Pages

Monday, June 28, 2010

අයිෂ්චර්යා ගැබිණියක් වී ඇත


මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රියතම අඹු සැමි යුවල කවුරුන්දැයි වමසුවහොත් කාගේත් පිළිතුර වනු ඇත්තේ අභිෂේක් හා අයිෂ්වර්යා යුවල වන බවය. ඔවුන්ගේ ආදර පුවත එතරම්ම ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. අභිෂේක් හා අයිෂ්වර්යාගේ විවාහයෙන් පසු ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි එකම පුවත නම් ඔවුන් දෙදෙනා දරු සුරතල් බැලීමට සූදානම් වන බව ඇසීමය. ඒ සම්බන්ධයෙන් විවිධ දූෂමාන ආරංචි පැතිරගිය අතර පසුව එම සෑම පුවතක්ම අසත්‍ය බව බච්චන් පවුල තහවුරු කළේය.
Click to enlarge
දැන් නැවතත් එම පුවතම බොලිවුඩය පුරා පැතිරයමින් පවතී. ඒ අයිෂ්චර්යා රායි බච්චන් ගැබිණියක් වී ඇත යන පුවතය. සාමාන්‍යයෙන් සිනමා ලෝකයේ යම් යම් පුවත් අතිශෝක්තියෙන් දැක්වීම මාධ්‍ය සම්ප්‍රදාය වන බැවින් මෙවර මෙම ආරංචිය පිළබඳව ද කවුරුත් තරමක් වැඩි අවධානය යොමු කළේය. අයිෂ්චර්යා ගැබිණියක්ය යන පුවත පැතිර ගියේ ඇයගේ නවතම චිත්‍රපටය වන රාවණා හි ප්‍රවර්ධන කටයුතු අතරතුර අයිෂ්ගේ සිරුරෙහි දැකගත හැකිවූ යම් වෙනසක් නිසාය.
Click to enlarge
එහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඇය පැමිණ සිටියේ ඇගේ ආදරණීය සැමියා වන අභිෂේක බච්චන් ද සමගය. ඒ සමගම අයිෂ් ගැබිණියක්ය යන පුවත තටු ලැබ ඉගිල ගියේ ඇයගේ රූපය පිළිබඳව බොහෝ හොඳින් හඳුනන පිරිස් විසින් වෙනදා ඔවුන්ට දැක පුරුදු අයිෂ්ගේ කිසියම් වෙනසක් නිරීක්ෂණය කළ හැකිවිය. ඒ ඇයගේ උදරයේ කිසියම් නෙරා ඒමක් පෙනෙන්නට වීමය. ඇය ගැබිණියක්ය යන පුවත ඇරඹියේ ඒ සමගය.
Click to enlarge
කෙසේනමුත් කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි එම සතුටුදායක පුවත තහවුරු කිරීමට බච්චන් සාමාජිකයින් තවමත් ඉදිරිපත් වී නැත. මීට පෙර ද අයිෂ්වර්යාට පවතින යම් උදරාබාධයක් නිසා ඇයට මවක් විය නොහැකිය යන මතය මාධ්‍ය පුරා ප්‍රචාරය වූ අතර බච්චන් පවුල එය ප්‍රතික්ෂේප කළේය. ඉතින් මෙවරද අයිෂ්‍ මවක වීමේ පුවත මුසාවක්ම වන හැඩය!
Click to enlarge

No comments:

Post a Comment