Pages

Wednesday, October 12, 2011

භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා




භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා 

මේවන විට භාර්තගේ මරණය සම්බන්ධයෙන් මෙන්ම භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ධයෙන්ද විවිධ කට කතා පැතිරෙමින් පවතිනවා. ඒ එක කටකතාවක් වනුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සම්බන්ධතාවයක් තිබුන බවයි.


මේ පිළිබඳව කල සොයාබැලීමකදී අපට හෙලිවුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ඳතාවයක් ඇතිකරගන තිබෙන්නේ දකුණු පළාතේ ජේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ බවයි.රන්දිම ගමගේ හා හිරුනිකා අතර පැවති මෙම සම්බන්ධයට භාරත මහතාද කැමති වී ඇති අතර රන්දිම ගමගේ දකුණු පළාත් සභාව වෙත ඉදිරිපත්විමේදී එහි ජන්ද ව්‍යාපාරයට භාරත ප්‍රේමචන්ද්‍ර මහතාද ගාල්ල ප්‍රදේශයට පැමිණි ඔහුට සහයෝගය ලබාදුනි. 




10/10 11:12 Pm
භාරත නොසලකා හැරිය ආණ්ඩුව

භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වක්‍රාකාරව ආණ්ඩුව වගකිවයුතුබව භාරත මහතාගේ සමිපමතයන් ප්‍රකාශකර සිටිනවා.


ජනාධිපතිවරණයේදී වර්තමාන ජනපති එම තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් ඉටුකළ භාරත මහතා නොසලකා හරිමින් එක්සත් ජාතික පක්ෂයෙන් එක් වූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට කොලොන්නාව ආසනයේ සංවිධායක තනතුරද ලබාදී අධීක්ෂණ මන්ත්‍රී ධුරයක්ද ලබා දීම හා පසුගිය 07 වනදා ආරක්ෂක ලේකම් තුමා දුමින්ද සමග ඔහුගේ ජන්ද බල ප්‍රදේශයේ විශේෂ චාරිකාවක්ද සංවිධානයකොට තිබීම ඇතුළු ආරක්ෂක ලේකම් තුමාගෙන් දුමින්දට හිමිවූ විශේෂ වරප්‍රසාද මෙයට හේතුවී තිබේ.

එම සිදුවීම අවස්ථාවේ ආරක්ෂක ලේකම් මුලින්ම දුමින්ද බැලීමට ගිය අතර එයට ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන්ගේ මෙන්ම භාරත මහතාගේ ඥාතීන්ගේ අප්‍රසාදය පලකොට ඇත.

මෙම තත්වය යටතේ ආරක්ෂක ලේකම් තුමා තවමත් භාරත මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වී නොමැත.

භාරතගේ ඝාතනයේ අප්‍රසාදය රජය වෙත යොමුවීමත් සමග රජය මගින් සිදු කලේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමය.එම නිසා ලංකාදීප වෙබ් අඩවියේ මෙවන් පුවතක් පලවී තිබුණි.


භාරත ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා අතර විරසකය පැවතුනේ අද ඊයේ සිටක නොවේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා කියා සිටියේ මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බවයි.

මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද එහිදී කියා තිබිණි.


එසේ විරසකව සිටිනා භාරත නගරාධිපති ධුරය තමාට පිරි නොනනමා දුමින්දට පිරිනමන ලෙස කියා සිටීම මියගිය භාරත මහතාටත් කරන අපහාසයකි.

භාරත ප්‍රේමචන්ද්‍ර මහතා දුමින්ද පිලිබඳ සිදුකරන පහත කතාවෙන් දුමින්ද භාරත ගැටුම පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ගත හැක.



10/10 11:01 Pm
දුමින්දට නැවතත් ශ්වසන අධාරක සවි කරයි

දුමින්ද සිල්වා මහතා අද උදේ සිට කෘතීම ස්වසනය සැපයු උපකරණ වල සහාය නොමැතිව හුස්ම ගැනීම ආරම්භ කල නමුත් ඔහුගේ ශරීරය දුර්වල බැවින් නැවතත් ශ්වසන ආධාරක උපකරණ සවිකල බව ජයවර්ධපුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මන්ත්‍රීවරයාට සිහි එනතෙක් මොලයට සිදුවූ හානිය පිලිබඳ අදහස් පලකිරීමට නොහැකි බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් සිටිනවා

No comments:

Post a Comment