Pages

Friday, December 23, 2011

උරේෂාගේ විවාහය ගිලගත් බාලගිරි දෝෂය !



Srilankamirror - ජනපි‍්‍රය ගායිකාවක් වන උරේෂා රවිහාරි ලබන වසරේ විවාහවන බව පසුගියදා එෆ්.එම්. නාලකාවකට පවසා තිබිණි. ඇය පසුගිය වසරේද මෙවැනිම ප‍්‍රකාශයක් පුවත්පතකටද කර තිබිණි.

කෙසේවවුද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ උරේෂාගේ විවාහයට බාලගිරි දෝෂය වැළැඳී ඇති බවයි.

කෙසේවෙතත් උරේෂාගේ රූපලාවන්‍ය ශිලිපිනියන් පවසන්නේ ඇය රූපලාවන්‍ය කටයුත්තක් සදහා රූපලාවන්‍යගාරයට එන සෑම දිනයකම පවසන්නේ මේ වසරේ විවාහ වන බව බවයි.

ගීත රචකයෙක් හා එෆ්.එම්. නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සමග තිබූ පුංචි ඇයි හොදැයිය අවසන් වීමෙන් පසුව උරේෂා කොල්ලන්ට බයයි කියලත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ.

Wednesday, December 21, 2011

රයිනිගේ පෙම බිඳිලා !


Srilankamirror - ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හා චන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගිය කාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන් සිටි බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ.

ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.

කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.

කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.
Raini Charuka Goonatillake sexy Image Raini Charuka hot Photos Raini Charuka Goonatillake Cute Photos Raini Charuka unseen Photos

Monday, December 12, 2011

යලි විවාහ වීමට පෙරුම්පුරණ උපේක්ෂා

කොහොමද දේශපාලන වැඩකටයුතු එහෙම ?
ඇත්තටම කාර්යබහුලයි. මේ දිනවල ඇය වැය විවාදය නිසා දිනපතාම පාර්ලිමේන්තු යෑමට සිදුවෙනවා. මට පුළුවන් ප්‍රමාණයෙන් ජනතාවට සේවය කරනවා.

ඔබ දේශපාලනයේදී පක්‍ෂ පාට මාරුකිරීම අනුමත කරනවාද?
ඒ දෙය සිදු කරන්න වන්නේ ඇයි කියන කාරනාව තමයි වැදගත් වෙන්නේ. දේශපාලන පක්‍ෂ වල ගැටළු තිබෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හිතට එකඟව ස්වාධීන තීරණ ගැනීම වැදගත්. මොකද කුමන දෙයකින් හෝ ජනතාවට සේවය කිරීමයි වැදගත්.

ඔබ දේශපාලන පිල් මාරු කලේ ඇයි?
මම ඒ ගැන වැඩිය කතා බහ කරන්න කැමති නැහැ. ඒ සිදුවීම මට ගොඩක් දුරට බලපෑවා. ඒක පෞද්ගලික කාරණාවක්.

ඔබ ගෙවන මේ පාලු ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
යම්තාක් දුරට සතුටුයි. යම්තාක් දුරට දුකයි. හැබැයි ජීවිතය ගැන තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.ඇත්තටම වෙලාවකට ගොඩාක් පාළුයි. මොකද උපේක්ෂා කියන්නේ ආදරයට ලැදි චරිතයක්. පාළුව මකාගන්න කාර්යබහුලත්වය හොඳ සාධකයක්. විරහව මතක වෙද්දී අමුතු වේදනාවක් දැනෙනවා. නමුත් ඒ සියල්ල පිටුපස මගේ අම්ම ඉන්නවා. විරහව පාළුව මකාගන්න පුළුවන් වැදගත් දේවල් වලට සහභාගී වෙනවා.


යලිත් විවාහ උනොත් හොඳයි නේද?
මම විවාහ වෙන්නේ නෑ කියන්නේ නෑ. මගේ විවාහ ජිවිතයේ දරුවෙක් හිටියේ නැතිඑක හොඳයි. මගේ දෙමවුපියෝ වෙන උනේ මට අවුරුදු 3 දී. මම ඒ වේදනාව හොඳට දන්නවා. ඉතිං මට ඒ පාපයට අතගහන්න නොලැබීම භාග්‍යක්. මම යලිත් විවාහ වෙන්න කැමතියි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියනවනේ. ඒ නිසා මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් යලිත් විවාහ වේවි.

