Pages

Saturday, January 7, 2012

දිල්කාට නව වසරේ ජයමංගලම්

දිල්කාට නව වසරේ ජයමංගලම්

දෙරණ රූපවාහනියේ ජනප‍්‍රිය 360 දේශපාලන වැඩසටහන මෙහෙයවන දිල්කා සමන්මලී මෙම වසරේ නොවැරදීම විවාහ වන බව පැපරාසියාට වාර්තා වේ. ඒ එජාප කැරලිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනාසිංහ සමග නොවේ.

පසුගියදා 360 දේශපාලන වැඩසටහනට පැමිණි සූජිව සේනාසිංහ මන්ත‍්‍රීවරයාගෙන් කසාද බඳින්නට අදහසක් නැත්දැයි දිල්කා විමසූ විට සූජීව ගත්කටටම පැවසූවේ ‘‘ඔබතුමිය කැමතිනම් බලමු’’ කියාය. මන්ත‍්‍රීවරයාගේ අනපේක්‍ෂිත පිලිතුරින් ලැජ්ජාවට පත්වූ දිල්කා හිස ඔසවා බලාතිබෙන්නේ ප‍්‍රඩක්ෂන් එකේ අයට ඒ කතාව ඇසුනාද කියාය.

එයට හේතුව වී ඇත්තේ දිල්කා සමන්මලීගේ අනාගත සහකරු ‘දෙරණ’ ප‍්‍රඩක්ෂන් ටීම් එකේ අයෙකුවීමයි. කුරුණෑගල පෙම්කතාවට නැවතීමේ තිත තබා ඇති දිල්කා අලූත් පෙම්කතාව අරඹා ඇත්තේ ‘දෙරණ’ ඇතුලින්මය.

දිල්කා නැවතී සිටින ගෙදර අයනම් පවසන්නේ ඇය ඉතා ලෝභ තැනැත්තියක් බවයි. ඇය ලෝභකම් දක්වන්නේ මිල මුදලට නොව නානකාමරයේ ඇති වතුරවලටය. එමගෙදර උදවිය දිල්කා විවාහ වී තම නිවසින් පිටවී යනවාට ඉතා අකමැතිය. හේතුව මන්ද යත් දිල්කා වෙනුවට පැමිනෙන කෙනා දිනපතා නාන අයෙකු වුවහොත් වතුර බිල වැඩිවන නිසාය.

ඉඳහිට දිල්කාගේ කාමරයට එබිබලන එම ගෙදර උදවිය දිල්කාගේ ඇඳේ කොට්ටය විවධ වර්ණ ගෙන ඇත්තේ කෙසේදැයි විමසූ විට පැහිදිලි වී ඇත්තේ ඇය මේක්අප් පිටින්ම නිදාගැනීම නිසා කොට්ටය එසේ විවිධ පැහැයට ලක්වී ඇති බවයි.

දිල්කාගේ මේ ලෝභකම ඇය දිගටම පවත්වා ගත හොත් සති දෙකක් තුල විවාහයට කෙළවී බෝඩිම් ගෙදරම දිගටම සිටීමට සිදුවනු ඇති නිසා දිල්කාගේ ‘‘නිව් ඉයර් රෙෂලූෂන්’’ එක වශයෙන් වතුරට ඇති ලෝභකම අත්හරින ලෙස ‘පැපරාසියා’ ඇයට නව වසරේ දයාබර ඔවදනක් පිරිනමයි.

හිමාලිගේ මගුල මේ වසරේ ලු ?

සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය බවට පත් හිමාලි සයුරංගි මේ වසරේදී විවාහ වීමට සිතා සිටින බව කියයි.

හිමාලි මේ බව පවසා තිබුණේ සති අන්ත පුවත්පතක් සඳහාය.

තමාට පෙම්වතෙක් සිටින බව හිමාලි පවසා ඇතත් ඔහු කවුද යන්න හෙළිකර නොමැත.

එය සැනසීමක් ඇති පේ‍්‍රමයක් බවත් ඇය පවසන්නීය.

කෙසේවුවද පසුගිය කාලයේදී හිමාලි මීට දස වසරකට පෙර විවාහ වූ බවත්, එම විවාහය සිවුමසකට පමණක් සීමාවූ බවත් මාධ්‍යයේ පලවී තිබිණි.

එසේම ඇය රවින්‍ද‍්‍ර මුණසිංහ, සනත් ගුණතිලක හා අමල් පෙරේරා වැනි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෙම්වතිය බවට පත්ව සිටි බවටත් කට කතා පැතිරී තිබිණි.
 





Friday, December 30, 2011

හිරුණිකා නාමල් ගැන කතා කරයි


පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.

පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක්

"ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට.

ඒ පවුලට ගැහැනු ළමයෙක් හිටියේ නැහැනේ. පිරිමි ළමයි තුන් දෙනෙක්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් අපි එකට හැදුනේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න මම ඒ ගෙදරට නිතර යනවා එනවා. ඒක ගොඩාක් පේන ගෙයක්. හැම කෙනාම එන යන ගෙයක්.

අපේ පවුලෑ අයත් එතැනට යනවා. ජනාධිපතිතුමත් එතකොට විපක්ෂ නායක. අගමැති, ජනාධිපති ඒ ගොල්ලෝ මෙහේ එනවා. අපි ට්‍රිප් යනවා එකට. එතකොට දකින ඕනේ කෙනෙක් හිතන්නේ එහෙම.

