ශ්‍රී ලංකාවේ කලාව ගැන හැම දේම.. Sri Lankan Art News, gossips, Television News, Music and Movie reviews, Actress and Model Images , Movie Stars, Star Interviews, Star Wallpapers, Bollywood News and more..
Friday, December 30, 2011
හිරුණිකා නාමල් ගැන කතා කරයි
පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.
පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක්
"ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට.
ඒ පවුලට ගැහැනු ළමයෙක් හිටියේ නැහැනේ. පිරිමි ළමයි තුන් දෙනෙක්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් අපි එකට හැදුනේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න මම ඒ ගෙදරට නිතර යනවා එනවා. ඒක ගොඩාක් පේන ගෙයක්. හැම කෙනාම එන යන ගෙයක්.
අපේ පවුලෑ අයත් එතැනට යනවා. ජනාධිපතිතුමත් එතකොට විපක්ෂ නායක. අගමැති, ජනාධිපති ඒ ගොල්ලෝ මෙහේ එනවා. අපි ට්‍රිප් යනවා එකට. එතකොට දකින ඕනේ කෙනෙක් හිතන්නේ එහෙම.
එතකොට මමත් වයස 15,16 කාලේ. නාමල් අයියත් ලොකුයිනේ එතකොට හිතන්නේ අපි දෙන්නා බඳින්න කතා කරගන කියලා. එහෙමයි මුලින් ගියේ කතාව. ගෙවල් වලින් කතා කරගන තියනවා කියලා. නැතුව අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ.
ටිකක් කල් යද්දී ඔය කතාව හැම තැනම පැතිරුණා. තාත්තිගේ අවාසනාවට තාත්තිගේ අන්තිම ජන්දේ පැරදිලා හිටියේ. ඒත් තාත්ති ජනාධිපතිතුමා ජනාධිපති වෙනකම්ම පිටිපස්සෙන් හිටියනේ. ඒකත් හැමෝම හිතුවා ඒ හින්දා තමයි මේ යාලුකම කියලා. එහෙම කිසිම දෙයක් තිබුනේ නැහැ.
ඔය අතරේ පියසේන ඇමතිතුමාගේ පුතා හිටියේ මේ එහා පැත්තේ ගෙදරක. එයා මගෙන් යාලු වෙන්න ඇහුවේ ඒ කාලේ. මට අවුරුදු 15,16 කාලේ ඒත් මම යාලු වුනේ නැහැ. මම අවුරුදු 18න් එයත් එක්ක යාලුවුනේ. රන්දිමත් එක්ක යාලු වෙලා ඉන්න කාලේ ඒත් නාමල් අයියා මගේ යාලුවෙක්.
මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වුනහම අනිත් පිරිමි ලමයි එක්ක තියන යාලුකම් ඈත් වෙනවනේ. ඒකයි වුනේ. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සර තරම් ෆිට් එකක් තිබුනේ නැහැ. එතකොට මිනිස්සු හිතුවා ගෙවල්වලින් කැමතිනැතුව ඈත්වෙලා කියලා ඒවා මේවා කියනන් ගත්තා.
ජීවිතේටවත් අහපු නැති ඒවා. ඒ ගොල්ලන්ගේ ගෙවල් වල අපි හිටපු විදිහට, දැන් හිතන්න ඔයාගේ ගෙදර ඔයාගේ නංගි කෙනෙක් හදද්දී ඔයාට එයා ගැන වැරදි විදිහට හිතන්න බැහැනේ. එහෙම ජීවිතේට හිතන්නේ නැහැ ගෙවල් වල හිටපු විදිහට. ඒක තමයි වුණේ.
ඊට පස්සේ ඒක හැමතැනම කතාව ගියා ඔය ප්‍රශ්නේ නිසා තමයි අරව මේව වුනේ කියලා. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ හින්දම මම අවුරුදු 4ක් UK හිටියා. නාමල් අයියත් එහේ ඉගනගත්තේ. නමුත් එක දවසක්වත් නාමල් අයියා මාව බලන්න ආවේ නැහැ. මගේ නම කැතවෙයි කියලා.
එයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."
Wednesday, December 28, 2011
ශිහාන්ගේ විවාහය ලබන වසරේ

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.
