Pages

Sunday, December 4, 2011

නිරෝෂා විවාහයට අකමැති ඇයි ?


Srilankamirror - තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා කියයි. ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසා තිබුණේ මෙවැනි අදහසකි.

‘විවහාය ප‍්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මට පුළුවනි.’

සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදීඇය පවසා තිබුනේ මෙවැනි අදහසකි.

‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයි ඇය පවසා තිබුණි.

’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහ වුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින් ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

’එකමත් එක රටෙක’ චිත‍්‍රපටය හා සිරස රූපවාහිනියේ විකාශය වන ’ඉරෝෂයි නිරෝෂයි’ වැඩසටහන ඔස්සේ පේ‍්‍රක්‍ෂකයන්ගේ හදවත්වලට සමීප වූ ඇය, ජනප‍්‍රිය ගායක ශිහාන් මිහිරංග සමග කල ’ආදරය කරන්න’ ගීතය මෙම මාසයේ නිකුත් වීමට නියමිතය.

මෙම නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බවපැවසේ.

Saturday, November 26, 2011

නෙහාරා හා මේනක ඇමරිකාවේ පදිංචියට?


ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.

ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප‍්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ.

වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර සිටින නෙහාරා හා මේනක, එහිදී ඔවුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව විශාල තීරණයක් ගැනීමට සූදානමින් සිටී. ටෙලියේ රූගත කිරීම් අතරතුර පදිංචිය සඳහා ප‍්‍රදේශයක් සහ නිවසක් තෝරා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව සිටී.

අදාළ ටෙලි නාට්‍යය සඳහා මේනකව හා නෙහාරාව ඇමරිකාවට ගෙන්නා ගනු ලබන්නේ එහි නිෂ්පාදකවරයා වන ශී‍්‍ර ලාංකික ජාතික නීතීඳයෙක් වන අතර, ඔහු නෙහාරාගේ මාමා කෙනෙකි. මෙම සම්පූර්ණ සැලසුම මාමාගෙන් වසන් කිරීමට දෙදෙනාම දැඩි ලෙස ගිවිස ගෙන සිටී.

මොවුන් දෙදෙනාගේම පළමු වෙනි විවාහයන් මේ වනවිට අවසාන අදියරේ පවතින තත්ත්වයක් යටතේ අලූත් පරිසරයක අලූත් ජීවිතයක් ඇරඹීම දෙදෙනාගේම එකම අපේක්‍ෂාව වන අතර, ටෙලි නාට්‍යය රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ මාස කිහිපයක් තුළ සියලූම ගිවිසුම් අවසන් කර දමා (ටෙලි නාට්‍ය සහ විවාහයන්) ඇමරිකාවේ ස්ථීර පදිංචියට යෑම ඔවුන්ගේ අරමුණයි.

Tuesday, October 18, 2011

ජනපති වීමට සිහින දුටු දුමින්ද සිල්වා

ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ජනාධිපති වෙන හැටි දන්නවා

ඉරිදා ලංකාදීපයට ප්‍රසන්න සෝලංගආරච්චි මහතා දුමින්ද සිල්වාගේ දේශපාලනය ගැන හෙළිකොට තිබුනේ මෙසේය.

"ලකී අයියා ජීවත්ව ඉද්දී කියලා තියනවා මේ තැනැත්තා දැනට ඉන්දියාවේ සිටින තෙල්බාලා කියන පාතාල සාමාජිකයා හරහා මාලු පෙට්ටි වල සඟවලා තමා කුඩු ගේන්නේ කියලා. ලකී අයියා මෙවැනි ව්‍යාපාර ගැන දැනගන හිටියා.

මගේ යාවජීව දේශපාලන ගුරුතුමා මහ පාරේ බල්ලෙක් වගේ මරලා දැම්මා. ගිනි අවි විස්සකට ආසන්න සංඛ්‍යාවක් පාවිච්චි කරලා තියනවා. මේ වැඩි සංඛ්‍යාවක් නීති විරෝධියි. එයා මගේ අම්මට පයින් ගැහුවා. ඒ අහිංසක අම්මා බිම දැම්මා. එයාට කවදාවත් මගෙන් සමාවක් නෑ

ප්‍රජාත්‍රන්තවාදී රටක රටේ සම්මත නීතිය තුල කිසිම මිනිහෙකුට අයිතියක් නැති දෙයක් මෙයා කළා. එක්සත් ජනතා නිදහස සංධානයේ තබා කිසිම දේශපාලන පක්ෂයකය මේ පුද්ගලයා සුදුසු නෑ. ඔවුන් කිසිම දේශපාලන පක්ෂයක තියාගන ඉන්නව නම් ඒ පක්ෂය තුළ අපි කවුරුවත් අපේ යෞවනය කැපකරගන දේශපාලනය කිරීමත් සුදුසු නෑ.

මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ හිර ගෙදරයි. යලි කිසිමදාක මෙවැනි සිදුවීමක් ලංකා ඉතිහාසයේ නොවිය යුතුයි.

ලකී අයියා කවදාවත් හිතන්න නැතිව ඇති අර සමහර චිත්‍රපටිවල වගේ මෝඩඩ විදිහට තමන්ට වෙඩි තියයි කියලා. ලකී අයියා තමන්ට ආදරේ කලේ නෑ. එයා එයාව ආරක්ෂා කළේ නෑ. ඒකයි ඇඟ තිබුනට ඔලුවන් තිබුනට මොලයක් නැති මිනිහෙක් අතින් ලකී අයියට මැරෙන්න සිද්ධ වුණේ. එහෙත් මේ අවසාන සිදුවීම විය යුතුමයි" ඔහු කියයි

දවසක් මේ සංවිධායක වරයා මට කතා කළා. අංගොඩ සුපර්මාර්කට් එකක් හදන්න ඕනේ බයර්ස් කෙනෙක් මම ඉන්දියාවෙන් ගේනවා කිව්වා. මම කිව්වා බොහෝම හොඳයි කියලා. එයාගේ ගෝලයන්ට ඕනෑ වුනේ මං සංවිධායකතුමාට සර් කියනවා දකින්න. ඒත් මං කවදාවත් එයාට සර් කියලා කතා කළේ නෑ.

යට තට්ටුවේ පෙට්‍රල් ෂෙඩ් එකක්. ඊලඟට කඩ කාමර උඩම තට්ටුවේ ගෙවල් එහෙමයි මගේ ප්ලෑන් එක කියලා එයා කියද්දී මං ඇහුවා කඩකාමර දෙන්නේ කාටද කියලා.

මං ඔයාට කඩ පහක් දෙන්නම් කිව්වා මට කඩ ඕනේ නෑ සුපර් මාර්කට් එක හදද්දී කඩ නැතිවෙන අයටයි මේ කඩ දෙන්න ඕනේ කියලා මං කියද්දී ආසන සංවිධායකවරයා කිව්වා නැහැ උන්ට දෙන්නේ නැහැ මේවා විකුණලා සල්ලි අරන් අපි බයර්ස්ලටත් දෙන්න ඕනේ කිව්වා

මං ඇහුවා එහෙම කොහොමද එතකොට කඩ කරපු අයට මොකද වෙන්නේ ඒ මිනිස්සු හූල්ලයි ප්‍රශ්නයට උත්තරයක් නෑ කියලා

එයා කිව්වා මං එයාව බලාගන්නම් කියලා. මං කිව්වා නෑ මං සභාපතිකමේ ඉන්නකම් ඕන වෙන්න දෙන්නේ නෑ කියලා

ජනාධිපතිවරයා මහ මැතිවරණය පැවති කාල සීමා දෙක අතර කාලයේදී තවත් සිදුවීමක් වුණා.

අපට කැඳවීමක් ලැබුණා. අපි ගිහාම මෙයා අපට කුණුහරපෙන් බැනගන බැණගන ගියා. බනින්නේ කාටද කියලා අප කාටවත් පැහැදිලි නෑ

මං ඇහුවා ගරු සංවිධායක තුමනි කවුරුත් මීට පෙර අපට මෙහෙම කතා කරලා නෑ. කාටද මේ කතා කරන්නේ කියලා මුලින්ම දැනගන්න ඕනේ කියලා මම කිව්වා.

ඕනෑ....කියලා මෙයා ආයෙත් කුණුහරපයක් කිව්වා. මං කිව්වා සංවිධායක තුමා මේ ධූරයට ආවේ ඉතා මෑතකදී අපේ පක්ෂයට ආවෙත් මෑතකදී. ඊට කලින් අපත් දේශපාලනය කළා කියලා.

එතකොට එයා කිව්වා මේ ආසනයට වෙන එකෙක්වත් ගේන්න බෑ. ගෙනාවොත් මරණවා. ඔයා මට විතරයි වැඩ කරන්න ඕනෑ කියලා. අන්තිමට අපි මෙතනින් නැඟිටලා ගියා

මේ දේශපාලකයා මට කීවේ මට ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ලේසියෙන්ම ජනාධිපති වෙන හැටි දන්නවා කියලා.

