Pages

Sunday, March 25, 2012

නීතීඥවරියක් වීම මගේ ඊලඟ අපේක්ෂාවයි- උපේක්ෂා

උපේක්‍ෂා ස්වර්ණමාලි නීතිඥ වෘත්තියට ද පිවිසීම සඳහා මේ වන විට අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බව ඇය විසින් පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

නීති උපාධිය සඳහා මේ වනවිට "යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්" හි අධ්‍යාපන කටයුතු වන නිරතව සිටින බවයි ඇය පවසන්නේ.

ගෙවී ගිය වසර හයක කාලයේදී ආර්ථික වාසි තකා රංගනයෙහි නියැලීමක් සිදු නොකළ බව කියා සිටිනා ඇය, කලාකාරිනියක ලෙසින් තමන්ට ලැබුණු චරිත සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන බවද පවසා සිටීනවා.

මංත්‍රීවරියක වුවද, නීතීඥ වරියක් වුවද කෙදිනකවත් රඟපෑමෙන් ඉවත් නොවන බවත් ඇය කියා සිටින්න්නේ "කවදාහරි අපේ දෙනවක හාමිනේ මහත්මිය වගේ දීර්ඝ කාලයක් දක්වා වුණත් රඟපෑමේ කටයුතුවල නිරත වේවි" යනුවෙනි.


කලකට ඉහත උපේක්ෂා කුවෙට්හි සිට මෙරටට පැමිණියේ වෙනත් රටකට යාමේ අරමුණ ඇතිව මානව සම්පත් කළමනාකරණය ඉගෙන ගැනීමටයි. ඉන්පසු රංගනයට පිවිසීමෙන් පසු ජනතාව අතර ප්‍රසිද්ධ වුනේ පබාගේ චරිතයෙනි.

පබාගේ ජනප්‍රියත්වයත් සමඟ සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන වේදිකාවට නැඟීමෙන් දේශපාලනයට පිවිසි ඈ ඉන්පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලුවේ සරත් ෆොන්සේකාවද අමතක 
කර දමාය.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඈ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩු පක්ෂයට පැන්නේ එක්සත් ජාතික පක්ෂයද අමතක කරමිනි.

Bikini Super Star last round

Thursday, March 22, 2012

නුපර් මේතා දිල්ශාන් සමග සම්බන්ධතාවයක් පැවත්වුවාද?

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා පක්සිතානය අතර පැවති තරඟය පවා දී ඇති බවට මේ දිනවල චෝදනා නැගෙනවා.මෙයට මැදිහත්වී ඇත්තේ ඉන්දියානු බුකි කරුවෙක් වන අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතයි.

මේ පිලිබඳ වාර්තා කරමින් ලන්ඩනයේ සන්දේ ටයිම්ස් පුවත්පත වාර්තාකොට සිටියේ ඉන්දියානු බුකි කරුවා බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා සමගද සම්බන්ධ වී මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එම පුවත්පතේ නුපුර් මේතාගේ ජායාරුපයක් පලවී තිබුණු අතර ඇය එම පුවත්පතට විරුද්ධව නඩු පවරන බව කිවේ එම කතාව සම්පුර්ණයෙන් අසත්‍යක් බව පවසමින්. 

නමුත් තමන් අන්තර්ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග සම්බන්ධකම් පැවැත්වූවාට තරඟ පවා දීමට දායක වුනේ නැති බව ඇය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනා.පසුගියදා නුපුර් මේතා කල ප්‍රකාශයක සඳහන් වුයේ ඇය ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක දිල්ශාන් තිලකරත්න සමගද 2009 වසරේදී සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි. 

ඇය මාධ්‍යයට පල කල අදහස් මෙසේය

"මට ලන්ඩනයේ කැසිනෝ ශාලාවකට ගිය අවස්ථාවකදී ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මුණ ගැහුනා..ඔවුන් සියල්ල මුණගැහුනේ T20 ලෝක කුසලානයට සෙල්ලම් කිරීම සඳහා ඔවුන් ලන්ඩනයට ඇවිත් සිටි නිසයි.එහිදී ඔය කියන බුකි කරුවෙක් මට හමු වුනේ නැහැ.
ඒ කාලේ මම නැවතිලා හිටියේ කින්ග්ස්ටන්හි පිහිටි රෝයල් ගාර්ඩ්න් හෝටලේ.නමුත් මම මගේ කාමරය වෙන කාත් සමගවත් බෙදා ගත්තේනම් නැහැ.මම හෝටලේ දවස් කිහිපයක් නැවතී සිටියා..ඒ වෙනුවෙන් දවසට ස්ටර්ලින් පවුම් 500 ක් ගෙවන්න සිදුවුනා. 