ගොසිප්9 වෙත වාර්තා වන්නේ ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් සපිරෙන බවයි.වසර නවයක් පුරාවට තිබු ශිහාන් මිහිරංගගේ ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට මෙතෙක් කල් රහසක්ව පැවතුනත් එය ලබන වසරේ ජනවාරි මාසය අග වන විට නිල වශයෙන් දැනුම්දීමට ශිහාන් සුදානම් වනබව වාර්තාවේ.
මේ අතර ශිහාන්ගේ පෙම්වතිය කැමතිම ගීතය වන ශිහාන් ගයන "මේ ඇස් දිහා බලන්" ගීතයෙහි සම්පුර්න හිමිකාරත්වය ගැනීම සඳහා ශිහාන් විසින් රුපියල් මිලියනයකට අධික මුදලක් වැය කර ඇත.
තම පෙම්වතියගේ ප්‍රියතම ගීතය වන එහි රුපරචනය සඳහා ශිහාන් සමගින් ශිහාන්ගේ පෙම්වතිය පෙනී සිටීමට නියමිතයි.එහි රුගත කිරීම් ලබන වසරේ පෙබරවාරි මස සිදු කිරීමට දින දී ඇති අතර ශිහාන්ගේ විවාහය ලබන වසරේ ජුනි මස සිදු කිරීමට සැලසුම්කොට ඇත.
Sunday, December 25, 2011
කති‍්‍රනාගේ ‘නිල්’ වීඩියෝව

කති‍්‍රනා කයිෆ් සෙක්ස් ස්කැන්ඩල්’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව කති‍්‍රනාට සමාන රුවක් ඇති තරුණියක් සිටින වීඩියෝවක් බව මේ වන විට අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, අන්තර්ජාලයට එක්කර පැය කිහිපයක් ඇතුළත වැඩිපුරම බාගත කරන ලද වීඩියෝව ලෙස මෙය නම් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම සිද්ධියෙන් දැඩි ලෙස කනස්සල්ලට හා කෝපයට පත් ව ඇති කති‍්‍රනා පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශනය ඉතා පිළිකුල් සහගත බවත්, එහි පෙනී සිටින කාන්තාව තමා නොවන බවත්ය.
Friday, December 23, 2011
උරේෂාගේ විවාහය ගිලගත් බාලගිරි දෝෂය !

කෙසේවවුද ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ උරේෂාගේ විවාහයට බාලගිරි දෝෂය වැළැඳී ඇති බවයි.
ඒ කෙසේවෙතත් උරේෂාගේ රූපලාවන්‍ය ශිලිපිනියන් පවසන්නේ ඇය රූපලාවන්‍ය කටයුත්තක් සදහා රූපලාවන්‍යගාරයට එන සෑම දිනයකම පවසන්නේ මේ වසරේ විවාහ වන බව බවයි.
ගීත රචකයෙක් හා එෆ්.එම්. නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සමග තිබූ පුංචි ඇයි හොදැයිය අවසන් වීමෙන් පසුව උරේෂා කොල්ලන්ට බයයි කියලත් ක්ෂේත්රයේ රාවයක් තිබේ.
Wednesday, December 21, 2011
රයිනිගේ පෙම බිඳිලා !

රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ.
ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.
කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.
කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.
ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.
කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.
කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.
Monday, December 12, 2011
යලි විවාහ වීමට පෙරුම්පුරණ උපේක්ෂා

ඇත්තටම කාර්යබහුලයි. මේ දිනවල ඇය වැය විවාදය නිසා දිනපතාම පාර්ලිමේන්තු යෑමට සිදුවෙනවා. මට පුළුවන් ප්‍රමාණයෙන් ජනතාවට සේවය කරනවා.
ඔබ දේශපාලනයේදී පක්ෂ පාට මාරුකිරීම අනුමත කරනවාද?
ඒ දෙය සිදු කරන්න වන්නේ ඇයි කියන කාරනාව තමයි වැදගත් වෙන්නේ. දේශපාලන පක්ෂ වල ගැටළු තිබෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හිතට එකඟව ස්වාධීන තීරණ ගැනීම වැදගත්. මොකද කුමන දෙයකින් හෝ ජනතාවට සේවය කිරීමයි වැදගත්.
ඔබ දේශපාලන පිල් මාරු කලේ ඇයි?
මම ඒ ගැන වැඩිය කතා බහ කරන්න කැමති නැහැ. ඒ සිදුවීම මට ගොඩක් දුරට බලපෑවා. ඒක පෞද්ගලික කාරණාවක්.
