Pages

Sunday, January 15, 2012

ගංගාරාම දූපතේ පළමු විවාහය දිල්කාගෙන්


2012 වසරේ ‘පැපරාසියා’ පලකළ ප‍්‍රථම ප‍්‍රවෘත්තිය වශයෙන් ‘‘දිල්කාට නවවසරේ ජයමංගලම්’’ ප‍්‍රවෘත්තිය සනාථ කරමින් ජනප‍්‍රිය රූපවාහිනී නිවේදිකා දිල්කා සමන්මලී ජනවාරි මස 19 වනදින විවාහප‍්‍රාප්ත වන්නීය.

දිල්කා තම විවාහය සඳහා මුලින් යොදාගෙන තිබුනේ ‘සිනමන් ලේක් හෝටලය’ වනඅතර, එම මුල්අදහස ඇයට වෙනස් කිරීමට සිදුවූයේ විවාහය සඳහා ආරාධනා කිරීමට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඇයට පවසා තිබෙන්නේ බේරේ වැවේ ‘පේ‍්‍රමවන්තයින්ගේ දූපතේ’ විවාහ මංගල උත්සවය පවත්වන ලෙසයි. දිල්කා හා ඇගේ පෙම්වතා මේ අනුව ජනපතිගේ ඇරයුමෙන් ‘පේ‍්‍රමවන්තයින්ගේ දූපතේ’ අතිනතගන්නා පළමු යුවල වේ. ඒ සඳහා එම දූපතේ සියලූ කටයුතු සංවිධානය කිරීම ජනාධිපතිවරයා පුද්ගලිකව භාරගෙන තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයා විසින් දිල්කා සමන්මලීට එක්සත් ජනතා සන්ධානයෙන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තරගවදින ලෙස ආරාධනා කොට ඇති අතර ඒ පිළිබදව කනවැකුනු ධනසිරි අමරතුංග දිල්කාගේ දෙපාමුල වැදවැටී ආයාචනා කොට තිබෙන්නේ ‘‘අනේ නංගියේ ඔයා ආවොත් මම ඉවරයි චන්දෙ නම් ඉල්ලන්න එපා. ඔයාට මම  ඕන දෙයක් කරලා දෙන්නම්’’ කියාය.

ධනසිරි අමරතුංග පිළිබදව සානුකම්පිතව සලකා බැලූ දිල්කා ජනාධිපතිවරයාගේ ආරාධනාව ප‍්‍රතික්‍ෂේප කළ බව වාර්තා වේ. දිල්කාගේ විවාහ මංගල්‍යය සඳහා බේරේවැවේ පේ‍්‍රමවන්තයින්ගේ දූපත යොදාගැනීම පිලිබදව ‘පැපරාසියා‘ හා අදහස් දැක්වූ මාධ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයේ අය පවසා සිටියේ එය ඉතා කුඩා එමෙන්ම අපවිත‍්‍ර ‘චාටර්’ තැනක් බවයි.

දිල්කා පිළිබදව ‘පැපරාසියා’ පළ කළ ප‍්‍රවෘත්ති කියවා ඇති ජනාධිපතිවරයා, මෙම යෝජනාව කොට ඇත්තේ ‘කිංඩිය’ට බවත් ඇය ඇත්තටම එම ස්ථානය තෝරාගැනීම පිලබදව ජනාධිපතිවරයා මේ වනවිට පුදුමයෙන් සිටින බවත්ය.

කෙසේ නමුදු අපගේ ප‍්‍රවෘත්ති උපේක්ෂාවෙන් ඉවසන දිල්කා සමන්මලී හා ඔහුගේ පෙම්වතාට ‘පැපරාසියා’ සිරිසුභ මංගල්ලයක් ප‍්‍රාර්ථනා කර සිටී.

Tuesday, January 10, 2012

ශලනිගේ පළමු පෙම්වතා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
Srilankamirror - සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරගේ පළමු පෙම්වතා මේ වන විට විවාහකයෙක් බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ශලනි ඔහු හා පෙමින් වෙළුනේ පාසල් සමයේදී බවද පැවසේ.

ව්‍යාපාරිකයකු වන ඔහු පිළිබඳව මෑතකදී පුවත් පතක් ශලනිගෙන් විමසා තිබූ අතර ඇය පවසා තිබුණේ ‘එයා දැන් විවාහකයි. එයා ගැන කියල. ඒ පවුල් ජීවිතය අවුල්කරන්න ඕන නෑ’ යනුවෙනි.

ලියා අවසන් නොවන ශලනිගේ නවකතා දෙකෙන් එකක වස්තු විෂය වී ඇත්තේද මේ ව්‍යාපාරිකයා බව පැවසේ.

ශලනි සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.

ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

ශලනි මුලින්ම රංගනයට පිවිසියේ ‘පතිනි’ ටෙලි නාට්‍යයේ උප ප‍්‍රධාන චරිතයක් සඳහා පණ පොවමිනි.

