Pages

Saturday, January 28, 2012

පූජාගේ හිත ලංකාවෙ කෙනෙකුට ලු !

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
Srilankamirror - පසුගිය 26 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ ප‍්‍රදර්ශනය ආරම්භ කල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කුස පබා’ සිනමා සිත්තමේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඉන්දීය නිළි පූජා උමා ශංකර් ලාංකිකයෙකු හා විවාහවීමට වැඩි මනාපයක් ඇතැයි කියන්නීය.
ශී‍්‍ර ලංකාවෙන් ද ඇයට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව ඇය පවසන්නීය.

පිටරට ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු ඇයගෙන් බහ ඉල්ලා ඇති බවද පවසන පූජා තමා නළුවෙකු හා විවාහ නොවන බවද ශපථ කර සිටී.

‘කුසා පබා’ තමාගේ අවසන් චිත‍්‍රපටය ලෙස පැවසීම අපරාදයක් යැයි දැන් සිතෙන බවද පවසන පූජා තමා එසේ ප‍්‍රකාශ කළේ අප්පාට (තාත්තා) මේ වසරේ විවාහ වන ලෙස කියා ඇති බැවින් බවද ඇය හෙළි කළාය.

පසුගිය කාලයේ සෙනසුරු මාරුවෙන් පසුව ඒරාෂ්ඨක සියල්ල ඉවත්වී ඇත් බවත්, මේ වසරේ මැයි මාසයේදී තමාට මංගල යෝගයක් ඇතැයිපූජා පවසන්නීය.