ඔබ ගෙවන මේ පාලු ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
යම්තාක් දුරට සතුටුයි. යම්තාක් දුරට දුකයි. හැබැයි ජීවිතය ගැන තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.ඇත්තටම වෙලාවකට ගොඩාක් පාළුයි. මොකද උපේක්ෂා කියන්නේ ආදරයට ලැදි චරිතයක්. පාළුව මකාගන්න කාර්යබහුලත්වය හොඳ සාධකයක්. විරහව මතක වෙද්දී අමුතු වේදනාවක් දැනෙනවා. නමුත් ඒ සියල්ල පිටුපස මගේ අම්ම ඉන්නවා. විරහව පාළුව මකාගන්න පුළුවන් වැදගත් දේවල් වලට සහභාගී වෙනවා.
යලිත් විවාහ උනොත් හොඳයි නේද?
මම විවාහ වෙන්නේ නෑ කියන්නේ නෑ. මගේ විවාහ ජිවිතයේ දරුවෙක් හිටියේ නැතිඑක හොඳයි. මගේ දෙමවුපියෝ වෙන උනේ මට අවුරුදු 3 දී. මම ඒ වේදනාව හොඳට දන්නවා. ඉතිං මට ඒ පාපයට අතගහන්න නොලැබීම භාග්‍යක්. මම යලිත් විවාහ වෙන්න කැමතියි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියනවනේ. ඒ නිසා මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් යලිත් විවාහ වේවි.
විවාහ වෙන්න මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
ඔක්කොටම කලින් මම කරන කළා, දේශපාලන,අධ්‍යාපන වැඩකටයුතු භාරගන්න කෙනෙක් විය යුතුයි. විශේෂයෙන් මෙහි තියෙන කටකතා , රූගත කිරීමේ ප්‍රමාදවීම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවද අම්මා කැමති විය යුතුයි. ඒ වගේම අම්මට ආදරය විය යුතුයි.
ඔබේ සුන්දරම කාලය තනිකඩව සිටීම අපරාධයක් කියා හිතෙන්නේ නැතිද?
මේ මගේ සුන්දරම කාලය කියා හිතන්නේ නැහැ. මේ වයස මම හිතන්නේ වැඩියෙන්ම කාර්යබහුල විය යුතු වයසක් කියලා. අවුරුදු 16 තමයි මගේ සුන්දරම කාලය. මගේ ඒ සුන්දර කාලය ඉවරයි. අනාගතය සුරක්ෂිත කරගන්න, රටට වැඩදායි වැඩක කරන්න, පෞද්ගලිකව දියුණුවෙන්න තමයි මේ කාලයේ මම වැඩ කරන්නේ.
නමුත් ඔබ ගෙවන ජිවිතයට අයුතු යෝජනා බලපෑම් ඇතිවෙනවා ඇති නේද?
අනිවාර්යෙන්ම. සමහර මන්ත්‍රීවරු පවා මට කිවා අයුතු යෝජනා එයි කියලා. ඒවාට මම හැරියට මුහුණ දුන්නොත් ජිවත් වෙන්න පුළුවන්. එවැනි යෝජනා එන කාලයක් තිබෙනවා. ඒ කාලය පාන්නට පසුව එවැනි යෝජනා එන්නේ නැහැ. හැබැයි ඒ කාලය තුල මම හොඳට සුරක්ෂිත විය යුතුයි.
ඒ කියන්නේ දැන් ඔබ සුරක්ෂිතයි?
මම දැන් ඉන්නේ අවධානයෙන්. මම දැන් දන්නවා ඉන්න ඕනේ විදිහ. මම පාර්ලිමේන්ති මංත්‍රීවරියක් විදිහට සමහරු හිතනවා ඒ බලතල පාවිච්චි කරලා අයුතු වැඩ කරයි කියලා ඒ වගේම කලාකාරිනියක් විදිහට ජනප්‍රිය නිසා මා ලඟට කිට්ටු වෙන පිරිසකුත් ඇති. ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප කළාට පසුව ඒ අයගේ හිත්වල ඇතිවන ගරුත්වය හරි පුදුමාකාරයි
ඇයි ඔබ මංගල මුද්ද තවම පලඳින්නේ?
