Pages

Friday, December 30, 2011

හිරුණිකා නාමල් ගැන කතා කරයි


පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.

පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක්

"ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට.

ඒ පවුලට ගැහැනු ළමයෙක් හිටියේ නැහැනේ. පිරිමි ළමයි තුන් දෙනෙක්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් අපි එකට හැදුනේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න මම ඒ ගෙදරට නිතර යනවා එනවා. ඒක ගොඩාක් පේන ගෙයක්. හැම කෙනාම එන යන ගෙයක්.

අපේ පවුලෑ අයත් එතැනට යනවා. ජනාධිපතිතුමත් එතකොට විපක්ෂ නායක. අගමැති, ජනාධිපති ඒ ගොල්ලෝ මෙහේ එනවා. අපි ට්‍රිප් යනවා එකට. එතකොට දකින ඕනේ කෙනෙක් හිතන්නේ එහෙම.

එතකොට මමත් වයස 15,16 කාලේ. නාමල් අයියත් ලොකුයිනේ එතකොට හිතන්නේ අපි දෙන්නා බඳින්න කතා කරගන කියලා. එහෙමයි මුලින් ගියේ කතාව. ගෙවල් වලින් කතා කරගන තියනවා කියලා. නැතුව අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ.

ටිකක් කල් යද්දී ඔය කතාව හැම තැනම පැතිරුණා. තාත්තිගේ අවාසනාවට තාත්තිගේ අන්තිම ජන්දේ පැරදිලා හිටියේ. ඒත් තාත්ති ජනාධිපතිතුමා ජනාධිපති වෙනකම්ම පිටිපස්සෙන් හිටියනේ. ඒකත් හැමෝම හිතුවා ඒ හින්දා තමයි මේ යාලුකම කියලා. එහෙම කිසිම දෙයක් තිබුනේ නැහැ.

ඔය අතරේ පියසේන ඇමතිතුමාගේ පුතා හිටියේ මේ එහා පැත්තේ ගෙදරක. එයා මගෙන් යාලු වෙන්න ඇහුවේ ඒ කාලේ. මට අවුරුදු 15,16 කාලේ ඒත් මම යාලු වුනේ නැහැ. මම අවුරුදු 18න් එයත් එක්ක යාලුවුනේ. රන්දිමත් එක්ක යාලු වෙලා ඉන්න කාලේ ඒත් නාමල් අයියා මගේ යාලුවෙක්.

මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වුනහම අනිත් පිරිමි ලමයි එක්ක තියන යාලුකම් ඈත් වෙනවනේ. ඒකයි වුනේ. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සර තරම් ෆිට් එකක් තිබුනේ නැහැ. එතකොට මිනිස්සු හිතුවා ගෙවල්වලින් කැමතිනැතුව ඈත්වෙලා කියලා ඒවා මේවා කියනන් ගත්තා.

ජීවිතේටවත් අහපු නැති ඒවා. ඒ ගොල්ලන්ගේ ගෙවල් වල අපි හිටපු විදිහට, දැන් හිතන්න ඔයාගේ ගෙදර ඔයාගේ නංගි කෙනෙක් හදද්දී ඔයාට එයා ගැන වැරදි විදිහට හිතන්න බැහැනේ. එහෙම ජීවිතේට හිතන්නේ නැහැ ගෙවල් වල හිටපු විදිහට. ඒක තමයි වුණේ.

ඊට පස්සේ ඒක හැමතැනම කතාව ගියා ඔය ප්‍රශ්නේ නිසා තමයි අරව මේව වුනේ කියලා. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ හින්දම මම අවුරුදු 4ක් UK හිටියා. නාමල් අයියත් එහේ ඉගනගත්තේ. නමුත් එක දවසක්වත් නාමල් අයියා මාව බලන්න ආවේ නැහැ. මගේ නම කැතවෙයි කියලා.

එයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."

Wednesday, December 28, 2011

ශිහාන්ගේ විවාහය ලබන වසරේ



සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි.

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.

ගොසිප්9 වෙත වාර්තා වන්නේ ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් සපිරෙන බවයි.වසර නවයක් පුරාවට තිබු ශිහාන් මිහිරංගගේ ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට මෙතෙක් කල් රහසක්ව පැවතුනත් එය ලබන වසරේ ජනවාරි මාසය අග වන විට නිල වශයෙන් දැනුම්දීමට ශිහාන් සුදානම් වනබව වාර්තාවේ.

මේ අතර ශිහාන්ගේ පෙම්වතිය කැමතිම ගීතය වන ශිහාන් ගයන "මේ ඇස් දිහා බලන්" ගීතයෙහි සම්පුර්න හිමිකාරත්වය ගැනීම සඳහා ශිහාන් විසින් රුපියල් මිලියනයකට අධික මුදලක් වැය කර ඇත. 


තම පෙම්වතියගේ ප්‍රියතම ගීතය වන එහි රුපරචනය සඳහා ශිහාන් සමගින් ශිහාන්ගේ පෙම්වතිය පෙනී සිටීමට නියමිතයි.එහි රුගත කිරීම් ලබන වසරේ පෙබරවාරි මස සිදු කිරීමට දින දී ඇති අතර ශිහාන්ගේ විවාහය ලබන වසරේ ජුනි මස සිදු කිරීමට සැලසුම්කොට ඇත.