ඒ බව ඔප්පු කිරීමට හෝටලේ බිල් මා සතුව ටිබෙනවා.එම හොටලේම තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නැවතී තිබෙනවා,නමුත් මම දන්නේ නැහැ ඔවුන් කවුදැයි කියා..මගේ අල්ලපු කාමරේ සචින් තෙන්ඩුල්කාර් හිටියත් මම දන්නේ නැහැ.

මෙහිදී මට දිල්ශාන් ගේ නම සඳහන් කරන්න පුළුවන්..ඔහුව මට නිතර හමුවුනා..එත් ඇයි මම අනිත් ක්‍රීඩකයන්ගේ නම් හෙළිකරන්නේ..ඔවුන් නිකන් මට හමුවුනා විතරයි".

දිල්ශාන් සමග පැවති සම්බන්ධය පිලිබඳ වැඩිදුරත් මාධ්‍යය ප්‍රශ්න කල විට

"මොකද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැන සිටීමේ වරද?එක මගේ පෞද්ගලික ජීවිතය.මම තනිකඩ ආකර්ශනීය ගැහැණු ළමයෙක්.මට නිදහස තියෙනවා ලෝකේ ඕන කොනකට ගොස් ඕනා කෙනෙක් සමග සම්බන්ධතා පවත්වන්න".
 එම බුකි කරුවාගෙන් හෙළිවී ඇති කරුණු වලින් කියවෙන්නේ ඉන්දියානු ප්‍රිමියර් ලිග් තර්න්ගාවලිය හා තවත් ටෙස්ට් තරඟ පවා දීම්වලට ලක්ව ඇති බවයි.එහිදී ලකුණු වාර්තා කිරීම වෙනුවෙන් පිතිකරුවෙකුට පවුම් 44,000 ක මුදලක් ද, ලකුණු ලබා දීමට හැකිවන සේ පන්දු යොමුකිරීමෙන් පන්දු යවන්නෙකුට පවුම් 50,000 ක් ද,තරඟයේ අවසාන ප්‍රතිඵලය පිලිබඳ වග විය හැකි ක්‍රීඩකයෙකුට පවුම් 750,000 මුදලක් උපයා ගත හැකි බවය.

නමුත් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් පලකල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ දිල්ශාන් එවැනි බොලිවුඩ් නිලියක් සමගින් කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැති බවත් ඩිල්ශාන්ගේ රසිකයන් බිඳවීමට ගෙතු කතාවක් පමණක් බවය.

Sunday, March 18, 2012

නිළියක වීම මගේ වාසනාව

පියුමි බොතේජු

අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් හමුවන්නේ පියුමි ශානිකා බොතේජු ය. වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනේදීම තම රංගන හැකියාව මනාව ප්‍රකට කරන පියුමි දක්ෂ නිවේදිකාවක ද, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ද වන්නීය. ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩාත්ම ජනපි‍්‍රය වූයේ ‘පබා’ ටෙලි නාට්‍යයේ හිමාලි ගේ චරිතයෙනි.

ඉතින් කොහොමද පියුමි මොනවද අලුත් තොරතුරු...?
හොඳින් ඉන්නව. මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩියි. නදී චන්ද්‍රසේකරගේ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. ඒ වගේම වේදිකා නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ; “රෝමය ගිනිගනී”, “සිකුරු සවාරි” කියන වේදිකා නාට්‍ය දෙක. ඊට අමතරව ‘සිරි දළදාවත’ චිත්‍රපටයටත් දිනේෂ් පි‍්‍රයසාද්ගේ ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ කියන චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා. මෙය ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. ඒ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ “t - පාටි” වැඩසටහන ඉදිරිපත් කිරීමටත් මම දායක වෙනවා. මේ වගේ වැඩත් එක්ක තමයි කාලය ගතවෙන්නේ.