මම තවම විවාහකයි. නීතියෙන් වෙන් වෙලා නැහැ. වෙන් වුනාට පසුවත් මංගල මුදුව ගලවන්නේ නැහැ. වෙන්වුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මට ලොකු දුකක්. වෙන් වුනත් ඒ මුදුව දිගටම අතේ තියේවි.
පිරිමින් ගැන හිතන්නේ මොන විදිහටද?
මගේ තාත්තා මා සමඟ ජීවත් වුනේ නැහැ. ඒ වගේම මම ගොඩාක් ආදරේ කළ සැමියා මා ලඟ නොසිටි නිසා ඇත්තටම ලොකු වේදනාවක් කණගාටුවක් තියනවා. මෙහෙම අසාධාරණයක් වෙන්න තරම් මම වැරැද්දක් කරලා නැහැ. හොඳ පිරිමි මේ ලෝකයේ ඉන්නවා. මම ඒ අයව එච්චර අඳුරන්නේ නැහැ.
ලඟදී සැමියා කතා කළේ නැතිද?
නැහැ. එයාට වාරණයක් දමා තිබෙන්නේ. කතා කරන්න තහනම්.
උපේක්ෂාගේ ජීවිතේ වැරදුන තැන් මොනවද කියලා කිව්වොත්?
මට ජීවිතයේ වැරදුනේ ආදරය නිසා. මම ආදරයට වහල් වුණු ආදරය ජීවිතයේ කොටසක් කරගත්තු චරිතයක්. මම මගේ මුළු ලෝකයම ආදරය කරගත්තා. ඒ තමයි මම කරගත්තු ලොකුම වරද. ආදරයේදී හරි ලෝබයි. ඉස්සර වගේ නෙවෙයි දැන් මම. මම ආදරය කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලිට. උපේක්ෂව හොඳින් තියන්න මම වගකීමක් අරගන තියෙනවා.
ඇත්තටම උපේක්ෂා මොන වගේ චරිතයක්ද?
අවංක වෙන්න උපරිමයෙන් කැමති කෙනෙක්. හැම වෙලාවෙදිම අවංකයි කියන්න අමාරුයි. පොඩි බොරු කරන අවස්ථාත් තිබෙනවා. ඒ තමන්ගේ ආරක්ෂාව පතා. නමුත් උපරිම සැහැල්ලුවෙන් සරලව ඉන්න කෙනෙක්.
ලඟදී රූගතකිරීමකදී උපේක්ෂාට භයානක අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුනා කියලත් ආරංචියි?
මම ඒ වෙලාවේ දැනගන හිටියේ නැහැ ඒ වගේ භයනක රූගතකිරීමක් සිදුකරන්න තිබෙනව කියලා. නමුත් අධ්යක්ෂ ඉනෝකා මහත්මිය ඒ රූගත කිරීමේ භයානකත්වය දැනගන තමයි රූගතකිරීම සිදුකර තිබෙන්නේ. මම ඇත්තටම ගොඩාක් බය වුණා. අනික මම ලංකාවේ මුහුදේ පිහිනලා නැහැ. අකලංක සහ සහාය අධ්යක්ෂවරයා තමයි මාව බේරාගත්තේ. ඒ වෙලාවේ එක පැත්තකින් මට ලොකු තිගැස්සීමක් ඇතිවුණා වගේම එදා මාව ගහගන ගියා නම් ලොකු හානියක් වෙන්න තිබුණා. ඒ වගේ අවධානම් තත්ත්වයකට මාව පත්කරල නිර්මාණයකට සාධාරණය ඉටුකිරීම ගැන මම පොඩ්ඩක් කල්පනා කලා.
ඉරිදා දිවයින :
Sunday, December 4, 2011
නිරෝෂා විවාහයට අකමැති ඇයි ?

‘විවහාය ප්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මට පුළුවනි.’
සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද ඇය පවසා තිබුනේ මෙවැනි අදහසකි.
‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයි ඇය පවසා තිබුණි.
’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහ වුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින් ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි.
’එකමත් එක රටෙක’ චිත්‍රපටය හා සිරස රූපවාහිනියේ විකාශය වන ’ඉරෝෂයි නිරෝෂයි’ වැඩසටහන ඔස්සේ පේ්රක්ෂකයන්ගේ හදවත්වලට සමීප වූ ඇය, ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග සමග කල ’ආදරය කරන්න’ ගීතය මෙම මාසයේ නිකුත් වීමට නියමිතය.
මෙම නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බව ද පැවසේ.