විවාහ වෙන්න මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
ඔක්කොටම කලින් මම කරන කළා, දේශපාලන,අධ්‍යාපන වැඩකටයුතු භාරගන්න කෙනෙක් විය යුතුයි. විශේෂයෙන් මෙහි තියෙන කටකතා , රූගත කිරීමේ ප්‍රමාදවීම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවද අම්මා කැමති විය යුතුයි. ඒ වගේම අම්මට ආදරය විය යුතුයි.

ඔබේ සුන්දරම කාලය තනිකඩව සිටීම අපරාධයක් කියා හිතෙන්නේ නැතිද?
මේ මගේ සුන්දරම කාලය කියා හිතන්නේ නැහැ. මේ වයස මම හිතන්නේ වැඩියෙන්ම කාර්යබහුල විය යුතු වයසක් කියලා. අවුරුදු 16 තමයි මගේ සුන්දරම කාලය. මගේ ඒ සුන්දර කාලය ඉවරයි. අනාගතය සුරක්ෂිත කරගන්න, රටට වැඩදායි වැඩක කරන්න, පෞද්ගලිකව දියුණුවෙන්න තමයි මේ කාලයේ මම වැඩ කරන්නේ.

නමුත් ඔබ ගෙවන ජිවිතයට අයුතු යෝජනා බලපෑම් ඇතිවෙනවා ඇති නේද?
අනිවාර්යෙන්ම. සමහර මන්ත්‍රීවරු පවා මට කිවා අයුතු යෝජනා එයි කියලා. ඒවාට මම හැරියට මුහුණ දුන්නොත් ජිවත් වෙන්න පුළුවන්. එවැනි යෝජනා එන කාලයක් තිබෙනවා. ඒ කාලය පාන්නට පසුව එවැනි යෝජනා එන්නේ නැහැ. හැබැයි ඒ කාලය තුල මම හොඳට සුරක්ෂිත විය යුතුයි.

ඒ කියන්නේ දැන් ඔබ සුරක්ෂිතයි?
මම දැන් ඉන්නේ අවධානයෙන්. මම දැන් දන්නවා ඉන්න ඕනේ විදිහ. මම පාර්ලිමේන්ති මංත්‍රීවරියක් විදිහට සමහරු හිතනවා ඒ බලතල පාවිච්චි කරලා අයුතු වැඩ කරයි කියලා ඒ වගේම කලාකාරිනියක් විදිහට ජනප්‍රිය නිසා මා ලඟට කිට්ටු වෙන පිරිසකුත් ඇති. ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප කළාට පසුව ඒ අයගේ හිත්වල ඇතිවන ගරුත්වය හරි පුදුමාකාරයි

ඇයි ඔබ මංගල මුද්ද තවම පලඳින්නේ?
මම තවම විවාහකයි. නීතියෙන් වෙන් වෙලා නැහැ. වෙන් වුනාට පසුවත් මංගල මුදුව ගලවන්නේ නැහැ. වෙන්වුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මට ලොකු දුකක්. වෙන් වුනත් ඒ මුදුව දිගටම අතේ තියේවි.

පිරිමින් ගැන හිතන්නේ මොන විදිහටද?
මගේ තාත්තා මා සමඟ ජීවත් වුනේ නැහැ. ඒ වගේම මම ගොඩාක් ආදරේ කළ සැමියා මා ලඟ නොසිටි නිසා ඇත්තටම ලොකු වේදනාවක් කණගාටුවක් තියනවා. මෙහෙම අසාධාරණයක් වෙන්න තරම් මම වැරැද්දක් කරලා නැහැ. හොඳ පිරිමි මේ ලෝකයේ ඉන්නවා. මම ඒ අයව එච්චර අඳුරන්නේ නැහැ.

ලඟදී සැමියා කතා කළේ නැතිද?
නැහැ. එයාට වාරණයක් දමා තිබෙන්නේ. කතා කරන්න තහනම්.

උපේක්ෂාගේ ජීවිතේ වැරදුන තැන් මොනවද කියලා කිව්වොත්?
මට ජීවිතයේ වැරදුනේ ආදරය නිසා. මම ආදරයට වහල් වුණු ආදරය ජීවිතයේ කොටසක් කරගත්තු චරිතයක්. මම මගේ මුළු ලෝකයම ආදරය කරගත්තා. ඒ තමයි මම කරගත්තු ලොකුම වරද. ආදරයේදී හරි ලෝබයි. ඉස්සර වගේ නෙවෙයි දැන් මම. මම ආදරය කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලිට. උපේක්ෂව හොඳින් තියන්න මම වගකීමක් අරගන තියෙනවා.

