ශ්‍රී ලංකාවේ කලාව ගැන හැම දේම.. Sri Lankan Art News, gossips, Television News, Music and Movie reviews, Actress and Model Images , Movie Stars, Star Interviews, Star Wallpapers, Bollywood News and more..
Monday, June 13, 2011
Thursday, June 2, 2011
Monday, May 30, 2011
මගේ මහත්තයා කම්මැලියෙක්
මගේ මහත්තයා කම්මැලියෙක් කියලා එයාම කියනවා
කපිලගේ බිරිය නෙලූ අධිකාරි නවලිය සමඟ
ඔහු සගීතඥ කපිල පූගලආරච්චි ඇය ගායන ශිල්පිනි නෙලූ අධිකාරි. සංගීත ක්‍ෂේත්‍රයේ දිදුලන යුවළක් වන මේ දෙපළ හිත හොඳ මිනිසුන් ලෙස කොයි කාගේත් හිත දිනා ගත්ත යුවළකි. ඒ හෙයින් මෙවර මගේ මහත්තයා විශේෂාංගයට අප නෙලූ අධිකාරි එකතු කර ගත්තා.
ඇත්තටම කපිලව මං හඳුනාගත්තේ පුංචි කාලෙදීයි. ඔහු මගේ අම්මාගේ හොඳම ගෝලයන් අතරින් එක්‌කෙනෙක්. මගේ අම්මා ලලිතා මල්ලිකා. ඇය සංගීත ගුරුවරියක්. ඇය ඉගැන්වූ හලාවත ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් තමයි කපිල. මමත් සංගීත අංශයෙන් උසස් පෙළ කරන්න ආනන්දයට ගියා. අපි අතරේ මිත්‍රකමක් තිබුණා. ඒ මිත්‍ර කම අපි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට එද්දී ප්‍රේමයකට පෙරලිලයි තිබුණේ. අපි දෙන්නාම තීරණය කරලා තිබුණා යම්කිසි ස්‌ථාවරයකට එනකම් අපේ සම්බන්ධය ගෙවල්වලට නොදන්වා ඉමු කියලා. ඒත් අපි විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ ඉද්දී මගේ අම්මා අසනීප වුණා. ඒ නිසා ඇය මට විවාහ වෙන්න යෝජනා කළා. අපේ තාත්තත් එතකොට පිටරට හිටියේ. අයියත් විවාහ වෙලා. ඒ නිසා අපි අපේ සම්බන්ධය ගෙවල්වලට කිව්වා. එයා අම්මගේ හොඳ ගෝලයෙක් නිසා කපිලට කැමති වුණා. අපි දෙපාර්ශවයේ ආශිර්වාද මැද විවාහ වුණා.
කපිල ඒ දවස්‌වල පාසලේ ජනප්‍රිය චරිතයක්. ඔහු තුළ සංගීතය පිළිබඳව විශේෂ කුසලතාවයක් තිබුණා. මම එය අවබෝධ කරගෙනයි හිටියේ. සංගීතය තමයි අපි දෙන්නා සමීප කළේ.
කපිල නිදහස් පුද්ගලයෙක්. නිදහසට කැමතියි. වැඩ බදාගන්න කෙනෙක් නොවෙයි. කරන දේ ඉතාම හොඳින් කරන්න මහන්සි ගන්නවා.
කලින් රැකියාවක් කළා. දැන් ඔහු රැකියාවට යන්නේ නැහැ. ඔහු සතු කුසලතාවයන් ප්‍රයෝජනයට අරගෙන තමයි ඔහු මුදල් උපයන්නේ. මමත් මුදල් උපයනවා. හැබැයි එහෙම කියලා අපේ ගෙදර ගෘහ මූලිකයෝ දෙන්නෙක් නැහැ. එකම ගෘහ මූලිකයා කපිල.