Saturday, November 26, 2011
නෙහාරා හා මේනක ඇමරිකාවේ පදිංචියට?
Posted by Paparasi News Thursday, November 24, 2011
ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ.
වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර සිටින නෙහාරා හා මේනක, එහිදී ඔවුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව විශාල තීරණයක් ගැනීමට සූදානමින් සිටී. ටෙලියේ රූගත කිරීම් අතරතුර පදිංචිය සඳහා ප්‍රදේශයක් සහ නිවසක් තෝරා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව සිටී.
අදාළ ටෙලි නාට්‍යය සඳහා මේනකව හා නෙහාරාව ඇමරිකාවට ගෙන්නා ගනු ලබන්නේ එහි නිෂ්පාදකවරයා වන ශී‍්‍ර ලාංකික ජාතික නීතීඳයෙක් වන අතර, ඔහු නෙහාරාගේ මාමා කෙනෙකි. මෙම සම්පූර්ණ සැලසුම මාමාගෙන් වසන් කිරීමට දෙදෙනාම දැඩි ලෙස ගිවිස ගෙන සිටී.
මොවුන් දෙදෙනාගේම පළමු වෙනි විවාහයන් මේ වනවිට අවසාන අදියරේ පවතින තත්ත්වයක් යටතේ අලූත් පරිසරයක අලූත් ජීවිතයක් ඇරඹීම දෙදෙනාගේම එකම අපේක්ෂාව වන අතර, ටෙලි නාට්‍යය රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ මාස කිහිපයක් තුළ සියලූම ගිවිසුම් අවසන් කර දමා (ටෙලි නාට්‍ය සහ විවාහයන්) ඇමරිකාවේ ස්ථීර පදිංචියට යෑම ඔවුන්ගේ අරමුණයි.
Thursday, November 10, 2011
Sunday, November 6, 2011
Tuesday, October 18, 2011
ජනපති වීමට සිහින දුටු දුමින්ද සිල්වා
ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ජනාධිපති වෙන හැටි දන්නවා
ඉරිදා ලංකාදීපයට ප්‍රසන්න සෝලංගආරච්චි මහතා දුමින්ද සිල්වාගේ දේශපාලනය ගැන හෙළිකොට තිබුනේ මෙසේය.
"ලකී අයියා ජීවත්ව ඉද්දී කියලා තියනවා මේ තැනැත්තා දැනට ඉන්දියාවේ සිටින තෙල්බාලා කියන පාතාල සාමාජිකයා හරහා මාලු පෙට්ටි වල සඟවලා තමා කුඩු ගේන්නේ කියලා. ලකී අයියා මෙවැනි ව්‍යාපාර ගැන දැනගන හිටියා.
මගේ යාවජීව දේශපාලන ගුරුතුමා මහ පාරේ බල්ලෙක් වගේ මරලා දැම්මා. ගිනි අවි විස්සකට ආසන්න සංඛ්‍යාවක් පාවිච්චි කරලා තියනවා. මේ වැඩි සංඛ්‍යාවක් නීති විරෝධියි. එයා මගේ අම්මට පයින් ගැහුවා. ඒ අහිංසක අම්මා බිම දැම්මා. එයාට කවදාවත් මගෙන් සමාවක් නෑ
ප්‍රජාත්‍රන්තවාදී රටක රටේ සම්මත නීතිය තුල කිසිම මිනිහෙකුට අයිතියක් නැති දෙයක් මෙයා කළා. එක්සත් ජනතා නිදහස සංධානයේ තබා කිසිම දේශපාලන පක්ෂයකය මේ පුද්ගලයා සුදුසු නෑ. ඔවුන් කිසිම දේශපාලන පක්ෂයක තියාගන ඉන්නව නම් ඒ පක්ෂය තුළ අපි කවුරුවත් අපේ යෞවනය කැපකරගන දේශපාලනය කිරීමත් සුදුසු නෑ.
මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ හිර ගෙදරයි. යලි කිසිමදාක මෙවැනි සිදුවීමක් ලංකා ඉතිහාසයේ නොවිය යුතුයි.