මං කිව්වා අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මිසක් පොල්පොට්ගේ ආණ්ඩුවේ නෙවෙයි ගෞරවයෙන් අපේ උදව් බාරගන්නවා නම් අපි උදව් කරන්නම් කියලා. මේ වගේ සිද්ධි නිසා තමයි එයා මගේ ලකී අයියාගේත් එක්ක හතුරු වුනේ" ප්‍රසන්න කියයි

gossip9

Wednesday, October 12, 2011

භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා




භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා 

මේවන විට භාර්තගේ මරණය සම්බන්ධයෙන් මෙන්ම භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ධයෙන්ද විවිධ කට කතා පැතිරෙමින් පවතිනවා. ඒ එක කටකතාවක් වනුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සම්බන්ධතාවයක් තිබුන බවයි.


මේ පිළිබඳව කල සොයාබැලීමකදී අපට හෙලිවුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ඳතාවයක් ඇතිකරගන තිබෙන්නේ දකුණු පළාතේ ජේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ බවයි.රන්දිම ගමගේ හා හිරුනිකා අතර පැවති මෙම සම්බන්ධයට භාරත මහතාද කැමති වී ඇති අතර රන්දිම ගමගේ දකුණු පළාත් සභාව වෙත ඉදිරිපත්විමේදී එහි ජන්ද ව්‍යාපාරයට භාරත ප්‍රේමචන්ද්‍ර මහතාද ගාල්ල ප්‍රදේශයට පැමිණි ඔහුට සහයෝගය ලබාදුනි. 




10/10 11:12 Pm
භාරත නොසලකා හැරිය ආණ්ඩුව

භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වක්‍රාකාරව ආණ්ඩුව වගකිවයුතුබව භාරත මහතාගේ සමිපමතයන් ප්‍රකාශකර සිටිනවා.


ජනාධිපතිවරණයේදී වර්තමාන ජනපති එම තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් ඉටුකළ භාරත මහතා නොසලකා හරිමින් එක්සත් ජාතික පක්ෂයෙන් එක් වූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට කොලොන්නාව ආසනයේ සංවිධායක තනතුරද ලබාදී අධීක්ෂණ මන්ත්‍රී ධුරයක්ද ලබා දීම හා පසුගිය 07 වනදා ආරක්ෂක ලේකම් තුමා දුමින්ද සමග ඔහුගේ ජන්ද බල ප්‍රදේශයේ විශේෂ චාරිකාවක්ද සංවිධානයකොට තිබීම ඇතුළු ආරක්ෂක ලේකම් තුමාගෙන් දුමින්දට හිමිවූ විශේෂ වරප්‍රසාද මෙයට හේතුවී තිබේ.

එම සිදුවීම අවස්ථාවේ ආරක්ෂක ලේකම් මුලින්ම දුමින්ද බැලීමට ගිය අතර එයට ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන්ගේ මෙන්ම භාරත මහතාගේ ඥාතීන්ගේ අප්‍රසාදය පලකොට ඇත.

මෙම තත්වය යටතේ ආරක්ෂක ලේකම් තුමා තවමත් භාරත මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වී නොමැත.

භාරතගේ ඝාතනයේ අප්‍රසාදය රජය වෙත යොමුවීමත් සමග රජය මගින් සිදු කලේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමය.එම නිසා ලංකාදීප වෙබ් අඩවියේ මෙවන් පුවතක් පලවී තිබුණි.


භාරත ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා අතර විරසකය පැවතුනේ අද ඊයේ සිටක නොවේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා කියා සිටියේ මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බවයි.

මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද එහිදී කියා තිබිණි.


එසේ විරසකව සිටිනා භාරත නගරාධිපති ධුරය තමාට පිරි නොනනමා දුමින්දට පිරිනමන ලෙස කියා සිටීම මියගිය භාරත මහතාටත් කරන අපහාසයකි.

භාරත ප්‍රේමචන්ද්‍ර මහතා දුමින්ද පිලිබඳ සිදුකරන පහත කතාවෙන් දුමින්ද භාරත ගැටුම පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ගත හැක.



10/10 11:01 Pm
දුමින්දට නැවතත් ශ්වසන අධාරක සවි කරයි

දුමින්ද සිල්වා මහතා අද උදේ සිට කෘතීම ස්වසනය සැපයු උපකරණ වල සහාය නොමැතිව හුස්ම ගැනීම ආරම්භ කල නමුත් ඔහුගේ ශරීරය දුර්වල බැවින් නැවතත් ශ්වසන ආධාරක උපකරණ සවිකල බව ජයවර්ධපුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මන්ත්‍රීවරයාට සිහි එනතෙක් මොලයට සිදුවූ හානිය පිලිබඳ අදහස් පලකිරීමට නොහැකි බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් සිටිනවා