ශ්‍රී ලංකාවේ කලාව ගැන හැම දේම.. Sri Lankan Art News, gossips, Television News, Music and Movie reviews, Actress and Model Images , Movie Stars, Star Interviews, Star Wallpapers, Bollywood News and more..
Tuesday, July 13, 2010
Monday, July 12, 2010
Saturday, July 10, 2010
තනිකඩ දිවියෙන් සමුගන්නවා
සමනලී ෆොන්සේකා

පරම්පරාවෙන් ම කලා ක්ෂේත්‍රයට උරුමකම් කියන්නට පියඹා ආ සමනළියක් ලෙස ඇය හැඳින්වූවාට වරදක් නැත. සමනලි ෆොන්සේකා, නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇගේ යොවුන් ජීවිතේ සොඳුරුතම පැතුමක් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සමනලී මේ දිනවල මෙරටට පැමිණ සිටියි. ඒ නිසා ම ඇය තරමක් කාර්යබහුලයි. ඇගේ දිවියේ සිදුවන මේ සුවිශේෂී වෙනස්වීමත් ඇගේ නවතම රංගන හා කලා තොරතුරු පිළිබඳවත් කතාබහ කරන්නට මෙවර ‘රසඳුන’ සතුටු සාමීචිය ඉඩකඩ වෙන් කළා.
ඉතිං... සමනලී හදිස්සියේම ලංකාවට ඇවිත් මේ දවස්වල මොකද කරන්නේ?
මම ලංකාවට ඇවිත් දැනට මාසයක් විතර වෙනවා. මට පැවැරී තිබෙන වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල තරමක් කාර්ය බහුලයි.
ඔබ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙන් පසුව නව සිනමා නිර්මාණයකින් තවම අප දුටුවේ නැහැ. ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තර ඇගැයීමට ලක්වීම පිළිබඳව ඔබ තුළ ඇත්තේ මොනවගේ හැඟීමක් ද?
‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තරව සම්මානයට පාත්‍රවන මොහොතේ මම හිටියේ ලංකාවේ. ඒ නිසා එහිදී අපට ලැබුණු ඇගැයීම් ප්‍රතිචාරවල සතුට විඳගන්න මට අවස්ථාව උදා වුණා.
‘ආකාස කුසුම්’ හි ඔබේ චරිතය ‘බන්ටි’ මේ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?
‘බන්ටි’ කියන්නේ රැඩිකල් චරිතයක්. ලෝකෙ දිහා පිරිමි ඇසින් බලන කෙනෙක් ඇය. එය ඇය මවාගත්ත දෙයක්. නමුත් ඇය ඇතුළාන්තයෙන් සානුකම්පිත හැඟීම් තිබෙන, මානුෂිකත්වය ඉහ වහා ගිය කෙනෙක්. මම හිතනවා, එහි අධ්‍යක්ෂකවරයා මගේ රඟපෑම් ගැන සෑහීමකට පත්වුණා කියා. ඒ චරිතය ගැන මම තෘප්තිමත්.
ඔබේ නැන්දනිය, හෙළ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මිය අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනවා. ඇය දේශපාලනයට පිවිසීම ගැන ඔබ සතුටු ද?
ඇය දේශපාලනයට පිවිසීම ගැන සතුටක් තිබුණත් මම වඩාත් ම කැමැති මාලිනී ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට. ඇය දේශපාලනයට පිවිසෙනවාට මගේ වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. මම නිරතුරුව ම ඇයට කිව්වේ, දේශපාලනයට අවතීර්ණ වෙන්න එපා කියලයි.
මීට පෙර දේශපාලනයට ආ කලාකරුවන්ට සිදුවුණු දේ මම දැකලා තියෙනවා. අනෙක ඇය වැනි අග්‍රගණ්‍ය නිළියකට මිනිසුන් ආදරය, ගෞරව කළේ කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරවයි. කොහොම වුණත් මගේ නැන්දා මේ දක්වා රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයේ ආ ගමන් මඟ දිහා බලපුවාම ඇය ඇගේ නාමයටත් ජීවිතයටත් හානියක් නොකරගෙන දේශපාලන කටයුතු කරයි කියා විශ්වාසයක් මා සිත තුළ තිබෙනවා.
ඔබේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මොනවගේ ද?