තමා ලංකාවෙන් යන්නේ රේණුකා අක්කා (රේණුකා බාලසූරිය) ලංකාවෙන් යන්න කියූ විට බවද පූජා පවසන්නීය.
13 Hq photos of Pooja Umashankar
13 Hq photos of Pooja Umashankar
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2Gt68_7tt4U3Aud-KcBmgRlYs8xwLxB8wCnrAwDgUsQzJ-6pM7FvdNPUmH-3PFsOdV13qyGtcRtw_hFA7KJmci0WUvbdjbXxnbp6vPusv8zevCjqQaveUEUYupMJRSN-bF7rXqwxY4dg/s1600/Pooja1.jpg
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiW41gHOZc-rzACAtMZNeVa6bjhLm-y9F33k2Pms2YN4rMdh6cJvMqnrEtL4o7AlFsaiB5N2fZqOKD-kLJhvD1ffXzLnmUtP6Ly4VXxKajBl-chRbZscyC5uG1tv3Ffn6CJeHnwPn6KLe8/s1600/pooja-umashankar-076.jpg
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5MCnDdrgL8RE7_T534ZLVSFEg3w9PNJODzo53RHLLkhA0ZZEG50vbNbPDrYFQpFxl-EGA1IQ-RFSAdWsIZx87T4LunV4_IDW2nNNEY7m8exS7HD4ZC62x0aIWDVAh0MKZs7JrjC9ZhU0/s1600/pooja-umashankar-079.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVFNHqMuuHrQBuU36Yu50LhzkZV8jJWu-rbPvQ97LxGR4CllXx-zxMm3NjTPxFlCq15Pyr8mlIvC-knzz3eTSTGPplBOJfsUYodH7aMaCTrZcmEwU3SLKDSEXXZaP60PcjVTaLtF-RZIM/s1600/pooja-umashankar-083.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM6ym4uHOqJ2gaRUHvjfwHR6Fxb0lxsZn9Z-O2NTB76ljaNZwbuK5wIXZhDcsD7Ndt1khplUhuira5AF6gfaSxHyPlIYS4JvUPe9ygq6Ja51dsfuQaaz-7mO-0JBCZ7m6d1TMFzwi0PIY/s1600/pooja-umashankar-085.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-ktSarrtxWxazLx6JVNVwF_o50SIr4dRB2C5a9fEq5Gwdj481x3e7XeId-SqOS4zhbJMAkhn-LHB1Lb56OpNU01b2-CoJUvAsl8CuQdTSLsb4Yxz6pI8QJVqOxsqATAxhlLrOpht9qEU/s1600/pooja-umashankar-089.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSE9P7q476Zy8nwB4br1yOFet1e-HY5WltKS8OQ5JJEOAuNlHnUD2Fay0Cj5Nh1w-IJLiYCD-DAqw33Vu3Kn0I8wV3Bfnxw-9uGCSYnNSmEwUnYE56JUmcKMV8uH-agKzTHjsAdqHXy4w/s1600/pooja-umashankar-091.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3dOfEpLa_pa3zdQ6qMoeH0mLtzO352Lf0KqXVE89rEd37xR24WIwePiBtlCuMSvKtL4xKr88qOBnvQwUJAT4lO3RxYXoNGwmiaTCyFlYdASz5KFSYZczFY8SxhuAY4yB-J3ORQH1GRiY/s1600/pooja-umashankar-096.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAtU5muA6yCCi0UGNvJAkjNdiI0XBkZJrpT7sak4kFoE00-M1l0-lhdazBiPCr53mQwNt1QC8YxQZwiy8lp6EwsGo9MjiqdPsYln3GvrK1A7Zxg_N_BTfNVX2k5p7c0KOFKKLaVRND5DU/s1600/pooja-umashankar-097.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0AIdxx_NU2FUJizkwdzqGXOrzdZd3ele-QL7AA_A8RCtFD3ybPO9mbHfpbUw2p1p9Y0XjmCt2LhnmCnCLp15uBcYtsaIjT5Nyr9U246YJeUHRRwx5AubMAXRUApq200PFwhRVUenxVMk/s1600/pooja-umashankar-100.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjnkpH1RGVS6Dg-IydhXy8fUKovhmO5O-Kjc3z4Bz039K8k3jR6IIathB4olkT8ZyfCkJZNUapEdETpNK_lRGA1gQh3_41TuCSmuPDgU_JNMvjvAYfPiuEzkT0u1aGkD5tnjA4d_wnVmw/s1600/Pooja+Umashankar+14.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiajWWCtAYPVpvNbVGS8E7_82mEE9GzQmG-dtKOm6LB_3uXVrbjNGtaqaC2YrzLBZaJn_uqVBKL0KikNHl9xGyjT-IqPoMmpB8ek86N_Zx6JbDGjZlpN_xQkR6rZmx8AcCrg_eBv1Hvh8U/s1600/Pooja+Umashankar+07.jpg
http://3.bp.blogspot.com/_RC0hDkYtnOs/S-Ul7BEHNRI/AAAAAAAAAeQ/GYd_tFO5wMQ/s1600/3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMgqZ3KO6sOvtqUjHGdu_tLfwmharIe83JWo_FO8U1BkYvkc68gQQb6nDzG-Q2gtqjyLXGtsF5NouAupTJIXuwK11vjfFyXmHOjjShbO3hZKyE6T3m9eHA8p4c6aXYYk6i2wGu3SMNbIM/s1600/Pooja+Umashankar+04.jpg
http://1.bp.blogspot.com/_RC0hDkYtnOs/S-Ul-jdr-6I/AAAAAAAAAeg/V6-utw4lT5s/s1600/5.jpg
 

Wednesday, January 25, 2012

නතාෂාගේ හිත පි‍්‍රහාන් ළඟ ද?


Srilankamirror - යොවුන් ගායිකාවක්, නිළියක් හා නිවේදිකාවක් වන නතාෂා පෙරේරා හා යොවුන් ගායකයෙක් වන පි‍්‍රහාන් මාඩප්පුලි අතර පුංචි ඇයි හොඳැයික් ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
මේ ඇයි හොඳැයිය තරමක් දුරදිග ගිය එකක් බවද පැවසෙන අතර 2011 වසරට සමුදෙන්නට ඔවුන් රාජගිරියේ ප‍්‍රසිද්ධ අවන් හලක කෝපි කෝප්පයක් තොල ගාමින් පේ‍්‍රමණීය කතාබහක යෙදී සිට අතැයිපැවසේ.