එතකොට මමත් වයස 15,16 කාලේ. නාමල් අයියත් ලොකුයිනේ එතකොට හිතන්නේ අපි දෙන්නා බඳින්න කතා කරගන කියලා. එහෙමයි මුලින් ගියේ කතාව. ගෙවල් වලින් කතා කරගන තියනවා කියලා. නැතුව අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ.

ටිකක් කල් යද්දී ඔය කතාව හැම තැනම පැතිරුණා. තාත්තිගේ අවාසනාවට තාත්තිගේ අන්තිම ජන්දේ පැරදිලා හිටියේ. ඒත් තාත්ති ජනාධිපතිතුමා ජනාධිපති වෙනකම්ම පිටිපස්සෙන් හිටියනේ. ඒකත් හැමෝම හිතුවා ඒ හින්දා තමයි මේ යාලුකම කියලා. එහෙම කිසිම දෙයක් තිබුනේ නැහැ.

ඔය අතරේ පියසේන ඇමතිතුමාගේ පුතා හිටියේ මේ එහා පැත්තේ ගෙදරක. එයා මගෙන් යාලු වෙන්න ඇහුවේ ඒ කාලේ. මට අවුරුදු 15,16 කාලේ ඒත් මම යාලු වුනේ නැහැ. මම අවුරුදු 18න් එයත් එක්ක යාලුවුනේ. රන්දිමත් එක්ක යාලු වෙලා ඉන්න කාලේ ඒත් නාමල් අයියා මගේ යාලුවෙක්.

මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වුනහම අනිත් පිරිමි ලමයි එක්ක තියන යාලුකම් ඈත් වෙනවනේ. ඒකයි වුනේ. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සර තරම් ෆිට් එකක් තිබුනේ නැහැ. එතකොට මිනිස්සු හිතුවා ගෙවල්වලින් කැමතිනැතුව ඈත්වෙලා කියලා ඒවා මේවා කියනන් ගත්තා.

ජීවිතේටවත් අහපු නැති ඒවා. ඒ ගොල්ලන්ගේ ගෙවල් වල අපි හිටපු විදිහට, දැන් හිතන්න ඔයාගේ ගෙදර ඔයාගේ නංගි කෙනෙක් හදද්දී ඔයාට එයා ගැන වැරදි විදිහට හිතන්න බැහැනේ. එහෙම ජීවිතේට හිතන්නේ නැහැ ගෙවල් වල හිටපු විදිහට. ඒක තමයි වුණේ.

ඊට පස්සේ ඒක හැමතැනම කතාව ගියා ඔය ප්‍රශ්නේ නිසා තමයි අරව මේව වුනේ කියලා. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ හින්දම මම අවුරුදු 4ක් UK හිටියා. නාමල් අයියත් එහේ ඉගනගත්තේ. නමුත් එක දවසක්වත් නාමල් අයියා මාව බලන්න ආවේ නැහැ. මගේ නම කැතවෙයි කියලා.

එයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."

Wednesday, December 28, 2011

ශිහාන්ගේ විවාහය ලබන වසරේ



සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි.

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.

ගොසිප්9 වෙත වාර්තා වන්නේ ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් සපිරෙන බවයි.වසර නවයක් පුරාවට තිබු ශිහාන් මිහිරංගගේ ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට මෙතෙක් කල් රහසක්ව පැවතුනත් එය ලබන වසරේ ජනවාරි මාසය අග වන විට නිල වශයෙන් දැනුම්දීමට ශිහාන් සුදානම් වනබව වාර්තාවේ.

මේ අතර ශිහාන්ගේ පෙම්වතිය කැමතිම ගීතය වන ශිහාන් ගයන "මේ ඇස් දිහා බලන්" ගීතයෙහි සම්පුර්න හිමිකාරත්වය ගැනීම සඳහා ශිහාන් විසින් රුපියල් මිලියනයකට අධික මුදලක් වැය කර ඇත. 


තම පෙම්වතියගේ ප්‍රියතම ගීතය වන එහි රුපරචනය සඳහා ශිහාන් සමගින් ශිහාන්ගේ පෙම්වතිය පෙනී සිටීමට නියමිතයි.එහි රුගත කිරීම් ලබන වසරේ පෙබරවාරි මස සිදු කිරීමට දින දී ඇති අතර ශිහාන්ගේ විවාහය ලබන වසරේ ජුනි මස සිදු කිරීමට සැලසුම්කොට ඇත.

Sunday, December 25, 2011

කති‍්‍රනාගේ ‘නිල්’ වීඩියෝව

 

බොලිවුඩ් නිලි කත‍්‍රිනා කයිෆ්ගේ යැයි පැවසෙන අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇතැයි වාර්තා වේ.

කති‍්‍රනා කයිෆ් සෙක්ස් ස්කැන්ඩල්’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව කති‍්‍රනාට සමාන රුවක් ඇති තරුණියක් සිටින වීඩියෝවක් බව මේ වන විට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අන්තර්ජාලයට එක්කර පැය කිහිපයක් ඇතුළත වැඩිපුරම බාගත කරන ලද වීඩියෝව ලෙස මෙය නම් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සිද්ධියෙන් දැඩි ලෙස කනස්සල්ලට හා කෝපයට පත් ව ඇති කති‍්‍රනා පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශනය ඉතා පිළිකුල් සහගත බවත්, එහි පෙනී සිටින කාන්තාව ‍තමා නොවන බවත්ය.