මට ඕන දේ කරන්න කපිලගෙන් තහනමක් නැහැ. ඒත් ඔහු මගේ සැමියා. ඒ නිසා යමක් කරන්න කලින් මම කපිලගෙන් අහනවා. ඒවගෙම යමක් කරන්න කලින් කපිලත් මගෙන් අහනවා. එහෙම කළ යුතුයෑයි කියලා. නියමයක් නැහැ. නමුත් අපේ වැඩ සිද්ධවෙන්නේ එහෙමයි.
අනිත් කාරණය අපි දෙන්නාම කාර්ය බහුලයි. මොන තරම් කාර්ය බහුල වුණත් මගේ වැඩවලට කපිල විශාල සහයෝගයක් දෙනවා. ඔහුගේ වැඩකටයුතු කරන්නේ මගේ වැඩ කටයුතු ඉවර කරලා. මමත් එහෙමයි. එයාගේ වැඩවලට මට පුළුවන් විදිහට සහයෝගය දෙනවා.
අපි දෙන්නා ගමන් බිමන් යන්නේ එකට. මට මගේ අම්මා හෝ තාත්තා සමඟ යන්න පුළුවන්. ඒත් කපිල මා සමඟ එනවා.
කපිල හුඟාක් නිවුණු කෙනෙක්. කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. මට තමයි ඉතිං ඔය සමහර දේවලට කේන්ති ආවොත්. ඒත් දැන් කපිල කේන්ති ගැනීමේ නුසුදුසුකම මට කියලා දීලා. දැන් මටත් තරහා එන්නේ නැති ගානයි.
අපි අතරේ දේකට නෙවෙයි ඒත් ඔය වෙනත් දේවලට වචන හුවමාරු වෙනවා. ඒත් ඊට පස්‌සේ ඉවරයි.
කපිල නිතරම ඉන්නේ විනෝදෙන් ගෙදරට අයට විහිළුවක් කරගෙන
ඉස්‌සර කපිල කෙට්‌ටුයි. දැන්නම් ටිකක් මහතයි. එයාම කියනවා මං මහ කම්මැලියෙක් කියලා. ඒ වුණත් සතියකට දවස් දෙක තුනක්‌වත් මම එයාව ව්‍යායාම කරන්න පෙළඹනවාමයි. මුලින් බැහැ කම්මැලියි කියලා පස්‌සේ කියනවා ව්‍යායාම කරාම මාර ෆිට් එකක් ඇතිවුණා කියලා.
එයාගේ කම්මැලිකම නිසා ඇඳුම් පැළඳුම් වුණත් මමයි හදා දෙන්න ඕන. එයාට කැමති ඇඳුම් මමයි තෝරන්නේ. අපි දෙන්නාම හැමදේම කතා බහ කරන නිසා ඇඳුම් පැළදුම් ගන්න යන්නේ එකට. මගේ ඇඳුම් තෝරන්නේ එයා. හැබැයි කවදාවත් කපිල තනියම ගිහින් මට ඇඳුමක් ගෙනත් නැහැ. මමත් එහෙමයි.
කපිල වැඩවලට යොමු කරවන්න ඕන. එතකොට තමයි වැඩ කරන්න පටන් ගන්නේ. අපේ ගෙදර දවස පටන් ගන්නේ උදේ 6 ට විතර. ප්‍රසංගවලට අපි ගියාම ඒ ක්‍රමය තරමක් වෙනස් වෙනවා තමයි.
කපිලට රසට කෑම ඕනේ. කොස්‌ඇට දමලා හදන කෙසෙල් මුව මැල්ලුමට කපිල හරි ආසයි. මම රතු අල, කෙලවල්ලෝ සමඟ බත් කන්න ආසයි. කපිල මට ඒකට විහිළු කරනවා. හැබැයි මම සම්බෝලයි බතුයි වුණත් කන්න කැමතියි.
අපි අතරේ ආරවුල් නැහැ. ඒක පත්තරේට නිසා කියනවා නොවෙයි. අපි ඇසුරු කරන අය ඒක දන්නවා.