තවම නම් එයින් ගත වුණේ එක අවුරුද්දක් පමණයි. මම ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඉන්පසු වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. එහිදී මම පළමු අවුරුද්දේ දී ‘Salon Management’ පිළිබඳව හැදෑරුවා. දෙවන අවුරුද්දේ දී බොහෝ දුරට ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ලංකාවට ආවේ විශේෂ හේතුවක් නිසා නේද?
ඔව්. මගේ විවාහය සඳහායි. මේ දවස්වල වැඩිපුර වෙහෙසෙන්නේත් මගේ කාලය යොදවන්නේත් විවාහ මංගල උත්සවයේ වැඩකටයුතු සඳහායි. මේ මාසෙ මගේ විවාහය සිදුවෙන්න නියමිතයි.
ඔබේ අතගන්න මනාලයාගේ තොරතුරු මොනවද?
ඔහු ගයාන් ලක්රුවන්. ඔහුත් වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. දැනට ඒ ඇති.
ගයාන්ව ඔබට මුණගැසුණේ කොහොමද?
ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලදී තමයි මම ඔහු දැන හඳුනාගත්තේ. ඉන්පසු අපි දෙදෙනා හොඳම යහළුවන් බවට පත් වුණා. ඒ ආශ්‍රය දුරදිග ගියා. අපි දෙන්නාගේ අදහස් හොඳින් ගැලපෙන බව පෙනුණා. මේ නිසා අපි දෙන්නා පෙම්වතුන් ලෙසත් පසුව මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව විවාහ වෙන්න තීරණය කළා.
ඔබ සරසවි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වූ දක්ෂ නිළියක්. විවාහයත් සමඟ කලාවෙන් ඈත් වෙයිද?
එහෙම වෙන්නෙ නැහැ. මොකද ගයාන් මගේ කලා කටයුතුවලට උපරිමව සහයෝගය ලබා දෙනවා. එයා දන්නවා මම රංගන කටයුතු තෝරා බේරාගෙන සිදුකරන බව.
ඔබ ගයාන් ගෙන් දකින විශේෂ ගතිගුණ මොනවාද?
ගයාන් කියන්නේ හරිම ස්වාධීන මනුෂ්‍යයෙක්. ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක්. ඒ ගතිගුණවලට මම විශේෂයෙන් කැමැතියි.
ඔබගේ විවාහයෙන් පසුව නැවත විදේශගත වෙනවාද?
ඔව්. මගේ ඉතිරි අධ්‍යාපනික කටයුතු නිම කරන්න අවශ්‍ය නිසා අපි දෙදෙනාම විදේශ ගත වෙනවා.
ඔබ දෙපළ දීර්ඝ කාලීනව ම ඕස්ට්‍රේලියාවේ ම පදිංචි වේවිද?
විදේශ ගත වුණත් එහි පදිංචි වෙන අදහසක් අපේ සිත්වල නැහැ. අපි යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන නැවත ලංකාවේ පදිංචියට ඇවිත් මෙහි කලා කටයුතු වලට දායක වෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ.

Friday, July 9, 2010
Thursday, July 8, 2010
Sunday, July 4, 2010
ජගත් බෙනරගම අතගත් මනාලිය රේණුකා
අලුත් ජීවිතේ බොහොම සුන්දරයි...
ජගත් බෙනරගම
විවාහය සාමාන්‍යයෙන් පොදු දෙයක් වුවත්, අප අතර සිටින විශේෂ පුද්ගලයෙක් ඒ සුබ මොහොත පසුකළේ නම් බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේත් සොයා බලන්නේත් පුදුම ආශාවකින් සහ උනන්දුවකින්. එවැනි අවස්‌ථාවක් ලාංකීය කලා ක්‍ෂෙත්‍රයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකුට පසුගිය දා උදා වුණා. ඔහු නමින් ජගත් බෙනරගම. ජගත්ගේ අතගත් මනාලිය රේණුකා. දශක තුනකට ආසන්න කාලයක් කලාකරුවකු ලෙසට ක්‍ෂෙත්‍රයේ රැදෙමින් ආ ගමන් මග ගැනත් අලුත් ජීවිතය ගැනත් ජගත් අප සමග පැවසුවේ මේ අයුරින්.
"අලුත් ජීවිතේ නම් බොහොම සුන්දරයි. මම ප්‍රාර්ථනා කරපු විදිහේ කෙනෙක් හමුවුණා. අලුත් බලාපොරොත්තු එක්‌ක සතුටින් ජීවත් වෙනවා."
