Pages

Saturday, November 26, 2011

නෙහාරා හා මේනක ඇමරිකාවේ පදිංචියට?


ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.

ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප‍්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ.

වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර සිටින නෙහාරා හා මේනක, එහිදී ඔවුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව විශාල තීරණයක් ගැනීමට සූදානමින් සිටී. ටෙලියේ රූගත කිරීම් අතරතුර පදිංචිය සඳහා ප‍්‍රදේශයක් සහ නිවසක් තෝරා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව සිටී.

අදාළ ටෙලි නාට්‍යය සඳහා මේනකව හා නෙහාරාව ඇමරිකාවට ගෙන්නා ගනු ලබන්නේ එහි නිෂ්පාදකවරයා වන ශී‍්‍ර ලාංකික ජාතික නීතීඳයෙක් වන අතර, ඔහු නෙහාරාගේ මාමා කෙනෙකි. මෙම සම්පූර්ණ සැලසුම මාමාගෙන් වසන් කිරීමට දෙදෙනාම දැඩි ලෙස ගිවිස ගෙන සිටී.

මොවුන් දෙදෙනාගේම පළමු වෙනි විවාහයන් මේ වනවිට අවසාන අදියරේ පවතින තත්ත්වයක් යටතේ අලූත් පරිසරයක අලූත් ජීවිතයක් ඇරඹීම දෙදෙනාගේම එකම අපේක්‍ෂාව වන අතර, ටෙලි නාට්‍යය රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ මාස කිහිපයක් තුළ සියලූම ගිවිසුම් අවසන් කර දමා (ටෙලි නාට්‍ය සහ විවාහයන්) ඇමරිකාවේ ස්ථීර පදිංචියට යෑම ඔවුන්ගේ අරමුණයි.