ඇය මුලින්ම ටෙලිනාට්‍ය ප‍්‍රධාන චරිතයකට දායකවූයේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍යට එකි වෙමිනි.

පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහානිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.

මේ දිනවල පේ‍්‍රක්ෂකයන් අතර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වනිසිහින පියාපත් හි ‘මිහිරංගි’ ගේ චරිතයත් සමගය.

Saturday, January 7, 2012

දිල්කාට නව වසරේ ජයමංගලම්

දිල්කාට නව වසරේ ජයමංගලම්

දෙරණ රූපවාහනියේ ජනප‍්‍රිය 360 දේශපාලන වැඩසටහන මෙහෙයවන දිල්කා සමන්මලී මෙම වසරේ නොවැරදීම විවාහ වන බව පැපරාසියාට වාර්තා වේ. ඒ එජාප කැරලිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනාසිංහ සමග නොවේ.

පසුගියදා 360 දේශපාලන වැඩසටහනට පැමිණි සූජිව සේනාසිංහ මන්ත‍්‍රීවරයාගෙන් කසාද බඳින්නට අදහසක් නැත්දැයි දිල්කා විමසූ විට සූජීව ගත්කටටම පැවසූවේ ‘‘ඔබතුමිය කැමතිනම් බලමු’’ කියාය. මන්ත‍්‍රීවරයාගේ අනපේක්‍ෂිත පිලිතුරින් ලැජ්ජාවට පත්වූ දිල්කා හිස ඔසවා බලාතිබෙන්නේ ප‍්‍රඩක්ෂන් එකේ අයට ඒ කතාව ඇසුනාද කියාය.

එයට හේතුව වී ඇත්තේ දිල්කා සමන්මලීගේ අනාගත සහකරු ‘දෙරණ’ ප‍්‍රඩක්ෂන් ටීම් එකේ අයෙකුවීමයි. කුරුණෑගල පෙම්කතාවට නැවතීමේ තිත තබා ඇති දිල්කා අලූත් පෙම්කතාව අරඹා ඇත්තේ ‘දෙරණ’ ඇතුලින්මය.

දිල්කා නැවතී සිටින ගෙදර අයනම් පවසන්නේ ඇය ඉතා ලෝභ තැනැත්තියක් බවයි. ඇය ලෝභකම් දක්වන්නේ මිල මුදලට නොව නානකාමරයේ ඇති වතුරවලටය. එමගෙදර උදවිය දිල්කා විවාහ වී තම නිවසින් පිටවී යනවාට ඉතා අකමැතිය. හේතුව මන්ද යත් දිල්කා වෙනුවට පැමිනෙන කෙනා දිනපතා නාන අයෙකු වුවහොත් වතුර බිල වැඩිවන නිසාය.

ඉඳහිට දිල්කාගේ කාමරයට එබිබලන එම ගෙදර උදවිය දිල්කාගේ ඇඳේ කොට්ටය විවධ වර්ණ ගෙන ඇත්තේ කෙසේදැයි විමසූ විට පැහිදිලි වී ඇත්තේ ඇය මේක්අප් පිටින්ම නිදාගැනීම නිසා කොට්ටය එසේ විවිධ පැහැයට ලක්වී ඇති බවයි.

දිල්කාගේ මේ ලෝභකම ඇය දිගටම පවත්වා ගත හොත් සති දෙකක් තුල විවාහයට කෙළවී බෝඩිම් ගෙදරම දිගටම සිටීමට සිදුවනු ඇති නිසා දිල්කාගේ ‘‘නිව් ඉයර් රෙෂලූෂන්’’ එක වශයෙන් වතුරට ඇති ලෝභකම අත්හරින ලෙස ‘පැපරාසියා’ ඇයට නව වසරේ දයාබර ඔවදනක් පිරිනමයි.

හිමාලිගේ මගුල මේ වසරේ ලු ?

සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය බවට පත් හිමාලි සයුරංගි මේ වසරේදී විවාහ වීමට සිතා සිටින බව කියයි.

හිමාලි මේ බව පවසා තිබුණේ සති අන්ත පුවත්පතක් සඳහාය.

තමාට පෙම්වතෙක් සිටින බව හිමාලි පවසා ඇතත් ඔහු කවුද යන්න හෙළිකර නොමැත.

එය සැනසීමක් ඇති පේ‍්‍රමයක් බවත් ඇය පවසන්නීය.

කෙසේවුවද පසුගිය කාලයේදී හිමාලි මීට දස වසරකට පෙර විවාහ වූ බවත්, එම විවාහය සිවුමසකට පමණක් සීමාවූ බවත් මාධ්‍යයේ පලවී තිබිණි.

එසේම ඇය රවින්‍ද‍්‍ර මුණසිංහ, සනත් ගුණතිලක හා අමල් පෙරේරා වැනි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෙම්වතිය බවට පත්ව සිටි බවටත් කට කතා පැතිරී තිබිණි.