මොනවද ඒ ප්‍රාර්ථනා?
මම සාමාන්‍යයෙන් සහකාරියක් කියලා හිතුවේ ගෙදර දොර වැඩ කටයුතු ගැන අවබෝධයක් තියෙන. ඒ වගේම හොඳ නිවිච්ච හිතක් තියෙන, යමක් තේරුම්ගන්න පුළුවන් සහ පුහු ආටෝප නැති බොහොම චාම් කෙනෙක්. ඒ සිතුවිල්ල ඒ විදිහටම අද මට ලැබිලා තියෙනවා."
බිරිඳගේ තොරතුරු?
එයාගේ නම රේණුකා පුෂ්පකුමාරි විදාන. ජල සම්පාදන මණ්‌ඩලයේ තමයි රේණුකා සේවය කරන්නේ. ගම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිරම.
කොහොමද ඒ හමුවීම සිද්ධ වුණේ?
මගෙ ලොකු අක්‌කාගෙ යාළුවෙක් මාර්ගයෙන් තමයි රේණුකාව මට මුණගැහුනේ. ඊට මාස අටකට පස්‌සේ විවාහ උත්සවය ගන්න තීරණය කලා.
විවාහ උත්සවය ගැනත් කතා කරමු?
පසුගිය ජුනි මාසේ තුන්වෙනිදා පිළියන්දල දැල්තර පැරඩයිස් ඉන් හෝටලයේ තමයි විවාහ උත්සවය ගත්තේ. සාක්ෂිකරුවන් හැටියට අත්සන් කළේ ටවර්හෝල් රඟහල පදනමේ ඩග්ලස් සිරිවර්ධන මහතාත් ප්‍රවීණ කලාකරුවකු වන ජයලත් මනෝරත්නයන්. එදාම තමයි මගේ නෑදැයින්ට දහවල් කාලේ සංග්‍රහයත්, රේණුකාගේ පැත්තේ නෑදැයන්ට රාත්‍රි කාලයේ ආරධනා කරලා සංග්‍රහ කළේ. ඒක නිසා අපේ විවාහ උත්සවය ගත්තේ එක දවසයි.
කලාකරුවන්ට උත්සවයට ආරාධනා නොකළේ?
එහෙමම ලොකු හේතුවක් තිබුණේ නැහ. මම හැම වැඩක්‌ම කරන්නේ සීමාවක් ඇතුව. ඒ වෙද්දි මම විවාහ වෙන කාලයත් පැනලා තිබුණේ. අනික එක්‌කෙනෙකුට කිව්වොත් හැමෝටම කියන්න ඕන. ඉක්‌මණින් විවාහ වෙන එක හොඳයි කියලා හිතුවා. රේණුකාගේ පවුලේ අයත් හරිම හොඳයි. ඒ නිසා කාටවත් නොකියා පවුල් දෙකේ ආශිර්වාදය ඇතුව විවාහ උත්සවය ගත්තා.
බිරිඳ මොනවගේ ප්‍රතිචාරයක්‌ද ඔබේ කලාකටයුතුවලට දක්‌වන්නේ?
ඇත්තටම කියනවනම් එයා ටෙලිනාට්‍යය නරඹපු කෙනෙක් නෙමෙයි. වේදිකා නාට්‍යයත් බොහොම අඩුවෙන් බලලා තිබුණේ. මාව අඳුනගත්තට පස්‌සේ තමයි පබා නාට්‍යය වුණත් බලන්න යොමුවුණේ. දැන් නම් මම රඟපාපු නාට්‍ය හොය හොයා බලනවා. එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා මගේ වෘත්තිය ගැන.
පබාගෙන් පස්‌සේ අද රංගන ජීවිතේ තතු?
මම මුලින්ම රඟපාපු ජයලත් මනෝරත්නයන්ගේ රන්සිරිගේ සංග්‍රාමයත් දෙවනුව රඟපෑ නාලන් මෙන්ඩිස් මහත්මාගේ නෑදැයෝ ටෙලිනාට්‍යයෙනුත් පස්‌සේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ පබා නාට්‍යයේ උක්‌කුවට. විශේෂයෙන් විදේශ රටවලින් ලැබුණු ප්‍රතිචාර බොහොම ඉහළයි. පසුගිය වසරේ චිත්‍රපට හතරක රඟපෑවා. එයින් එකක් ස්‌තූතියි නැවත එන්න මේ දිනවල තිරගත වෙනවා. නිශාන්ත අල්විස්‌ගේ රජානෝ, බෙනට් රත්නායකගේ ඉර හඳ යට, රියඅද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.
