ශ්‍රී ලංකාවේ කලාව ගැන හැම දේම.. Sri Lankan Art News, gossips, Television News, Music and Movie reviews, Actress and Model Images , Movie Stars, Star Interviews, Star Wallpapers, Bollywood News and more..
Wednesday, March 2, 2011
Tuesday, February 22, 2011
Friday, February 18, 2011
Wednesday, February 16, 2011
උපේක්ෂා ෂූටිං, සැමියා කියයි-පහරදීමකින් රෝහලේ, ආරංචි මාර්ග පවසයි
නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට රෝහල් ගත කර තිබේ.
ඇගේ දුරකථනයට අප ඇමතිමේදී ඊට පිළිතුරු දුන් ඇගේ සැමියා කියා සිටියේ උපේක්ෂාට පහරදීමක් සිදුවූ බවට හා ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවයි.
එසේම මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා අද දෙරණට කියා සිටියේය.
එසේ වුවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා සඳහන් කරයි.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් හේතුවක් නිසා මන්ත්‍රීවරියගේ මුහුණේ සුළු තුවාල දක්නට ලැබෙන බවයි.
ඇගේ දුරකථනයට අප ඇමතිමේදී ඊට පිළිතුරු දුන් ඇගේ සැමියා කියා සිටියේ උපේක්ෂාට පහරදීමක් සිදුවූ බවට හා ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවයි.
එසේම මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා අද දෙරණට කියා සිටියේය.
එසේ වුවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා සඳහන් කරයි.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් හේතුවක් නිසා මන්ත්‍රීවරියගේ මුහුණේ සුළු තුවාල දක්නට ලැබෙන බවයි.
Sunday, January 23, 2011
Monday, January 3, 2011
Monday, November 22, 2010
රුවන්ති මංගලා ‘කුෂී’, ‘පබා’
වයසට-පෙනුමට ගැළපේ නම් පෙම්වතියගේ
චරිතය රඟපානවා
රුවන්ති මංගලා
‘කුෂී’, ‘පබා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නොවුණත් ඒ චරිතය ප්‍රේක්ෂකයින් අතර මෙතරම් ජනප්‍රිය වුණේ පිටපතේ එම චරිතය ලියවිලා තිබුණු ආකාරය නිසා කියලයි මම හිතන්නේ. පිටරට ඉන්න රසිකයන් මට කෝල් කරලත් කතාකරන්නෙ කුෂී කියල. මඟතොටේදී කවුරු හරි හමුවුණත් මට කතාකරන්නෙ ‘කුෂී’ කියල. කුෂීගේ චරිතය නිසාම මට විදෙස් රටවල් කීපයකම සංචාරය කරන්නත් අවස්ථාව ලැබුණා.
අද ‘රසඳුන’ සතුටු සාමීචියට එක්වන්නී යොවුන් නිළි රුවන්ති මංගලා ය. රුවන්ති රංගන ක්ෂේත්‍රයට පිවිසියේ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයෙනි. මේ වන විට ඇය සිනමාවේ සහ ටෙලි නාට්‍ය කීපයකම දක්ෂ රංගනයක් ඉදිරිපත් කොට ඇත.‘සමනලුන්ට වෙඩි තියන්න’ ටෙලි නාට්‍යයේ ඇය ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය ඇයට හිමිවිය. මෑතදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍යයේ රුවන්ති ඉදිරිපත් කළ කුෂීගේ චරිතය ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැලඳගත් චරිතයකි.
කොහොමද අලුත් තොරතුරු?
හොඳින් ඉන්නව. දරුවන් දෙදෙනාගේ සහ සැමියාගේ (නාමල් උඩුගම) වැඩ කටයුතුවලට මුල්තැන දෙනව. ඒ වගේම මේ දිනවල ’නිල්දිය දහර’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලටත් සහභාගිවෙනවා.
’පබා’ ටෙලි නාට්‍යයේ කුෂීගේ චරිතයට ලැබුණු ප්‍රතිචාර ඉහළයි නේද?
ඇත්තෙන්ම ඔව්. මටම අදහාගන්න බැරි තරමට ‘කුෂී’ට ප්‍රතිචාර ලැබුණා. ඒ චරිතය රඟපෑමට පෙර බොහෝවිට මට රඟපාන්න ලැබුණේ අහිංසක චරිත. කුෂී වෙලාවකට අහිංසකයි. වෙලාවකට නපුරුයි. ‘කුෂී’, ‘පබා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නොවුණත් ඒ චරිතය ප්‍රේක්ෂකයින් අතර මෙතරම් ජනප්‍රිය වුණේ පිටපතේ එම චරිතය ලියවිලා තිබුණු ආකාරය නිසා කියලයි මම හිතන්නේ.
පිටරට ඉන්න රසිකයන් මට කෝල් කරලත් කතාකරන්නෙ කුෂී කියල. මඟතොටේදී කවුරු හරි හමුවුණත් මට කතාකරන්නෙ ‘කුෂී’ කියල. කුෂීගේ චරිතය නිසාම මට විදෙස් රටවල් කීපයකම සංචාරය කරන්නත් අවස්ථාව ලැබුණා. ඕස්ට්‍රේලියාව, මැලේසියාව ඒ අතරින් කීපයක්. ඒ රටවල්වල සංචාරය කරන විට මාව දන්නා ගොඩක් දෙනෙක් මාව හැඳින්වූවේ ‘කුෂී’ කියල. ඒක මට හරි සතුටක් වුණා.