කපිල අනිත් අයට උදව් කරන්න ආසයි. එහෙම කරනවා අපි. ඒත් ඒවා අපි අතරේම තියා ගන්නවා. කාටද උදව් කළේ ඇයි කියලා කියන්න යන්නේ නැහැ.
කපිලගෙයි මගේ යාළුවා එකම පිරිසක් පාසල් කාලේ වගේම විශ්ව විද්‍යාලයේ අපිත් එක්‌ක හිටපු කිහිප දෙනා. ඒ අයත් එක්‌ක අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විනෝද ගමනක් බිමනක් යනවා.
අපේ දරුවෝ කැමතියි තුඩාවේ ඉන්න කපිලගේ නංගිලාගේ ගෙදර යන්න.
අපි දෙන්නාටම ඕනකමක් තිබුණා හොඳ සංගීත ඇකඩමියක් පටන් ගන්න මියසි අරණ නමින් බත්තර මුල්ලේ අපි ඒක පටන් ගත්තා.
කපිල විවිධ අවස්‌ථාවල සංගීතඥයකු ලෙස සම්මාන අරගෙන තිබෙනවා.
අපි දෙන්නා දෙන්නෙක් වුණත් හිතන පතන විදිහ එක වගේ. ඒ නිසාම උදාවන හැම දවසක්‌ම අපිට සතුට ගෙන දෙනවා.
අපේ කතාබහට විරාමය තබමින් නෙලූ අධිකාරි පැවැසුවා.
කපිලගේ බිරිය නෙලූ අධිකාරි නවලිය සමඟ
ඔහු සගීතඥ කපිල පූගලආරච්චි ඇය ගායන ශිල්පිනි නෙලූ අධිකාරි. සංගීත ක්‍ෂේත්‍රයේ දිදුලන යුවළක් වන මේ දෙපළ හිත හොඳ මිනිසුන් ලෙස කොයි කාගේත් හිත දිනා ගත්ත යුවළකි. ඒ හෙයින් මෙවර මගේ මහත්තයා විශේෂාංගයට අප නෙලූ අධිකාරි එකතු කර ගත්තා. ඇත්තටම කපිලව මං හඳුනාගත්තේ පුංචි කාලෙදීයි. ඔහු මගේ අම්මාගේ හොඳම ගෝලයන් අතරින් එක්‌කෙනෙක්. මගේ අම්මා ලලිතා මල්ලිකා. ඇය සංගීත ගුරුවරියක්. ඇය ඉගැන්වූ හලාවත ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් තමයි කපිල. මමත් සංගීත අංශයෙන් උසස් පෙළ කරන්න ආනන්දයට ගියා. අපි අතරේ මිත්‍රකමක් තිබුණා. ඒ මිත්‍ර කම අපි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට එද්දී ප්‍රේමයකට පෙරලිලයි තිබුණේ. අපි දෙන්නාම තීරණය කරලා තිබුණා යම්කිසි ස්‌ථාවරයකට එනකම් අපේ සම්බන්ධය ගෙවල්වලට නොදන්වා ඉමු කියලා. ඒත් අපි විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ ඉද්දී මගේ අම්මා අසනීප වුණා. ඒ නිසා ඇය මට විවාහ වෙන්න යෝජනා කළා. අපේ තාත්තත් එතකොට පිටරට හිටියේ. අයියත් විවාහ වෙලා. ඒ නිසා අපි අපේ සම්බන්ධය ගෙවල්වලට කිව්වා. එයා අම්මගේ හොඳ ගෝලයෙක් නිසා කපිලට කැමති වුණා. අපි දෙපාර්ශවයේ ආශිර්වාද මැද විවාහ වුණා.
කපිල ඒ දවස්‌වල පාසලේ ජනප්‍රිය චරිතයක්. ඔහු තුළ සංගීතය පිළිබඳව විශේෂ කුසලතාවයක් තිබුණා. මම එය අවබෝධ කරගෙනයි හිටියේ. සංගීතය තමයි අපි දෙන්නා සමීප කළේ.