වසරක් තුළ චිත්‍රපට හතරක රඟපෑම තුළ යම්කිසි සුවිශේෂීත්වයක් තිබෙනවා?
මම චිත්‍රපට ගොඩක රඟපාලා නැහැ. අවුරුදු විසිහයක් වන රංගන ජීවිතේ පුරාවට චිත්‍රපට දහතුනක විතර තමයි රඟපාලා තියෙන්නේ.
බොහෝ විට ඒ නිර්මාණ අතුරිනුත් වැඩි ප්‍රමාණයක් සම්භාව්‍ය මට්‌ටමේ නිර්මාණ?
මෑතක කරපු නිශාන්ත අල්විස්‌ගේ රජානෝ චිත්‍රපටය විතරයි වාණිජ චිත්‍රපටයක් හැටියට මම රඟපෑවේ. මට බොහෝ වෙලාවට වාණිජ නිර්මාණවලට කතා කරනවා අඩුයි. වාණිජ සිනමාවේ රඟපෑවත් ඒ හැම චරිතයක්‌ම කලාත්මක මට්‌ටමේ යමක් කරන්න පුළුවන් ගුණාත්මක චරිත.
වේදිකාවෙන් පැමිණි අයෙක් විදිහට අද වග තුග?
වේදිකාවෙන් ලැබුණු ආභාෂය පලපුරුද්ද නිසා තමයි මෙවැනි ගමනක් අද ඒන්න ලැබිලා තියෙන්නේ. මේ වෙද්දි ගුරු තරුව, තල මල පිපිලා, අන්දරේලා, සිහිනවලට පාට දෙන්න නාට්‍යය වේදිකාගත වෙමින් තියෙනවා. ඒ ඇරුණහම තව නිර්මාණ බොහොමයක් අද නැවතිලා තියෙනවා.
ෙíaත්‍රය තුළ ඔබ නළුවෙක් පමණද?
නැහැ. තිරපිටපත් රචකයෙක් හැටියට ටෙලිනාට්‍යය පිටපත් දෙකක් ලියලා ඒවා විකාශය වෙලත් තියෙනවා. ඒ හීනයට අවසරයි සහ ලා සඳපාමුල නමින්. සඳ නොදුටු සඳ කියලා ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. තවත් ටෙලිනාට්‍යයක් අධ්‍යíණය කරන්න දළ සැකසුම් සකසමින් තියෙනවා. නමුත් කාලවේලාව වෙන්කරගැනීමේ අපහසුව තමයි තියෙන්නේ.
නළුවෙක් වීම ගැන අද දැනෙන්නේ?
වේදිකාවට සම්බන්ධ වුණ කාලෙදි රජයේ උසස් රැකියාවක් කරපු කෙනෙක් මම. එතනදි මට තේරුනා ඒක හරියන්නේ නැහැ මගේ ඇගේ තියෙන්නේ රංගනය. ඒක කොහොම හරි ගොඩනගාගෙන යම් ස්‌ථාවරත්වයට එන්න ඕන කියලා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගනිමින් කලාකරුවෙක් වීම ගැන තෘප්තිමත්.
හෙට දවසේ කලා කටයුතු?
මේ දිනවල නිල් නෙතු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. සැප්තැම්බර් මාසේ සිට කපිල සූරියආරච්චි මහතාගේ අලුත් චිත්‍රපටයේ රෑගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තියෙනවා.