කෙසේවුවද මේ ඇයි හොඳැයිය සම්බන්ධයෙන් කරුණු කාරනා මෙතෙක් හෙළි නොවීමට ප‍්‍රධාන කාරනාව වී ඇත්තේ නතාෂා යන හැම තැනකම ඇගේ මිත්තණිය ද යාම නිසා යැයිවාර්තා වේ.

මේ අතර මීට පෙරද පි‍්‍රහාන් හා නතාෂා අනවසරයෙන් සාදය කට සම්බන්ධවීමේ පුවතක්ද වර්තා විය.

අවස්ථාවටද නතාෂාගේ මිත්තනිය සහභාගිවී සිටි බවද වාර්තා වී තිබිණි.

ළමා ගායිකාවක් ලෙස ‘සුළඟක් වී’ ගීතයෙන් ජනාදරයට පත් නතාෂා, සුළං කුරුල්ලනේ නමින් ගීත එකතුවක්එළිදැක්වූවා ය.

ඉන්දියානු භාත්ඛණ්ඩ සංගීත විභාය සඳහා ද 2010 වසරේදී පෙනී සිටි නතාෂා ආනන්ද රාජපක්ෂ මහතා යටතේ සංගීතය හදාරා සංගීත විශාරද විභාගය සඳහාපෙනී සිට ඇත.

දැනට වසර හයකට පෙර නතාෂා අපේ පුංචි දරුවන් අතර වැඩි ජනප‍්‍රියත්වයක් දිනාගත්තේ ‘දඟමල්ල’ ටෙලි නාට්‍යයේ දඟකාර එළිසෙබෙත් ගේ චරිතය රඟපෑමෙනි.

පි‍්‍රහාන් ‘යායට පායනා පෝදා සඳ’ ගීතය හරහා ගායකයෙකු ලෙස ජනපි‍්‍රයවූ අයෙකි.

එසේම කැළුම් ශී‍්‍රමාල් විසින් රචිත වැව් තාවුල්ලේ ගීතය ඔහුගේ මෑතකදී ජනපි‍්‍රයවූ ගීතය ලෙස සැලකේ.



Monday, January 23, 2012

චතුරිකාගේ මගුල කල්යාමේ රහස

Srilankamirror - ජනපි‍්‍රය නිලියක් වන චතුරිකා පීරිස් හා ජනපි‍්‍රය නළුවෙකු වන රොෂාන් පිලපිටියගේ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව වාර්තා වේ.
නැවත වරක් තම දෙපළ කාර්යබහුල වී ඇති බැවින් විවාහ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව චතුරිකා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

මීට පෙර චතුරිකා ඔවුන්ගේ විවාහ මංගල්‍ය දිනෙන් දින කල්යාමට හේතුව ලෙස පෙන්වාදී තිබුණේ කේන්දරවලට අනුව විවාහ වීමට සුබ 2011 න් පසුව බවට දෛවඥයන් පවසා ඇති බව සඳහන් කරමිණි.

කෙසේවුවද රොෂාන් හා චතුරිකා දැනට කලා ක්‍ෂේත‍්‍රයේ සිටින පැරණිම පෙම් යුවල ලෙස ද හැදින්වේ.

මේ අතර මොවුන්ගේ විවාහය දිනෙන් දින කල් දැමීමේ රහස ඔවුන් මේවන විට විරසකව සිටීම නිසා බවට ද පසුගිය කාලයේදී පුවත් පලවී තිබිණි.