කපිල නිදහස් පුද්ගලයෙක්. නිදහසට කැමතියි. වැඩ බදාගන්න කෙනෙක් නොවෙයි. කරන දේ ඉතාම හොඳින් කරන්න මහන්සි ගන්නවා.
කලින් රැකියාවක් කළා. දැන් ඔහු රැකියාවට යන්නේ නැහැ. ඔහු සතු කුසලතාවයන් ප්‍රයෝජනයට අරගෙන තමයි ඔහු මුදල් උපයන්නේ. මමත් මුදල් උපයනවා. හැබැයි එහෙම කියලා අපේ ගෙදර ගෘහ මූලිකයෝ දෙන්නෙක් නැහැ. එකම ගෘහ මූලිකයා කපිල.
මට ඕන දේ කරන්න කපිලගෙන් තහනමක් නැහැ. ඒත් ඔහු මගේ සැමියා. ඒ නිසා යමක් කරන්න කලින් මම කපිලගෙන් අහනවා. ඒවගෙම යමක් කරන්න කලින් කපිලත් මගෙන් අහනවා. එහෙම කළ යුතුයෑයි කියලා. නියමයක් නැහැ. නමුත් අපේ වැඩ සිද්ධවෙන්නේ එහෙමයි.
අනිත් කාරණය අපි දෙන්නාම කාර්ය බහුලයි. මොන තරම් කාර්ය බහුල වුණත් මගේ වැඩවලට කපිල විශාල සහයෝගයක් දෙනවා. ඔහුගේ වැඩකටයුතු කරන්නේ මගේ වැඩ කටයුතු ඉවර කරලා. මමත් එහෙමයි. එයාගේ වැඩවලට මට පුළුවන් විදිහට සහයෝගය දෙනවා. අපි දෙන්නා ගමන් බිමන් යන්නේ එකට. මට මගේ අම්මා හෝ තාත්තා සමඟ යන්න පුළුවන්. ඒත් කපිල මා සමඟ එනවා.
කපිල හුඟාක් නිවුණු කෙනෙක්. කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. මට තමයි ඉතිං ඔය සමහර දේවලට කේන්ති ආවොත්. ඒත් දැන් කපිල කේන්ති ගැනීමේ නුසුදුසුකම මට කියලා දීලා. දැන් මටත් තරහා එන්නේ නැති ගානයි.
අපි අතරේ දේකට නෙවෙයි ඒත් ඔය වෙනත් දේවලට වචන හුවමාරු වෙනවා. ඒත් ඊට පස්‌සේ ඉවරයි.
කපිල නිතරම ඉන්නේ විනෝදෙන් ගෙදරට අයට විහිළුවක් කරගෙන
ඉස්‌සර කපිල කෙට්‌ටුයි. දැන්නම් ටිකක් මහතයි. එයාම කියනවා මං මහ කම්මැලියෙක් කියලා. ඒ වුණත් සතියකට දවස් දෙක තුනක්‌වත් මම එයාව ව්‍යායාම කරන්න පෙළඹනවාමයි. මුලින් බැහැ කම්මැලියි කියලා පස්‌සේ කියනවා ව්‍යායාම කරාම මාර ෆිට් එකක් ඇතිවුණා කියලා.
එයාගේ කම්මැලිකම නිසා ඇඳුම් පැළඳුම් වුණත් මමයි හදා දෙන්න ඕන. එයාට කැමති ඇඳුම් මමයි තෝරන්නේ. අපි දෙන්නාම හැමදේම කතා බහ කරන නිසා ඇඳුම් පැළදුම් ගන්න යන්නේ එකට. මගේ ඇඳුම් තෝරන්නේ එයා. හැබැයි කවදාවත් කපිල තනියම ගිහින් මට ඇඳුමක් ගෙනත් නැහැ. මමත් එහෙමයි.