ජගත් බෙනරගම
විවාහය සාමාන්‍යයෙන් පොදු දෙයක් වුවත්, අප අතර සිටින විශේෂ පුද්ගලයෙක් ඒ සුබ මොහොත පසුකළේ නම් බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේත් සොයා බලන්නේත් පුදුම ආශාවකින් සහ උනන්දුවකින්. එවැනි අවස්‌ථාවක් ලාංකීය කලා ක්‍ෂෙත්‍රයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකුට පසුගිය දා උදා වුණා. ඔහු නමින් ජගත් බෙනරගම. ජගත්ගේ අතගත් මනාලිය රේණුකා. දශක තුනකට ආසන්න කාලයක් කලාකරුවකු ලෙසට ක්‍ෂෙත්‍රයේ රැදෙමින් ආ ගමන් මග ගැනත් අලුත් ජීවිතය ගැනත් ජගත් අප සමග පැවසුවේ මේ අයුරින්."අලුත් ජීවිතේ නම් බොහොම සුන්දරයි. මම ප්‍රාර්ථනා කරපු විදිහේ කෙනෙක් හමුවුණා. අලුත් බලාපොරොත්තු එක්‌ක සතුටින් ජීවත් වෙනවා."
මොනවද ඒ ප්‍රාර්ථනා?
මම සාමාන්‍යයෙන් සහකාරියක් කියලා හිතුවේ ගෙදර දොර වැඩ කටයුතු ගැන අවබෝධයක් තියෙන. ඒ වගේම හොඳ නිවිච්ච හිතක් තියෙන, යමක් තේරුම්ගන්න පුළුවන් සහ පුහු ආටෝප නැති බොහොම චාම් කෙනෙක්. ඒ සිතුවිල්ල ඒ විදිහටම අද මට ලැබිලා තියෙනවා."බිරිඳගේ තොරතුරු?
එයාගේ නම රේණුකා පුෂ්පකුමාරි විදාන. ජල සම්පාදන මණ්‌ඩලයේ තමයි රේණුකා සේවය කරන්නේ. ගම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිරම.
කොහොමද ඒ හමුවීම සිද්ධ වුණේ?
මගෙ ලොකු අක්‌කාගෙ යාළුවෙක් මාර්ගයෙන් තමයි රේණුකාව මට මුණගැහුනේ. ඊට මාස අටකට පස්‌සේ විවාහ උත්සවය ගන්න තීරණය කලා.
විවාහ උත්සවය ගැනත් කතා කරමු?
පසුගිය ජුනි මාසේ තුන්වෙනිදා පිළියන්දල දැල්තර පැරඩයිස් ඉන් හෝටලයේ තමයි විවාහ උත්සවය ගත්තේ. සාක්ෂිකරුවන් හැටියට අත්සන් කළේ ටවර්හෝල් රඟහල පදනමේ ඩග්ලස් සිරිවර්ධන මහතාත් ප්‍රවීණ කලාකරුවකු වන ජයලත් මනෝරත්නයන්. එදාම තමයි මගේ නෑදැයින්ට දහවල් කාලේ සංග්‍රහයත්, රේණුකාගේ පැත්තේ නෑදැයන්ට රාත්‍රි කාලයේ ආරධනා කරලා සංග්‍රහ කළේ. ඒක නිසා අපේ විවාහ උත්සවය ගත්තේ එක දවසයි.
කලාකරුවන්ට උත්සවයට ආරාධනා නොකළේ?
එහෙමම ලොකු හේතුවක් තිබුණේ නැහ. මම හැම වැඩක්‌ම කරන්නේ සීමාවක් ඇතුව. ඒ වෙද්දි මම විවාහ වෙන කාලයත් පැනලා තිබුණේ. අනික එක්‌කෙනෙකුට කිව්වොත් හැමෝටම කියන්න ඕන. ඉක්‌මණින් විවාහ වෙන එක හොඳයි කියලා හිතුවා. රේණුකාගේ පවුලේ අයත් හරිම හොඳයි. ඒ නිසා කාටවත් නොකියා පවුල් දෙකේ ආශිර්වාදය ඇතුව විවාහ උත්සවය ගත්තා.
බිරිඳ මොනවගේ ප්‍රතිචාරයක්‌ද ඔබේ කලාකටයුතුවලට දක්‌වන්නේ?
ඇත්තටම කියනවනම් එයා ටෙලිනාට්‍යය නරඹපු කෙනෙක් නෙමෙයි. වේදිකා නාට්‍යයත් බොහොම අඩුවෙන් බලලා තිබුණේ. මාව අඳුනගත්තට පස්‌සේ තමයි පබා නාට්‍යය වුණත් බලන්න යොමුවුණේ. දැන් නම් මම රඟපාපු නාට්‍ය හොය හොයා බලනවා. එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා මගේ වෘත්තිය ගැන.
පබාගෙන් පස්‌සේ අද රංගන ජීවිතේ තතු?
