Pages

Thursday, August 11, 2011

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ සමීපව ඇසුරු කළ මෝස්තර නිරූපිකාවක් වන අමායා, ‘රැන්ඩි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන මෝස්තර නිරූපන ශිල්පියකු සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.
‘රැන්ඩි’ පසුගිය පෙබරවාරි මාසයේ වොටර්ස් එජ් හි පැවැති ශරීර සුවතා තරගාවලියකදී ‘මිස්ටර් පර්ෆෙක්ට්’ ලෙස සම්මාන දිනා ඇතැයි ද පැවසේ.

කෙසේවුවද අතුල හා අමායා දෙදෙනා පසුගිය කාලයේදී නුගේගොඩ ප‍්‍රදේශයේ නිවහනක එකට පදිංචිව සිටි බවද මේ අතර වාර්තා වේ.

අතුල හා අමායාගේ පෙම් හබය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවුනත් ඔවුන් ළඟදී විවාහ වීමට යන බවට ඉකුත් කාලයේ රාවයක් ද පැතිරී තිබිණි.

මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් පුරා තිබූ එකක් වන අතර, ක්ෂේත‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ‘පොඩි සමිතා’ ලෙස බවද පැවසේ.

අතුල අධිකාරී විවාහවී සිටින්නේ ජනපි‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.

ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී තිබේ.

සමිතා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

අදාළ ඇමතිවරයා මන්තී‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමෙන් පසුව අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.

No comments:

Post a Comment