Pages

Saturday, February 11, 2012

හිරුණිකාගේ පෙම් සබඳතාවය අවසන්

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කරමින් අසත්‍යය කට කතා පැතිරෙන විට හිරුණිකා යහළුවී සිටින්නේ පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන බව මුල් වරට හෙළිකළේ ගොසිප්9 විසිනි.

නමුත් එම සම්බන්ධතාවය මේ වනවිට අවසන්වී ඇති බව හිරුණිකා සතිඅන්ත ලංකාදීප පුවත්පතට අදහස් පළකරමින් ප්‍රකාශ කොට තිබේ.එම සංවාදය පහතින් බලන්න

ඔබට පෙම්වතෙක් ඉන්නවා නේද?
මම වසර 5 ක් සම්බන්ධතාවයක් පැවැත්වුවා..එදා මම මාධ්‍යය සමග හැසිරෙන්න දැනගෙන හිටියේ නැහැ.මාධ්‍යය අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ගියා..මා නිසා තාත්තගේ නම කැත වේවි කියල මට ලොකු බයක් දැනුන.


මගේ පින්තුර ඉන්ටනෙට් එකේ දාල ..තව අය එක්ක යාලුයි කියල කියනවා...මම කලේ රූපවාහිනියට කතා කළා..මම බඳින්න ඉන්න එක්කෙනා කියලත් පෙන්නුවා..මම හරි මෝඩ වැඩක් ඒ කලේ.මේ රටේ දේශපාලනය කරන්න මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න ඕන.මම දැන් තේරුම් අරන් ඉන්නේ ඕනවට වඩා අවංක වෙලත් හොඳ නැහැ.

ඔබ ඔහු සමග විවාහ වනවාද?
දැන් ඒ සම්බන්ධය නැහැ..තාත්තගේ සිද්ධියෙන් පසු අපි තේරුම් ගත්තා මම යන ගමන සැර වැඩියි කියල මම තේරුම් ගත්තා..මම යන ගමන එක්ක ඔහුටත් ප්‍රශ්නයක් වේවි. මේ වෙලාවේ තවකෙනෙකුට අවධානය යොමු කරන්න අමාරුයි.


මගේ ඔලුවේ තියෙන්නේ තාත්තගේ නඩුව දිනන එක..අපි ටික කාලයකට වෙන් වෙන්න තීරණය කළා..මේක නොකෙරෙන දෙයක් බවට පත්වෙලා ඉවරයි..ඉදිරියට කොහම වෙනස් වේවිද දන්නේ නැහැ.මම දේශපාලනයට එන්න තීරණය කරලා ඉවරයි.

අපි දේශපාලන පවුල් දෙකක්.තාත්තගේ නම ගෙනියන්න මට අවශ්‍යයි.අපි වෛරක්කාරයෝ වෙලා නැහැ.තාත්තා හැර මට සමීපව හිටියේ ඔහුයි.


භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමෙන් පසු මෝටර් රථයක් තුල හඬමින් සිටිනා යුවතියක් පිලිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවූ අතර ඇය මිස් ශ්‍රීලංකා සඳහා තරඟ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය බවත්, ඇය සම්බන්ධතාවයක් ඇතිකරගන තිබෙන්නේ දකුණු පළාතේ ජේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ බවටත් හෙළි කළ ගොසිප්9 ලිපිය

No comments:

Post a Comment