ඔබගේ කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගෙ කලා කටයුතුවලට විශාල සහායක් නාමල්ගෙන් ලැබෙනව කියන්න අමාරුයි. එයාගෙ වැඩවලට නම් මම සහයෝගය දක්වනවා. ‘පබා’ ටෙලි නාට්‍යය දිගටම බැලුවත් මම රඟපාන වෙනත් ටෙලිනාට්‍ය නම් නාමල් බලල නෑ. ඒ නිසා මගෙ රංගනයන් ගැන නාමල් වැඩි විවේචනයක් කරන්නේ නෑ.
දරුවන් ඔබ රඟපානවට කැමැතිද?
මම රඟපානවට මගෙ දුවයි පුතයි දෙන්නම හරිම කැමැතියි. ‘පබා’ විකාශය වෙන කාලෙ දුවගෙයි පුතාගෙයි පාසල් යාළුවො කියනවලු “ඔයාලගෙ අම්ම පබාට බැන්න නේද?” කියල. ඉතින් ඒව ඇවිත් මාත් එක්ක මගෙ දරුවො කියනව. මම රඟපාන ටෙලිනාට්‍ය දුවයි පුතයි නරඹන්නෙ හරිම කැමැත්තෙන්.
ඔබ රඟපෑ චරිත අතරින් වඩාත්ම කැමැතිම චරිතය?
මම ඉදිරිපත් කළ සෑම රංගනයකටම මම කැමැතියි. ඒ වුණාට බෙනට් රත්නායකගේ ටෙලිනාට්‍යයක ඉදිරිපත් කළ ට්‍රිලීෂියා නමැති චරිතය මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒ ටෙලි නාට්‍යය විකාශය වෙලා ගොඩක් කල් ගියත් ඒ චරිතය ගැන බොහෝදෙනෙක් අදත් මගෙන් කතාකරල අහනවා.
චිත්‍රපට රංගනයෙන් ඈත්වෙලාද?
ඇත්තටම නෑ. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණාට පසුගිය කාලෙ චිත්‍රපට සඳහා ආරාධනයක් ලැබුණේ නෑ. එක් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ඒත් ඒ චිත්‍රපටය කෙරෙන්නෙ නෑ වාගෙ.
ඔබේ දරුවන් කලාවට යොමු වෙනවට කැමැතිද?
මගෙ දුවට අවුරුදු 11යි. එයා දැහැමි. පුතාට අවුරුදු 09යි. එයා රෝහිත. මේ වන විටත් ඒ දෙන්න කලා හැකියාවන් පෙන්නල තියෙනව. තාත්තා ගායකයෙක්. අම්ම නිළියක් වුණාම එහෙම වෙන්න ඕනනෙ. පාසලේ උත්සවවලදි ඒ දෙන්න ගීත ගායනා කරනව. අපි වැඩියෙන්ම ළමයින්ව උනන්දු කරවන්නෙ ඉගෙනගන්න. උසස් පෙළට පෙනී සිටියායින් පසුව එයාලට පුළුවනි එයාල කැමැති දෙයක් තෝරාගන්න. අපි දෙන්නම කැමැතියි අපේ දරුවො දෙන්න කලාවට යොමු වෙනවට.
පෙම්වතියගේ චරිතය තවමත් ඔබට කරන්න පුළුවනිද?
පුළුවනි. හැබැයි අවුරුදු 18ක පෙම්වතියකගේ චරිතයක් නෙමෙයි. මගෙ වයසට පෙනුමට ගැළපෙන ආකාරයට පෙම්වතියගේ චරිතය කරන්න පුළුවනි. අවුරුදු හතළිහක අයටත් පෙම් කරන්න පුළුවන්නෙ. මට ගැළපෙන පෙම්වතියගෙ චරිතයක් ලැබුණොත් මම ඒක කරනව.
ඔබේ ශරීරයේ හැඩයට සහ පෙනුම හොඳින් පවත්වාගෙන යන්න විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවාද?
විශේෂ ක්‍රමයක් නෑ. ඒත් මම කන කෑම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනව. මහත්වීම පාලනය කරගන්නව. ඉඩ ලැබෙන පරිදි ව්‍යායාම කරනව. ඒ; නිරෝගීකම අපට අවශ්‍යම නිසා. මගෙ සැමියගෙයි දරු දෙන්නගෙයි වැඩ කටයුතු හොඳින් කරන්න මම නිරෝගීව ඉන්න එපායැ. ඒ වගේම මම තවම රඟපානවා. ඒකටත් ශරීරයේ පෙනුම හොඳින් තිබීම අවශ්‍යයි. ඒ නිසා මට මගෙ නිරෝගීකම සහ ශරීරයේ පෙනුම ගැන ගොඩක් උනන්දු වෙනවා.
Subscribe to:
Posts (Atom)