කපිල වැඩවලට යොමු කරවන්න ඕන. එතකොට තමයි වැඩ කරන්න පටන් ගන්නේ. අපේ ගෙදර දවස පටන් ගන්නේ උදේ 6 ට විතර. ප්‍රසංගවලට අපි ගියාම ඒ ක්‍රමය තරමක් වෙනස් වෙනවා තමයි.
කපිලට රසට කෑම ඕනේ. කොස්‌ඇට දමලා හදන කෙසෙල් මුව මැල්ලුමට කපිල හරි ආසයි. මම රතු අල, කෙලවල්ලෝ සමඟ බත් කන්න ආසයි. කපිල මට ඒකට විහිළු කරනවා. හැබැයි මම සම්බෝලයි බතුයි වුණත් කන්න කැමතියි.
අපි අතරේ ආරවුල් නැහැ. ඒක පත්තරේට නිසා කියනවා නොවෙයි. අපි ඇසුරු කරන අය ඒක දන්නවා.කපිල අනිත් අයට උදව් කරන්න ආසයි. එහෙම කරනවා අපි. ඒත් ඒවා අපි අතරේම තියා ගන්නවා. කාටද උදව් කළේ ඇයි කියලා කියන්න යන්නේ නැහැ.
කපිලගෙයි මගේ යාළුවා එකම පිරිසක් පාසල් කාලේ වගේම විශ්ව විද්‍යාලයේ අපිත් එක්‌ක හිටපු කිහිප දෙනා. ඒ අයත් එක්‌ක අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විනෝද ගමනක් බිමනක් යනවා.
අපේ දරුවෝ කැමතියි තුඩාවේ ඉන්න කපිලගේ නංගිලාගේ ගෙදර යන්න.
අපි දෙන්නාටම ඕනකමක් තිබුණා හොඳ සංගීත ඇකඩමියක් පටන් ගන්න මියසි අරණ නමින් බත්තර මුල්ලේ අපි ඒක පටන් ගත්තා.
කපිල විවිධ අවස්‌ථාවල සංගීතඥයකු ලෙස සම්මාන අරගෙන තිබෙනවා.
අපි දෙන්නා දෙන්නෙක් වුණත් හිතන පතන විදිහ එක වගේ. ඒ නිසාම උදාවන හැම දවසක්‌ම අපිට සතුට ගෙන දෙනවා.
අපේ කතාබහට විරාමය තබමින් නෙලූ අධිකාරි පැවැසුවා.
Saturday, May 14, 2011
Monday, April 25, 2011
අනර්කලී යළි තනිවෙයි ද?
ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශාගේ අලූත් පෙම්වතා වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාට තවත් පෙම්වතියක් සිටින බව වාර්තා වේ.
මහනුවර ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ යොවුන් මන්තී‍්‍රවරයෙක් වන අනර්කලීගේ පෙම්වතාගේ මෙම පෙම්වතියද මහනුවර ප‍්‍රදේශයේම තරුණියකි.
ඇය නමින් කි‍්‍රශාන්ති බවත්, මේ හාදකම තරමක් පැරණි එකක් බවත්, පැවසේ.
එය විටින් විට පළුදු වෙමින් නැවත අළුත් වන්නක් බවද වාර්තා වේ.
අදාළ මන්තී‍්‍රවරයා තවත් නිළියක් සමඟ ද හාදකමක් ඇතැයි ද, මේ අතර ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අනර්කලීගේ මේ හාදකම ජනපති මැදුරත් දන්නා බැවින්, ඇය සිය පෙම්වතා අහිමි වෙතැයි බියෙන් පසුවන බවද පැවසේ.
අනර්කලී මීට පෙර පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවේ වර්තමානයේ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දුමින්ද සිල්වා මහතා සමගය.
ඔහුත් සමග පැවැති පෙම අවසන් වූයේ නඩු හබයකින්ද පසුව බව ප‍්‍රසිද්ධ රහසකි.

Wednesday, April 20, 2011
Saturday, April 9, 2011
Subscribe to:
Posts (Atom)