රොෂාන් හා චතුරිකාගේ නිෂ්පාදන ආයතනයෙන් නිපදවූ ‘සිහින අරන් එන්න’, ‘සිකුරු සංග‍්‍රාමය’ වැනි ටෙලි නාට්‍යවලින්ද   ඕස්ටේ‍්‍රලියාවේ දී රූපගත කිරීම් සිදුකළ ‘මතක සුළඟ’ හා ‘සඳ නැති රැය’ වැනි ටෙලිනාට්‍ය හරහාද චතුරිකා ඉදිරිකාලයේදී පුංචි තිරයෙන් දැකගත හැකි බවද පැවසේ.

මේ දිනවල චතුරිකා ‘රන්සිළු’ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක් වන අජිත් ප‍්‍රසන්න ගේ ‘බිඳුණු සිත්’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වී සිටින බව වාර්තා වේ.

Saturday, January 21, 2012

නෙහාරා හා මේනක ඇමරිකාවේ


Srilankamirror - ඇමෙරිකාවේ රූගත වන පළමු ශ‍‍්‍රී ලාංකීය ටෙලි නාට්‍යය වන 'ආදරණීය නයගරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සඳහා සහභාගිවීමට ජනපි‍‍්‍රය නිළි නෙහාරා පීරිස් හා ජනපි‍‍්‍රය නළු මේනක රාජපක්ෂ බොස්ටන් නුවරට ගොස් තිබේ.

කොටස් 36කින් සමන්විත වන 'ආදරණීය නයගරා’ කතා පුවත ඇමෙරිකාවට සංක්‍රමණය කරන ලද ශ‍‍්‍රී ලාංකික පවුල් දෙකක් අතර ඇති වන සිදුවීම් පෙළක් වටා ගෙතී ඇත.

චිත‍‍්‍රාල්මෙල් ගේ අධ්‍යක්ෂනයක් වන 'ආදරණීය නයගරා’ හි සංගීතය ආචාර්ය අර්ජුන බාලසූරිය විසින් නිර්මාණය කර තිබේ.

ජනක කුඹුකගේ, ඇතුළු ජනපි‍‍්‍රය තරු රැසකට අමතරව, ඇමෙරිකාවේ වෙසෙන ශ‍‍්‍රී ලාංකිකයන් රැසක් ද මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකවීමට නියමිතය.

කෙසේවුවද නෙහාරා පීරිස් සිය පළමු සැමියාගෙන් ඈත්වීමත් සමග මේනක රාජපක්‍ෂ සමග ඇතැයි කියන හාදකම සම්බන්ධයෙන් වන රාවයට මෙම සංචාරයත් සමග තටු ලැබී ඇතැයි ද කලා ක්‍ෂේත‍‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා සමඟ නෙහාරා විවාහවී සිටියාය.
නිර්මාල් මුදලට කෑදර අයෙක් බව ක්ෂේත‍‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, පසුගිය කාලයේදී නෙහාරා නිර්මාල් සමඟ සිටියදී නෙහාරා සම්බන්ධ සියලූ‍ම මුදල් ගණුදෙනු කරනු ලැබුවේ නිර්මාල් විසින් බවද පැවසේ.

ඇය ටෙලි නාට්‍යක්, චිත‍‍්‍රපටයක් හෝ නර්තන ප‍‍්‍රසංගයක් සඳහා ගන්නා මුදල තීරණය කර ඇත්තේද නිර්මාල් විසින් වන අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුල් ඉමක් නොවන බවද පැවසේ.

නෙහාරා සිය පවුලේ ආරවුල් ඇගේ සමීපතම හිතමිතුරන් සිවුදෙනෙකු සමඟ පසුගිය කාලයේදී නිතර පැවසූ බවත්, ඔවුන් පිරිමි යහළුවන්  බවද වාර්තා වේ.

කෙසේවුවද නෙහාරා නිර්මාල්ගේ නිවසින් පිටවී ගොස් ඇත්තේ හිස් අතින් බවත් පැවසේ.
 
නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන 'රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතය ජනප‍‍්‍රියත්වයට පත්වූවාය.

ඇය දෙරණ නාලිකාවේ ඉදිරිපත්කරනු ලැබූ ටී පාර්ටි වැඩසටහන නිසා වැඩි ජනපි‍‍්‍රයත්වයකට පත්ව වූවාය.

ජනප‍‍්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් නොකඩවා තෙවරක්ජනප‍‍්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා ය.

ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා හඳුන්වන්නේ 'මුතුකිරිල්ලී’ ලෙස ය.

නෙහාරා මුලින්ම ක්ෂේත‍‍්‍රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය.

ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය.

එසේම එම වසරේම ප‍‍්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය කතාබහට ලක්වූවාය.

‘සෙනෙහසට ආදරෙයි’ නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය.

පසුව රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ 'ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහාදායකවූවාය.

සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමග ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඩී ගාලාබව ඇය පවසන්නීය.

පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප‍‍්‍රසිද්ධියට පත් වූවාය.


Thursday, January 19, 2012

Dilka's weding

දෙරණේ දිල්කා යුගදිවියට

දිල්කාගේ විවාහයට මැති  ඇමතිවරු රැසක්

පසුගිය 14 වෙනිදා අප "දෙරණේ දිල්කාගේ විවාහය ළඟදීම"යනුවෙන් ලිපියක් පල කරමින් දිල්කා සමන්මලී මෙනවියගේ විවාහය අද දින(19) පැවැත්වෙන බව ඔබට හෙළි කරා.

ඒ අනුව දිල්කා සමන්මලී මෙනෙවියගේ විවාහ උත්සවය අද දින පරිසරවේදී අසේල මුතුමණිගේ මහතා සමග සිදුවුවා.

දෙරණ නාලිකාවේ විධායක වාර්තාකාරිණියක් වන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසටද ජනප්‍රියත්වයට පත්වුවා.ඇය වඩාත් ජනාකර්ශනයට ලක්වුයේ ටීවී දෙරණ නාලිකාවේ 360 වැඩසටහන මෙහයවිම මගින්.


ඇයගේ විවහා උත්සවය පැවැත්වුයේ කොළඹ ගංගාරාමය අසල පිහිටි දුපතෙයි.විවාහ උත්සවය සදහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු රැසක්ම සහභාගී වී සිටි බව දක්නට ලැබුනා.

Sunday, January 15, 2012

ගංගාරාම දූපතේ පළමු විවාහය දිල්කාගෙන්


2012 වසරේ ‘පැපරාසියා’ පලකළ ප‍්‍රථම ප‍්‍රවෘත්තිය වශයෙන් ‘‘දිල්කාට නවවසරේ ජයමංගලම්’’ ප‍්‍රවෘත්තිය සනාථ කරමින් ජනප‍්‍රිය රූපවාහිනී නිවේදිකා දිල්කා සමන්මලී ජනවාරි මස 19 වනදින විවාහප‍්‍රාප්ත වන්නීය.

දිල්කා තම විවාහය සඳහා මුලින් යොදාගෙන තිබුනේ ‘සිනමන් ලේක් හෝටලය’ වනඅතර, එම මුල්අදහස ඇයට වෙනස් කිරීමට සිදුවූයේ විවාහය සඳහා ආරාධනා කිරීමට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඇයට පවසා තිබෙන්නේ බේරේ වැවේ ‘පේ‍්‍රමවන්තයින්ගේ දූපතේ’ විවාහ මංගල උත්සවය පවත්වන ලෙසයි. දිල්කා හා ඇගේ පෙම්වතා මේ අනුව ජනපතිගේ ඇරයුමෙන් ‘පේ‍්‍රමවන්තයින්ගේ දූපතේ’ අතිනතගන්නා පළමු යුවල වේ. ඒ සඳහා එම දූපතේ සියලූ කටයුතු සංවිධානය කිරීම ජනාධිපතිවරයා පුද්ගලිකව භාරගෙන තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයා විසින් දිල්කා සමන්මලීට එක්සත් ජනතා සන්ධානයෙන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තරගවදින ලෙස ආරාධනා කොට ඇති අතර ඒ පිළිබදව කනවැකුනු ධනසිරි අමරතුංග දිල්කාගේ දෙපාමුල වැදවැටී ආයාචනා කොට තිබෙන්නේ ‘‘අනේ නංගියේ ඔයා ආවොත් මම ඉවරයි චන්දෙ නම් ඉල්ලන්න එපා. ඔයාට මම  ඕන දෙයක් කරලා දෙන්නම්’’ කියාය.

