්‌කව ගොඩක්‌ විශ්වාස කරනවා. අන්තිමට ඇයට අක්‌කා නිසා කකුලක්‌ නැති වෙනවා. මොහොන් නියාස්‌ මහත්මාට ස්‌තූතිවන්ත වෙනවා ඒ වගේ චරිතයකට මාව තෝරගත්තට. මෙගා ටෙලිනාට්‍යය රටාවෙන් ඔබ්බට ගිය ගොඩක්‌ කැපකිරීම් කරන්න වෙන චරිතයක්‌.

නිම්මි වගේ දිනක්ෂිත් සහෝදරියන් යටත් කරගෙනද ඉන්නේ?

අනේ නැහැ. නංගිලා දෙන්නා තමයි මාව යටත් කරගෙන ඉන්නේ. නංගිලා දෙන්නට මම ගොඩක්‌ ආදරෙයි. එකවෙලාවකට තුන්දෙනාම රණ්‌ඩුවෙනවා. ටිකකින් යාළුවෙනවා.

අම්මගෙනුයි, තාත්තගෙනුයි මොනවගේ මග පෙන්වීමක්‌ ද ඔබේ ගමනට ලැබෙන්නේ?

දෙන්නම කවදාවත්ම කිසිම දේකට බලපෑමක්‌ කරලා නැහැ. අම්මා තමයි මගේ සෙවණැල්ල.

නිම්මි වගේ දිනක්ෂිත් තාම ආදරයක්‌ ගැන හිතුවේ නැද්ද?

දැනට ආදරයට විරුද්ධ කෙනෙක්‌.

ඇයි ඒ?

අධ්‍යාපංන කටයුතු අවසන් වුණාට පස්‌සේ ඒ ගැන හිතනවා. අම්මලා නම් නිදහස දීලා තියෙනවා හොඳ කෙනෙක්‌ තෝරගන්න. හොඳ අධ්‍යාපන මට්‌ටමක්‌ තියෙන කෙනෙක්‌ තමයි මම කවදාහරි බලාපොරොත්තු වෙන්නේ.

අද වන විට නිවේදන කටයුතු අත්හැරලද?

නැහැ. ස්‌වර්ණවාහිනියේ බොලිවුඩ් මැජික්‌ වැඩසටහනයි, චැනල් සී නාලිකාවේ සී වයිබ්ස්‌ වැඩසටහන දෙවැනි නංගිත් එක්‌කයි නිවේදන කටයුතු කරනවා.

No comments:

Post a Comment