දෙරණ “t - පාටි” වැඩසටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනව ඇති...?
ඇත්තෙන්ම ඔව්. සමාජයේ විවිධ මට්ටම්වල පේ‍්‍රක්ෂකයින් ගෙන් විවිධ ප්‍රතිචාර මට ලැබෙනව. මම ඒ වැඩසටහන ඉදිරිපත් කළාට බොහෝ දෙනෙකුගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස තමයි “t - පාටි” වැඩසටහන එන්නේ. ළඟදී ඉදිරිපත් කළ “කුස පබා” චිත්‍රපටයේ ශිල්පීන් සම්බන්ධ වුණු වැඩසටහන ගැන ගොඩක් දෙනෙක් කතා කළා.

නිවේදිකාවක් ලෙස ඔබ ක්ෂේත්‍රයට ආ ගමන ගැන සිහිපත් කරමු?
මම මුලින්ම නිවේදිකාවක්. මම මුලින්ම සම්බන්ධ වුණේ ලක්හඬ ගුවන් විදුලියට. ඉන් පසුව මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා සහාය නිෂ්පාදකවරියක් ලෙස පුහුණු වෙන්න. ඒ කාලෙ රූපවාහිනී වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ දිනවල මම ජාතික රූපවාහිනියේ “ටී බ්රේක්” වැඩසටහන ඉදිරිපත් කළා. ඉන් පසුව මම ස්වර්ණවාහිනියෙත් වැඩ කළා.

රංගනයේදී ඔබට වේදිකාවත් හොඳට හුරුයි නේද?
ඔව් මම වේදිකා නාට්‍ය ගණනාවක රඟපාල තියෙනව. මේ දිනවලත් මම වේදිකා නාට්‍ය දෙකක් එක්ක ඉන්නවා. මුලින්ම මම රංගනයෙන් දායක වුණේ හේමන්ත ප්‍රසාද්ගේ “මල්සර බිසව්” වේදිකා නාට්‍යයට. ඉන් පසුව “දෙනුවර දෙන්නෙක්” ‘තාරාවෝ ඉගිලෙති’ වැනි වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. 2007 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී කුසලතා සම්මානයක් මට හිමි වුණා.

ඔබ වඩාත් කැමැති වේදිකාවට ද, සිනමාවට ද, ටෙලිනාට්‍යවලට ද?
මේ ක්ෂේත්‍ර තුනේම ඉන්න කෙනෙක් විදියට මම මේ තුනටම කැමැතියි. හැබැයි වේදිකාවෙන් අපට හැම තිස්සෙම ඉගෙන ගන්න යමක් තියෙනව. වේදිකාව, රංගනය පිළිබඳ පාසලක් වගෙයි. ඒ වගේම වේදිකාව හරිම සජීවියි. නමුත් මම මේ ක්ෂේත්‍ර තුනටම කැමැතියි.

“භාර්යාවෝ” ටෙලි නාට්‍යයේ රංගනය ගැන කතා කරමු...?
මේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ශේනු කියන කාන්තාවගේ චරිතය. ශේනු කට්ට ගැහැනියක්. ඇය තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් කාන්තාවක්. නමුත් ඇය හොඳින් ආදරය කරන කෙනෙක්. මට ලැබෙන හැම චරිතයක් වගේම ශේනුගේ චරිතයත් මම හරිම කැමැත්තෙන් කළේ. මගේ දිගට තිබුණු කොණ්ඩය ළඟදි කැපුවා. ඉන් පසුව රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නාට්‍යය තමයි ‘භාර්යාවෝ.’ ඒ වෙනසටත් එක්ක හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ සැමියා චමල්. ඔහු වැඩිපුර ඉන්නෙ රට. ඒ ඔහුගෙ රැකියාව නිසා. මම මගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ට ඔබේ ගරුත්වයක් තිබෙනවා ද?
ඔව්. ප්‍රවීණයන්ට මම අනිවාර්යයෙන්ම ගරු කරනවා. ප්‍රවීණයන්ට විතරක් නෙමෙයි ක්ෂේත්‍රයේ ඉන්න සෑම දෙනාටම මම ගරු කරනව. මා එක්ක වැඩ කරන අය ඒකට සාක්ෂි දරාවි. සමහරු කියනව ටෙලි නාට්‍යවල වැඩ කරද්දි කාර්මික ශිල්පීන්ව වැඩිය කරේ දාගන්න එපා කියල. මම එහෙම කරන්නෙ නෑ. කාර්මික ශිල්පීන් හැටියට ඔවුන්ගෙ විෂය ඔවුන් හොඳින් ප්‍රගුණ කළ අය. ඒ ප්‍රවීණත්වයට, දක්ෂතාවයට මම ගරු කරනවා. ඒ සියලු දෙනාටම ඔවුන්ට ලබා දෙන්න ඕන ගෞරවය මම ලබා දෙනවා.