ධනසිරි අමරතුංග පිළිබදව සානුකම්පිතව සලකා බැලූ දිල්කා ජනාධිපතිවරයාගේ ආරාධනාව ප‍්‍රතික්‍ෂේප කළ බව වාර්තා වේ. දිල්කාගේ විවාහ මංගල්‍යය සඳහා බේරේවැවේ පේ‍්‍රමවන්තයින්ගේ දූපත යොදාගැනීම පිලිබදව ‘පැපරාසියා‘ හා අදහස් දැක්වූ මාධ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයේ අය පවසා සිටියේ එය ඉතා කුඩා එමෙන්ම අපවිත‍්‍ර ‘චාටර්’ තැනක් බවයි.

දිල්කා පිළිබදව ‘පැපරාසියා’ පළ කළ ප‍්‍රවෘත්ති කියවා ඇති ජනාධිපතිවරයා, මෙම යෝජනාව කොට ඇත්තේ ‘කිංඩිය’ට බවත් ඇය ඇත්තටම එම ස්ථානය තෝරාගැනීම පිලබදව ජනාධිපතිවරයා මේ වනවිට පුදුමයෙන් සිටින බවත්ය.

කෙසේ නමුදු අපගේ ප‍්‍රවෘත්ති උපේක්ෂාවෙන් ඉවසන දිල්කා සමන්මලී හා ඔහුගේ පෙම්වතාට ‘පැපරාසියා’ සිරිසුභ මංගල්ලයක් ප‍්‍රාර්ථනා කර සිටී.

Tuesday, January 10, 2012

ශලනිගේ පළමු පෙම්වතා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
Srilankamirror - සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරගේ පළමු පෙම්වතා මේ වන විට විවාහකයෙක් බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ශලනි ඔහු හා පෙමින් වෙළුනේ පාසල් සමයේදී බවද පැවසේ.

ව්‍යාපාරිකයකු වන ඔහු පිළිබඳව මෑතකදී පුවත් පතක් ශලනිගෙන් විමසා තිබූ අතර ඇය පවසා තිබුණේ ‘එයා දැන් විවාහකයි. එයා ගැන කියල. ඒ පවුල් ජීවිතය අවුල්කරන්න ඕන නෑ’ යනුවෙනි.

ලියා අවසන් නොවන ශලනිගේ නවකතා දෙකෙන් එකක වස්තු විෂය වී ඇත්තේද මේ ව්‍යාපාරිකයා බව පැවසේ.

ශලනි සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.

ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

ශලනි මුලින්ම රංගනයට පිවිසියේ ‘පතිනි’ ටෙලි නාට්‍යයේ උප ප‍්‍රධාන චරිතයක් සඳහා පණ පොවමිනි.

ඇය මුලින්ම ටෙලිනාට්‍ය ප‍්‍රධාන චරිතයකට දායකවූයේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍යට එකි වෙමිනි.

පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහානිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.

මේ දිනවල පේ‍්‍රක්ෂකයන් අතර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වනිසිහින පියාපත් හි ‘මිහිරංගි’ ගේ චරිතයත් සමගය.