ලකී අයියා කවදාවත් හිතන්න නැතිව ඇති අර සමහර චිත්‍රපටිවල වගේ මෝඩඩ විදිහට තමන්ට වෙඩි තියයි කියලා. ලකී අයියා තමන්ට ආදරේ කලේ නෑ. එයා එයාව ආරක්ෂා කළේ නෑ. ඒකයි ඇඟ තිබුනට ඔලුවන් තිබුනට මොලයක් නැති මිනිහෙක් අතින් ලකී අයියට මැරෙන්න සිද්ධ වුණේ. එහෙත් මේ අවසාන සිදුවීම විය යුතුමයි" ඔහු කියයි
දවසක් මේ සංවිධායක වරයා මට කතා කළා. අංගොඩ සුපර්මාර්කට් එකක් හදන්න ඕනේ බයර්ස් කෙනෙක් මම ඉන්දියාවෙන් ගේනවා කිව්වා. මම කිව්වා බොහෝම හොඳයි කියලා. එයාගේ ගෝලයන්ට ඕනෑ වුනේ මං සංවිධායකතුමාට සර් කියනවා දකින්න. ඒත් මං කවදාවත් එයාට සර් කියලා කතා කළේ නෑ.
යට තට්ටුවේ පෙට්‍රල් ෂෙඩ් එකක්. ඊලඟට කඩ කාමර උඩම තට්ටුවේ ගෙවල් එහෙමයි මගේ ප්ලෑන් එක කියලා එයා කියද්දී මං ඇහුවා කඩකාමර දෙන්නේ කාටද කියලා.
මං ඔයාට කඩ පහක් දෙන්නම් කිව්වා මට කඩ ඕනේ නෑ සුපර් මාර්කට් එක හදද්දී කඩ නැතිවෙන අයටයි මේ කඩ දෙන්න ඕනේ කියලා මං කියද්දී ආසන සංවිධායකවරයා කිව්වා නැහැ උන්ට දෙන්නේ නැහැ මේවා විකුණලා සල්ලි අරන් අපි බයර්ස්ලටත් දෙන්න ඕනේ කිව්වා
මං ඇහුවා එහෙම කොහොමද එතකොට කඩ කරපු අයට මොකද වෙන්නේ ඒ මිනිස්සු හූල්ලයි ප්‍රශ්නයට උත්තරයක් නෑ කියලා
එයා කිව්වා මං එයාව බලාගන්නම් කියලා. මං කිව්වා නෑ මං සභාපතිකමේ ඉන්නකම් ඕන වෙන්න දෙන්නේ නෑ කියලා
ජනාධිපතිවරයා මහ මැතිවරණය පැවති කාල සීමා දෙක අතර කාලයේදී තවත් සිදුවීමක් වුණා.
අපට කැඳවීමක් ලැබුණා. අපි ගිහාම මෙයා අපට කුණුහරපෙන් බැනගන බැණගන ගියා. බනින්නේ කාටද කියලා අප කාටවත් පැහැදිලි නෑ
මං ඇහුවා ගරු සංවිධායක තුමනි කවුරුත් මීට පෙර අපට මෙහෙම කතා කරලා නෑ. කාටද මේ කතා කරන්නේ කියලා මුලින්ම දැනගන්න ඕනේ කියලා මම කිව්වා.
ඕනෑ....කියලා මෙයා ආයෙත් කුණුහරපයක් කිව්වා. මං කිව්වා සංවිධායක තුමා මේ ධූරයට ආවේ ඉතා මෑතකදී අපේ පක්ෂයට ආවෙත් මෑතකදී. ඊට කලින් අපත් දේශපාලනය කළා කියලා.
එතකොට එයා කිව්වා මේ ආසනයට වෙන එකෙක්වත් ගේන්න බෑ. ගෙනාවොත් මරණවා. ඔයා මට විතරයි වැඩ කරන්න ඕනෑ කියලා. අන්තිමට අපි මෙතනින් නැඟිටලා ගියා
මේ දේශපාලකයා මට කීවේ මට ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ලේසියෙන්ම ජනාධිපති වෙන හැටි දන්නවා කියලා.
මං කිව්වා අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මිසක් පොල්පොට්ගේ ආණ්ඩුවේ නෙවෙයි ගෞරවයෙන් අපේ උදව් බාරගන්නවා නම් අපි උදව් කරන්නම් කියලා. මේ වගේ සිද්ධි නිසා තමයි එයා මගේ ලකී අයියාගේත් එක්ක හතුරු වුනේ" ප්‍රසන්න කියයි
gossip9

Wednesday, October 12, 2011
භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා
භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා
මේවන විට භාර්තගේ මරණය සම්බන්ධයෙන් මෙන්ම භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ධයෙන්ද විවිධ කට කතා පැතිරෙමින් පවතිනවා. ඒ එක කටකතාවක් වනුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සම්බන්ධතාවයක් තිබුන බවයි.