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?
මේ වන විට මට අවස්ථාව ලැබිල තියෙනව විවිධාකාර චරිත රඟපාන්න. ඉදිරියේදීත් චරිතාංග නිළියක් ලෙස විවිධ වූ චරිත රඟපාමින් රංගනයෙන් ඉදිරියට ඒමයි මගේ අරමුණ.

රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු ද?
අනිවාර්යෙන්ම. නිළියක් වීම මගේ වාසනාව නිසා සිදුවූ දෙයක් කියලයි මම හිතන්නෙ. මේ තරම් ජනතාවකගේ ආදරය දිනාගන්න ලැබෙන්නේ නළුවකුට හෝ නිළියකට පමණක් බවයි මගේ හැඟීම.

රංගනය තුළ මෙතෙක් ආ ගමන ගැන ඔබ සතුටු ද?
ඔව්. මම ආවෙ සෙමෙන් ගමනක්. එක රැයකින් ජනපි‍්‍රය වෙලා පහුවදා නැතිවෙලා යන්න මම මේ ක්ෂේත්‍රයට ආවෙ නෑ. ඉදිරි ගමනත් ස්ථාවරව සාර්ථකව යාමයි මගේ අරමුණ.

දේශපාලනයට පිවිසෙන්න අදහසක් නැති ද?
නෑ. එහෙම අදහසක් නෑ.


Friday, March 2, 2012

චතුරිකා කටකතා වලට පිළිතුරු දෙයි

Friday, March 2, 2012


ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය විවාහය දිගින් දිගටම කල් යාම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින චතුරිකා, රන්ජන් රාමනායක සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇති බව පසුගියදා විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවී තිබුනා.

එම කට කතා ප්‍රතික්ෂේප කරමින් චතුරිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්

රංජන් රාමනායකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා රාවයක් පැතිරිලා තිබුණා. ඔබ ඒක ප‍්‍රතික්ෂේප කළේත් නෑ
මම කටකතා ගණන් ගන්නේ නෑ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා, රොෂාන් රවීන්ද්‍ර මේ අයත් එක්ක මාව පටලවලා කතා හැදුවා. 


මම ඕවට උත්තර දුන්නේ නෑ. මිනිස්සුන්ගේ කටවහල් වහන්න අපට බෑනේ. කටකතා ගොතලා පතුරුවලා කවුරු හරි තෘප්තියක් ලබනවනම් ඒකත් මට පිනක්.

කවද්ද විවාහ වෙන්නේ

දැන්මනම් විවාහ වෙන්නේ නෑ මට තව ටිකකාලයක් නිදහසේ ඉන්න ඕනේ. ගෙදර වැඩත් තවම ඉවර නෑ. ඉතිං රොෂානුයි මමයි තීරණය කළා මේ හැම ප‍්‍රශ්නයක්ම විසදගෙන තව ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න.

Thursday, March 1, 2012

පියුමි යුග දිවියට එළඹීමට සුදානම් වෙයි

Thursday, March 1, 2012


ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහ මේ දිනවල ඇයගේ විවාහයේ කටයුතු සඳහා සුදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

ඇයගේ ප්‍රථම ප්‍රේමය අසාර්ථක වූ අතර ඇය විවාහ වීමට යන්නේ ව්‍යාපාරිකයෙකු වන රේම් රාජ්ලාල් සමගයි.

පියුමිගේ වයස මේ වනවිට 22 කි.ඒ අනුව ලබන මාර්තු මාසයේ 24 වනදා ඇයගේ විවාහ ගිවිසගැනීම සිදුවන අතර 2013 වසරේ මාර්තු මස 24 වනදා ඇයගේ විවාහය සිදු කිරීමට නියමිතයි.

පියුමිගේ හා රේම් ගේ ජායාරුපයක් පහතින් බලන්න