Pages

Friday, September 16, 2011

ජැකලීන් යුග දිවියට

ජැකලීන් ලබන වසරේ යුග දිවියට


ශී‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍්‍රය බොලිවුඞ් නිලි ජැකලින් ෆර්නැන්ඩස් ලබන අපේ‍්‍රල් මාසයේදී විවාහවීමට යන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඇයව විවාහකර ගැනීමට සැරසෙන්නේ බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සජීඩ් ඛාන්ව බවපැවසේ.

ජැකලීන් රංගනයෙන් දායක වන කි‍්‍රෂ් - 2 චිත‍්‍රපටයේ රූගත කිරීම් අවසන්වූ වහාම මේ විවාහය සිදුවීමට නියමිත බවමේ අතර වාර්තා වේ.

හවුස් ෆුල් - 2 චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරවාරයේදී සජීඩ් පැකලීන් හා පෙමින් වෙලී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ විවාහයට ජැකලින්ගේ දෙමාපිය ආශිර්වාදයමේ වන විට ලැබී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

මේ දිනවල තිරගත වන චිත‍්‍රපටියක් වන මර්ඩර් 2 තුළින් ජැකලීන් බොලිවුඩය තුළ ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.

කෙසේවුවද ඇය මර්ඩර් 3 සඳහා තෝරාගෙන නැතැයිබොලිවුඕ පුරයෙන් වාර්තා වේ.

මර්ඩර් චිත‍්‍රපට නිෂ්පාදනය කළ භාත් සොහොයුරන් ජේම්ස් බොන්ඩ් සිනමා පෙළේ මෙන් මර්ඩර් චිත‍්‍රපටි පෙළේ සෑම චිත‍්‍රපටියක් සඳහාවෙනස් නිළියක් යොදාගැනීමට තීරණය කිරීම ඊට හේතුවී ඇතැයි පැවසේ.

මේ අතර, ජැකලීන් ශී‍්‍ර ලංකාවේ මෝස්තර නිරූපන ක්ෂේත‍්‍රයේ පුහුණු පාසලක් ආරම්භ කිරීමට අදහස් කර සිටින බවවාර්තා වේ.

මේ වසර අවසානයේ දී එම පාසල ආරම්භ කරන බව ඇය මාධ්‍ය වෙත පවසා ඇත.

ඇය රගපෑ මර්ඩර් 2 චිත‍්‍රපටිය මේ දිනවලදී ලොවපුරා තිරගත වන අතර, ප‍්‍රමුඛ පෙලේ බොලිවුඞ් නළුනිළියන් වන අක්ෂේ කුමාර්, ජෝන් ඒබ‍්‍රහම්, මිතුන් චක්‍‍්‍රබර්ති, ආසින් හා රිතේෂ් දේශ්මුඛ් සමග ඇය රගපාන ”හවුස්ෆුල් 2” චිත‍්‍රපටියේ රූගතකිරීම් මේ දිනවල සිදුකෙරේ.

මීට අමතරව, හොලිවුඞ් චිත‍්‍රාගාරයක සමනිෂ්පාදකත්වයෙන් නිමවීමට නියමිත ප‍්‍රථම බොලිවුඞ් 3 ත‍්‍රාස්‍ය චිත‍්‍රපටය වන රාස් 3 චිත‍්‍රපටිය සඳහා ද ඇයව තෝරාගෙන ඇත.
http://www.hindustantimes.com/Images/2011/8/c907b32c-0eb2-4e53-824a-8df6ba4153eaMediumRes.JPG

No comments:

Post a Comment