ඇත්තටම උපේක්ෂා මොන වගේ චරිතයක්ද?
අවංක වෙන්න උපරිමයෙන් කැමති කෙනෙක්. හැම වෙලාවෙදිම අවංකයි කියන්න අමාරුයි. පොඩි බොරු කරන අවස්ථාත් තිබෙනවා. ඒ තමන්ගේ ආරක්ෂාව පතා. නමුත් උපරිම සැහැල්ලුවෙන් සරලව ඉන්න කෙනෙක්.

ලඟදී රූගතකිරීමකදී උපේක්ෂාට භයානක අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුනා කියලත් ආරංචියි?
මම ඒ වෙලාවේ දැනගන හිටියේ නැහැ ඒ වගේ භයනක රූගතකිරීමක් සිදුකරන්න තිබෙනව කියලා. නමුත් අධ්‍යක්ෂ ඉනෝකා මහත්මිය ඒ රූගත කිරීමේ භයානකත්වය දැනගන තමයි රූගතකිරීම සිදුකර තිබෙන්නේ. මම ඇත්තටම ගොඩාක් බය වුණා. අනික මම ලංකාවේ මුහුදේ පිහිනලා නැහැ. අකලංක සහ සහාය අධ්‍යක්ෂවරයා තමයි මාව බේරාගත්තේ. ඒ වෙලාවේ එක පැත්තකින් මට ලොකු තිගැස්සීමක් ඇතිවුණා වගේම එදා මාව ගහගන ගියා නම් ලොකු හානියක් වෙන්න තිබුණා. ඒ වගේ අවධානම් තත්ත්වයකට මාව පත්කරල නිර්මාණයකට සාධාරණය ඉටුකිරීම ගැන මම පොඩ්ඩක් කල්පනා කලා.


ඉරිදා දිවයින :

Sunday, December 4, 2011

නිරෝෂා විවාහයට අකමැති ඇයි ?


Srilankamirror - තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා කියයි. ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසා තිබුණේ මෙවැනි අදහසකි.

‘විවහාය ප‍්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මට පුළුවනි.’

සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදීඇය පවසා තිබුනේ මෙවැනි අදහසකි.

‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයි ඇය පවසා තිබුණි.

’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහ වුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින් ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

’එකමත් එක රටෙක’ චිත‍්‍රපටය හා සිරස රූපවාහිනියේ විකාශය වන ’ඉරෝෂයි නිරෝෂයි’ වැඩසටහන ඔස්සේ පේ‍්‍රක්‍ෂකයන්ගේ හදවත්වලට සමීප වූ ඇය, ජනප‍්‍රිය ගායක ශිහාන් මිහිරංග සමග කල ’ආදරය කරන්න’ ගීතය මෙම මාසයේ නිකුත් වීමට නියමිතය.

මෙම නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බවපැවසේ.

Saturday, November 26, 2011

නෙහාරා හා මේනක ඇමරිකාවේ පදිංචියට?


ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.

ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප‍්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ.

වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර සිටින නෙහාරා හා මේනක, එහිදී ඔවුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව විශාල තීරණයක් ගැනීමට සූදානමින් සිටී. ටෙලියේ රූගත කිරීම් අතරතුර පදිංචිය සඳහා ප‍්‍රදේශයක් සහ නිවසක් තෝරා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව සිටී.

අදාළ ටෙලි නාට්‍යය සඳහා මේනකව හා නෙහාරාව ඇමරිකාවට ගෙන්නා ගනු ලබන්නේ එහි නිෂ්පාදකවරයා වන ශී‍්‍ර ලාංකික ජාතික නීතීඳයෙක් වන අතර, ඔහු නෙහාරාගේ මාමා කෙනෙකි. මෙම සම්පූර්ණ සැලසුම මාමාගෙන් වසන් කිරීමට දෙදෙනාම දැඩි ලෙස ගිවිස ගෙන සිටී.

මොවුන් දෙදෙනාගේම පළමු වෙනි විවාහයන් මේ වනවිට අවසාන අදියරේ පවතින තත්ත්වයක් යටතේ අලූත් පරිසරයක අලූත් ජීවිතයක් ඇරඹීම දෙදෙනාගේම එකම අපේක්‍ෂාව වන අතර, ටෙලි නාට්‍යය රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ මාස කිහිපයක් තුළ සියලූම ගිවිසුම් අවසන් කර දමා (ටෙලි නාට්‍ය සහ විවාහයන්) ඇමරිකාවේ ස්ථීර පදිංචියට යෑම ඔවුන්ගේ අරමුණයි.