මම මුලින්ම රඟපාපු ජයලත් මනෝරත්නයන්ගේ රන්සිරිගේ සංග්‍රාමයත් දෙවනුව රඟපෑ නාලන් මෙන්ඩිස් මහත්මාගේ නෑදැයෝ ටෙලිනාට්‍යයෙනුත් පස්‌සේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ පබා නාට්‍යයේ උක්‌කුවට. විශේෂයෙන් විදේශ රටවලින් ලැබුණු ප්‍රතිචාර බොහොම ඉහළයි. පසුගිය වසරේ චිත්‍රපට හතරක රඟපෑවා. එයින් එකක් ස්‌තූතියි නැවත එන්න මේ දිනවල තිරගත වෙනවා. නිශාන්ත අල්විස්‌ගේ රජානෝ, බෙනට් රත්නායකගේ ඉර හඳ යට, රියඅද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.
වසරක් තුළ චිත්‍රපට හතරක රඟපෑම තුළ යම්කිසි සුවිශේෂීත්වයක් තිබෙනවා?
මම චිත්‍රපට ගොඩක රඟපාලා නැහැ. අවුරුදු විසිහයක් වන රංගන ජීවිතේ පුරාවට චිත්‍රපට දහතුනක විතර තමයි රඟපාලා තියෙන්නේ.
බොහෝ විට ඒ නිර්මාණ අතුරිනුත් වැඩි ප්‍රමාණයක් සම්භාව්‍ය මට්‌ටමේ නිර්මාණ?
මෑතක කරපු නිශාන්ත අල්විස්‌ගේ රජානෝ චිත්‍රපටය විතරයි වාණිජ චිත්‍රපටයක් හැටියට මම රඟපෑවේ. මට බොහෝ වෙලාවට වාණිජ නිර්මාණවලට කතා කරනවා අඩුයි. වාණිජ සිනමාවේ රඟපෑවත් ඒ හැම චරිතයක්‌ම කලාත්මක මට්‌ටමේ යමක් කරන්න පුළුවන් ගුණාත්මක චරිත.
වේදිකාවෙන් පැමිණි අයෙක් විදිහට අද වග තුග?
වේදිකාවෙන් ලැබුණු ආභාෂය පලපුරුද්ද නිසා තමයි මෙවැනි ගමනක් අද ඒන්න ලැබිලා තියෙන්නේ. මේ වෙද්දි ගුරු තරුව, තල මල පිපිලා, අන්දරේලා, සිහිනවලට පාට දෙන්න නාට්‍යය වේදිකාගත වෙමින් තියෙනවා. ඒ ඇරුණහම තව නිර්මාණ බොහොමයක් අද නැවතිලා තියෙනවා.
ෙíaත්‍රය තුළ ඔබ නළුවෙක් පමණද?
නැහැ. තිරපිටපත් රචකයෙක් හැටියට ටෙලිනාට්‍යය පිටපත් දෙකක් ලියලා ඒවා විකාශය වෙලත් තියෙනවා. ඒ හීනයට අවසරයි සහ ලා සඳපාමුල නමින්. සඳ නොදුටු සඳ කියලා ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. තවත් ටෙලිනාට්‍යයක් අධ්‍යíණය කරන්න දළ සැකසුම් සකසමින් තියෙනවා. නමුත් කාලවේලාව වෙන්කරගැනීමේ අපහසුව තමයි තියෙන්නේ.
නළුවෙක් වීම ගැන අද දැනෙන්නේ?
වේදිකාවට සම්බන්ධ වුණ කාලෙදි රජයේ උසස් රැකියාවක් කරපු කෙනෙක් මම. එතනදි මට තේරුනා ඒක හරියන්නේ නැහැ මගේ ඇගේ තියෙන්නේ රංගනය. ඒක කොහොම හරි ගොඩනගාගෙන යම් ස්‌ථාවරත්වයට එන්න ඕන කියලා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගනිමින් කලාකරුවෙක් වීම ගැන තෘප්තිමත්.
හෙට දවසේ කලා කටයුතු?
මේ දිනවල නිල් නෙතු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. සැප්තැම්බර් මාසේ සිට කපිල සූරියආරච්චි මහතාගේ අලුත් චිත්‍රපටයේ රෑගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තියෙනවා.
Subscribe to:
Posts (Atom)