Sunday, December 25, 2011

කති‍්‍රනාගේ ‘නිල්’ වීඩියෝව

 

බොලිවුඩ් නිලි කත‍්‍රිනා කයිෆ්ගේ යැයි පැවසෙන අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇතැයි වාර්තා වේ.

කති‍්‍රනා කයිෆ් සෙක්ස් ස්කැන්ඩල්’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව කති‍්‍රනාට සමාන රුවක් ඇති තරුණියක් සිටින වීඩියෝවක් බව මේ වන විට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අන්තර්ජාලයට එක්කර පැය කිහිපයක් ඇතුළත වැඩිපුරම බාගත කරන ලද වීඩියෝව ලෙස මෙය නම් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සිද්ධියෙන් දැඩි ලෙස කනස්සල්ලට හා කෝපයට පත් ව ඇති කති‍්‍රනා පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශනය ඉතා පිළිකුල් සහගත බවත්, එහි පෙනී සිටින කාන්තාව ‍තමා නොවන බවත්ය.

Friday, December 23, 2011

උරේෂාගේ විවාහය ගිලගත් බාලගිරි දෝෂය !



Srilankamirror - ජනපි‍්‍රය ගායිකාවක් වන උරේෂා රවිහාරි ලබන වසරේ විවාහවන බව පසුගියදා එෆ්.එම්. නාලකාවකට පවසා තිබිණි. ඇය පසුගිය වසරේද මෙවැනිම ප‍්‍රකාශයක් පුවත්පතකටද කර තිබිණි.

කෙසේවවුද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ උරේෂාගේ විවාහයට බාලගිරි දෝෂය වැළැඳී ඇති බවයි.

කෙසේවෙතත් උරේෂාගේ රූපලාවන්‍ය ශිලිපිනියන් පවසන්නේ ඇය රූපලාවන්‍ය කටයුත්තක් සදහා රූපලාවන්‍යගාරයට එන සෑම දිනයකම පවසන්නේ මේ වසරේ විවාහ වන බව බවයි.

ගීත රචකයෙක් හා එෆ්.එම්. නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සමග තිබූ පුංචි ඇයි හොදැයිය අවසන් වීමෙන් පසුව උරේෂා කොල්ලන්ට බයයි කියලත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ.

Wednesday, December 21, 2011

රයිනිගේ පෙම බිඳිලා !


Srilankamirror - ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හා චන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගිය කාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන් සිටි බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ.

ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.

කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.

කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.
Raini Charuka Goonatillake sexy Image Raini Charuka hot Photos Raini Charuka Goonatillake Cute Photos Raini Charuka unseen Photos

Monday, December 12, 2011

යලි විවාහ වීමට පෙරුම්පුරණ උපේක්ෂා

කොහොමද දේශපාලන වැඩකටයුතු එහෙම ?
ඇත්තටම කාර්යබහුලයි. මේ දිනවල ඇය වැය විවාදය නිසා දිනපතාම පාර්ලිමේන්තු යෑමට සිදුවෙනවා. මට පුළුවන් ප්‍රමාණයෙන් ජනතාවට සේවය කරනවා.

ඔබ දේශපාලනයේදී පක්‍ෂ පාට මාරුකිරීම අනුමත කරනවාද?
ඒ දෙය සිදු කරන්න වන්නේ ඇයි කියන කාරනාව තමයි වැදගත් වෙන්නේ. දේශපාලන පක්‍ෂ වල ගැටළු තිබෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හිතට එකඟව ස්වාධීන තීරණ ගැනීම වැදගත්. මොකද කුමන දෙයකින් හෝ ජනතාවට සේවය කිරීමයි වැදගත්.

ඔබ දේශපාලන පිල් මාරු කලේ ඇයි?
මම ඒ ගැන වැඩිය කතා බහ කරන්න කැමති නැහැ. ඒ සිදුවීම මට ගොඩක් දුරට බලපෑවා. ඒක පෞද්ගලික කාරණාවක්.

ඔබ ගෙවන මේ පාලු ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
යම්තාක් දුරට සතුටුයි. යම්තාක් දුරට දුකයි. හැබැයි ජීවිතය ගැන තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.ඇත්තටම වෙලාවකට ගොඩාක් පාළුයි. මොකද උපේක්ෂා කියන්නේ ආදරයට ලැදි චරිතයක්. පාළුව මකාගන්න කාර්යබහුලත්වය හොඳ සාධකයක්. විරහව මතක වෙද්දී අමුතු වේදනාවක් දැනෙනවා. නමුත් ඒ සියල්ල පිටුපස මගේ අම්ම ඉන්නවා. විරහව පාළුව මකාගන්න පුළුවන් වැදගත් දේවල් වලට සහභාගී වෙනවා.


