Pages

Wednesday, August 17, 2011

සාරංගගේ පෙම්වතිය උමාලි

සාරංගගේ පෙම්වතිය උමාලි


සිනමා, ටෙලි නළුවෙක් හා නිවේදකයෙක් වන සාරංග දිසාසේකරගේ පෙම්වතිය නැගී එන නිළියක්, නර්තන ශිල්පිනියක් හා ගායකාවක් වන ඉරුදිනි උමාලි තිලකරත්න බව ‘ශී‍්‍ර ලංකා මිරර් වෙත’ වාර්තා වේ. සාරංග, මෑතකදී ටැබ්ලොයිඞ් පුවත්පතකට පවසා තිබුනේ තමාගේ පෙම්වතිය දන්නා අය සිටින බවයි. (දන්නෝ දනිති)

උමාලි, මේවන විට ජපානයේ උසස් අධ්‍යාපනය ලබන බවත් පැවසේ.

සාරංගගේ හා උමාලිගේ විවාහයට තවත් වසර තුනහතරක් ගතවනු ඇතැයිවිශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය විය.

උමාලි සාරංගගේ ඥාති සොයුරියක් බවත් පැවසේ.

ඇගේ පවුලේ ව්‍යාපාරය රාජගිරිය ආසන්නයේ ස්ථානයක තිබෙන බවත්, ‘ශී‍්‍ර ලංකා මිරර් වෙත’ වාර්තා වේ.

උමාලි මුලින්ම රිදී තිරයට පිවිසියේ ‘රෝස වසන්තය’ චිත‍්‍රපටය තුළිනි.

රෝස වසන්තයෙහි චරිතමවන විට ඇයට වයස අවුරුදු 14 කි.

පසුව‘මදර් තෙරේසා කල්කටා’ චිත‍්‍රපටයේ මෑගී යන චරිතයටපණපොවනු ලැබුවාය. එය ඉතාලි ජාතිකයකු විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි.

ඇය උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’ චිත‍්‍රපටයේ ‘පබළු’ ලෙස ද රගපෑවාය.

උමාලිගේ පළමු ටෙලි නාට්‍යය වූයේ "සෙනෙහසේ ගීතය"යි.

සාරංග, ප‍්‍රවීන ගායකයකු වන නාරද දිසාසේකරගේ පුතනුවන්ය.

ඔහුගේ මව තිලකා රණසිංහ වන අතර ප‍්‍රවීන නළු ඩග්ලස් රණසිංහ සාරංගගේ මාමාය.
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Umali-Thilakaratne7.jpg[Saranga+D+-+17.jpg][Saranga+D+-+11.jpg][Saranga+D+-+19.jpg][Saranga+D+-+4.jpg][Saranga+D+-+10.jpg]http://srilankaactress.info/wp-content/uploads/2010/10/Umali-Thilakaratne8.jpghttp://srilankaactress.info/wp-content/uploads/2010/10/Umali-Thilakaratne6.jpg[Saranga+D+-+15.jpg]

Thursday, August 11, 2011

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ සමීපව ඇසුරු කළ මෝස්තර නිරූපිකාවක් වන අමායා, ‘රැන්ඩි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන මෝස්තර නිරූපන ශිල්පියකු සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.
‘රැන්ඩි’ පසුගිය පෙබරවාරි මාසයේ වොටර්ස් එජ් හි පැවැති ශරීර සුවතා තරගාවලියකදී ‘මිස්ටර් පර්ෆෙක්ට්’ ලෙස සම්මාන දිනා ඇතැයි ද පැවසේ.

කෙසේවුවද අතුල හා අමායා දෙදෙනා පසුගිය කාලයේදී නුගේගොඩ ප‍්‍රදේශයේ නිවහනක එකට පදිංචිව සිටි බවද මේ අතර වාර්තා වේ.

අතුල හා අමායාගේ පෙම් හබය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවුනත් ඔවුන් ළඟදී විවාහ වීමට යන බවට ඉකුත් කාලයේ රාවයක් ද පැතිරී තිබිණි.

මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් පුරා තිබූ එකක් වන අතර, ක්ෂේත‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ‘පොඩි සමිතා’ ලෙස බවද පැවසේ.

අතුල අධිකාරී විවාහවී සිටින්නේ ජනපි‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.

ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී තිබේ.

සමිතා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

අදාළ ඇමතිවරයා මන්තී‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමෙන් පසුව අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.

Monday, July 25, 2011

මගේ විවාහය දෙදරා ගියේ නැහැ!

හසන්ත හෙට්ටිආරච්චි

රූපවාහිනී ප්‍රේක්ෂකයන් වැඩි පිරිසක් ඔහු හඳුන්වන්නේ අටපට්ටමේ “දඩිබිඩිස්” නමින්. බාල, තරුණ, මහලු ආදි සෑම තරාතිරමකම රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ආදරය දිනාගෙන සිටින දඩිබිඩිස් ඔහුට ආදරය කළ සුන්දර යුවතියක වන චමුදිකා පියුමි සමඟ එකම කැදැල්ලක කූඩු වුණේ මීට මාස කිහිපයකට පෙර එනම් පසුගිය මැයි හය වැනිදා.
එහෙත් පසුගියදා අන්තර්ජාලයේ පළවූ පුවතකින් ප්‍රචාරය කෙරුණේ දඩිබිඩිස්ගේ විවාහය දෙදරා ගොස් ඇති බවයි. දඩිබිඩිස්ට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් කුතුහලයට පත්කළ මේ පුවතේ සත්‍ය අසත්‍ය දැන ගැනීමට අපි කෙළින්ම දඩිබිඩිස් නොහොත් හසන්ත හෙට්ටිආරච්චි සමඟ කතාබහ කළා. මේ එම කතාබහයි.

”ඇත්තටම හසන්ත, සිදු වුණේ කුමක්ද?”
කියා ඇසූ සැණෙකින් ඔහු දඩිබිස්ට හුරුපුරුදු කටකාරකමින් පැවසුවේ “අන්තර්ජාල ජංජාලයක්” යනුවෙනි.
වෙබ් අඩවිවලින් ප්‍රචාරය කෙරුණේ මගේ විවාහය දෙදරා ගොස් ඇති බවකුයි. එහෙම නම් ඒ බව මුලින්ම දැනෙන්න ඕනේ මටයි මගේ බිරිඳටයි.
එලෙස නොවී අපිට නොදැනෙන දෙයක් අපි ගැන වෙන කවුරුන් හෝ පුද්ගලයෙකුට දැනෙන්න ඔහු ආශ්චර්යවත් පුද්ගලයෙකු විය යුතුයි.
එසේ නැත්නම් මෙවැනි මඩ ප්‍රචාර උපක්‍රම ලෙසින් යොදා ගෙන වෙබ් අඩවි ජනපි‍්‍රය කරවා ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙකු හෝ නිසැකවම විකෘති ආසාවන්ගෙන් පෙළෙන මානසික රෝගියෙකු විය යුතුයි. කලකට පෙර මට පිළිකාවක් තිබෙනවා කියලත් ප්‍රචාරය කර හැරියා මතකද, ඒ වගේම තමා මේ ප්‍රවෘත්තියත්. අයාලයේ යන මානසික රෝගීන් හුදකලාවේ ඉන්න ගමන් කරන නොහොබිනා වැඩ.”

ඔබ මීට විරුද්ධව ගත් පියවර මොනවාද?

”පියවර කීපයක්ම ගත්තා. නීතිමය හේතු මත ඒවා හෙළි කරන්න බෑ. ඒ හැරුණු විට අදාළ වෙබ් අඩවිවලට විද්්‍යුත් තැපෑලෙන් දැනුම් දීම් කිරීමෙන් පසුව දැනට මේ අසත්‍ය පුවත ප්‍රචාරය කළ වෙබ් අඩවි හතරක් කනගාටුව ප්‍රකාශ කර සමාව ඉල්ලා තිබෙනවා. මේවා තාක්ෂණයේ දියුණුවත් සමඟ අලුත් ලෝකයේ සිදුවන අපරාධ. අදාළ ආරක්ෂක අංශවලට දැනුම් දීම තමයි මේවාට එරෙහිව පළමුව ගත හැකි පියවර. ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි ද්වේශ සහගත බොරු ප්‍රචාර මඟින් පුද්ගලයින්ගේ මානුෂික අයිතිවාසිකම් කෙළෙසීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්.”

මෙම අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කළ වරදකරු සොයා ගැනීමට හැකි වුණාද?

”නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් දැන් සැකසෙමින් තිබෙනවා. මෙවැනි අපරාධකරුවන් සොයා ගැනීමට රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍යයි. අද මට වූ මේ දේ හෙට ඔබට විය හැකියි.
එම නිසා අපි නව ලොව තාක්ෂණය යොදා ගෙන මෙවැනි අපරාධ සිදු කරන අපරාධකරුවන් මර්දනය කළ හැකි ක්‍රමවේද සොයා දැනුම්වත් විය යුතුයි. අපට වඩා බාල පරම්පරාව මෙවැනි අපරාධකරුවන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. පට්ටපල් බොරු ගොතා පැවසීමෙන් ජනතාව මුලා කිරීමට තවදුරටත් ඉඩ නොතැබිය යුතුයි. මගේ විවාහය පිළිබඳ මේ අසත්‍ය ප්‍රවෘත්තියෙන්ම පැහැදිලි වෙනවා, බොරු කුණු කන්දල් අන්තර්ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරෙන බව.
මෙයට හොඳම උදාහරණයක් අපේ රටට විරුද්ධව ප්‍රචාරය කළ ‘චැනල් 4’ ප්‍රවෘත්තියත්. මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කළ මුලින්ම ප්‍රචාරය කරන පුද්ගලයා පමණක් නොව මේවා පිළිබඳ බුද්ධිමත්ව සිතා නොබලා පතුරුවා හැරීමට දායක වෙන සියලුම පුද්ගලයින්ද වරදකරුවන් ලෙසයි මම නම් හිතන්නේ.”

මේ සිද්ධියෙන් ඔබ කම්පනයට පත් වූයේ නැද්ද?

”ලෝකයේ රටවල් පනහකට වඩා ගිහින් ආව මට මෙවැනි දේවල් ගැන තරමක අවබෝධයක් තිබෙන හින්දාත්, අපේ මේ සමාජයේ ජීවත් වෙන ද්වේශ සහගත සිත් ඇති සමහර පුද්ගලයින්ව තේරුම් ගැනීමට සිහි කල්පනාව ඇති හින්දාත් කම්පනය වීමට තරම් මගේ මනස දුර්වල වුණේ නැහැ. මෙවැනි සිද්ධීන්ට මුහුණ දීමට තරම් ශක්තිමත් මනසක් මට තිබෙන බව මම විශ්වාස කරනවා.”

ඔබේ ආදරණීය බිරිඳ මේ සිද්ධියේදී ඔබ සමඟ කටයුතු කළේ කෙසේද?

”ඇය මා සමඟ ඒකාත්මීකව උන්නා. ඇයට මනා වැටහීමක් තියෙනවා මෙවැනි දේවල් පිළිබඳ. විවාහයට පෙර කෙටි කාලයක් ඇය ගුවන් සේවිකාවක් ලෙස සේවය කළා. පසුව අපේ විවාහය වෙනුවෙන් ඇය රැකියාවෙන් පවා ඉවත් වුණා.
අපි ප්‍රංශය, ස්වීස්ටර්ලන්තය, ජර්මනිය සහ ඉන්දියාව වැනි රටවල පසුගිය කාලයේ එකටමයි කාලය ගෙව්වේ. මුදල්වලට වඩා අපි සතුට අගේ කරනවා. ‘අටපට්ටම’ සහ ‘දොරමඬලාව‘ වැඩසටහන් දෙක වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කරන්න මට සිදු වී තිබෙනවා.
මේ සියල්ල හරියාකාරව කරගෙන යාමට ඉමහත් කැපවීමක් හා සහයෝගයක් මට මගේ බිරිඳගෙන් ලැබෙනවා. අපේ විවාහ ජීවිතය අපි සෙනෙහසින් හා සතුටින් බෙදා හදා ගෙන ගත කරනවා.
ළඟදීම අපේ විවාහ දිවියේ සතුටුදායක ප්‍රවෘත්තියක් ද අහන්න ලැබේවි. මේ රටේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම පුරවැසියෙකුගේම වාගේ ආදරය මට ලැබී තියෙනවා.
ඔවුන්ගේ ඒ ආදරය මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති විසුරුවා හැරියාට නැති කරන්න කාටවත්ම බැහැ.”