මේ පිළිබඳව කල සොයාබැලීමකදී අපට හෙලිවුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ඳතාවයක් ඇතිකරගන තිබෙන්නේ දකුණු පළාතේ ජේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ බවයි.රන්දිම ගමගේ හා හිරුනිකා අතර පැවති මෙම සම්බන්ධයට භාරත මහතාද කැමති වී ඇති අතර රන්දිම ගමගේ දකුණු පළාත් සභාව වෙත ඉදිරිපත්විමේදී එහි ජන්ද ව්‍යාපාරයට භාරත ප්‍රේමචන්ද්‍ර මහතාද ගාල්ල ප්‍රදේශයට පැමිණි ඔහුට සහයෝගය ලබාදුනි.

භාරත නොසලකා හැරිය ආණ්ඩුව
භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වක්‍රාකාරව ආණ්ඩුව වගකිවයුතුබව භාරත මහතාගේ සමිපමතයන් ප්‍රකාශකර සිටිනවා.
ජනාධිපතිවරණයේදී වර්තමාන ජනපති එම තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් ඉටුකළ භාරත මහතා නොසලකා හරිමින් එක්සත් ජාතික පක්ෂයෙන් එක් වූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට කොලොන්නාව ආසනයේ සංවිධායක තනතුරද ලබාදී අධීක්ෂණ මන්ත්‍රී ධුරයක්ද ලබා දීම හා පසුගිය 07 වනදා ආරක්ෂක ලේකම් තුමා දුමින්ද සමග ඔහුගේ ජන්ද බල ප්‍රදේශයේ විශේෂ චාරිකාවක්ද සංවිධානයකොට තිබීම ඇතුළු ආරක්ෂක ලේකම් තුමාගෙන් දුමින්දට හිමිවූ විශේෂ වරප්‍රසාද මෙයට හේතුවී තිබේ.
එම සිදුවීම අවස්ථාවේ ආරක්ෂක ලේකම් මුලින්ම දුමින්ද බැලීමට ගිය අතර එයට ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන්ගේ මෙන්ම භාරත මහතාගේ ඥාතීන්ගේ අප්‍රසාදය පලකොට ඇත.
මෙම තත්වය යටතේ ආරක්ෂක ලේකම් තුමා තවමත් භාරත මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වී නොමැත.
භාරතගේ ඝාතනයේ අප්‍රසාදය රජය වෙත යොමුවීමත් සමග රජය මගින් සිදු කලේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමය.එම නිසා ලංකාදීප වෙබ් අඩවියේ මෙවන් පුවතක් පලවී තිබුණි.

භාරත ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා අතර විරසකය පැවතුනේ අද ඊයේ සිටක නොවේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්වීමකදී භාරත ලක්ෂ්මන් මහතා කියා සිටියේ මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්විය යුතු බවයි.
මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද එහිදී කියා තිබිණි.
එසේ විරසකව සිටිනා භාරත නගරාධිපති ධුරය තමාට පිරි නොනනමා දුමින්දට පිරිනමන ලෙස කියා සිටීම මියගිය භාරත මහතාටත් කරන අපහාසයකි.
භාරත ප්‍රේමචන්ද්‍ර මහතා දුමින්ද පිලිබඳ සිදුකරන පහත කතාවෙන් දුමින්ද භාරත ගැටුම පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ගත හැක.
10/10 11:01 Pm
දුමින්දට නැවතත් ශ්වසන අධාරක සවි කරයි
දුමින්ද සිල්වා මහතා අද උදේ සිට කෘතීම ස්වසනය සැපයු උපකරණ වල සහාය නොමැතිව හුස්ම ගැනීම ආරම්භ කල නමුත් ඔහුගේ ශරීරය දුර්වල බැවින් නැවතත් ශ්වසන ආධාරක උපකරණ සවිකල බව ජයවර්ධපුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මන්ත්‍රීවරයාට සිහි එනතෙක් මොලයට සිදුවූ හානිය පිලිබඳ අදහස් පලකිරීමට නොහැකි බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් සිටිනවා
Subscribe to:
Posts (Atom)