යලිත් විවාහ උනොත් හොඳයි නේද?
මම විවාහ වෙන්නේ නෑ කියන්නේ නෑ. මගේ විවාහ ජිවිතයේ දරුවෙක් හිටියේ නැතිඑක හොඳයි. මගේ දෙමවුපියෝ වෙන උනේ මට අවුරුදු 3 දී. මම ඒ වේදනාව හොඳට දන්නවා. ඉතිං මට ඒ පාපයට අතගහන්න නොලැබීම භාග්‍යක්. මම යලිත් විවාහ වෙන්න කැමතියි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියනවනේ. ඒ නිසා මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් යලිත් විවාහ වේවි.

විවාහ වෙන්න මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
ඔක්කොටම කලින් මම කරන කළා, දේශපාලන,අධ්‍යාපන වැඩකටයුතු භාරගන්න කෙනෙක් විය යුතුයි. විශේෂයෙන් මෙහි තියෙන කටකතා , රූගත කිරීමේ ප්‍රමාදවීම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවද අම්මා කැමති විය යුතුයි. ඒ වගේම අම්මට ආදරය විය යුතුයි.

ඔබේ සුන්දරම කාලය තනිකඩව සිටීම අපරාධයක් කියා හිතෙන්නේ නැතිද?
මේ මගේ සුන්දරම කාලය කියා හිතන්නේ නැහැ. මේ වයස මම හිතන්නේ වැඩියෙන්ම කාර්යබහුල විය යුතු වයසක් කියලා. අවුරුදු 16 තමයි මගේ සුන්දරම කාලය. මගේ ඒ සුන්දර කාලය ඉවරයි. අනාගතය සුරක්ෂිත කරගන්න, රටට වැඩදායි වැඩක කරන්න, පෞද්ගලිකව දියුණුවෙන්න තමයි මේ කාලයේ මම වැඩ කරන්නේ.

නමුත් ඔබ ගෙවන ජිවිතයට අයුතු යෝජනා බලපෑම් ඇතිවෙනවා ඇති නේද?
අනිවාර්යෙන්ම. සමහර මන්ත්‍රීවරු පවා මට කිවා අයුතු යෝජනා එයි කියලා. ඒවාට මම හැරියට මුහුණ දුන්නොත් ජිවත් වෙන්න පුළුවන්. එවැනි යෝජනා එන කාලයක් තිබෙනවා. ඒ කාලය පාන්නට පසුව එවැනි යෝජනා එන්නේ නැහැ. හැබැයි ඒ කාලය තුල මම හොඳට සුරක්ෂිත විය යුතුයි.

ඒ කියන්නේ දැන් ඔබ සුරක්ෂිතයි?
මම දැන් ඉන්නේ අවධානයෙන්. මම දැන් දන්නවා ඉන්න ඕනේ විදිහ. මම පාර්ලිමේන්ති මංත්‍රීවරියක් විදිහට සමහරු හිතනවා ඒ බලතල පාවිච්චි කරලා අයුතු වැඩ කරයි කියලා ඒ වගේම කලාකාරිනියක් විදිහට ජනප්‍රිය නිසා මා ලඟට කිට්ටු වෙන පිරිසකුත් ඇති. ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප කළාට පසුව ඒ අයගේ හිත්වල ඇතිවන ගරුත්වය හරි පුදුමාකාරයි

ඇයි ඔබ මංගල මුද්ද තවම පලඳින්නේ?
මම තවම විවාහකයි. නීතියෙන් වෙන් වෙලා නැහැ. වෙන් වුනාට පසුවත් මංගල මුදුව ගලවන්නේ නැහැ. වෙන්වුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මට ලොකු දුකක්. වෙන් වුනත් ඒ මුදුව දිගටම අතේ තියේවි.

පිරිමින් ගැන හිතන්නේ මොන විදිහටද?
මගේ තාත්තා මා සමඟ ජීවත් වුනේ නැහැ. ඒ වගේම මම ගොඩාක් ආදරේ කළ සැමියා මා ලඟ නොසිටි නිසා ඇත්තටම ලොකු වේදනාවක් කණගාටුවක් තියනවා. මෙහෙම අසාධාරණයක් වෙන්න තරම් මම වැරැද්දක් කරලා නැහැ. හොඳ පිරිමි මේ ලෝකයේ ඉන්නවා. මම ඒ අයව එච්චර අඳුරන්නේ නැහැ.

ලඟදී සැමියා කතා කළේ නැතිද?
නැහැ. එයාට වාරණයක් දමා තිබෙන්නේ. කතා කරන්න තහනම්.

උපේක්ෂාගේ ජීවිතේ වැරදුන තැන් මොනවද කියලා කිව්වොත්?
මට ජීවිතයේ වැරදුනේ ආදරය නිසා. මම ආදරයට වහල් වුණු ආදරය ජීවිතයේ කොටසක් කරගත්තු චරිතයක්. මම මගේ මුළු ලෝකයම ආදරය කරගත්තා. ඒ තමයි මම කරගත්තු ලොකුම වරද. ආදරයේදී හරි ලෝබයි. ඉස්සර වගේ නෙවෙයි දැන් මම. මම ආදරය කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලිට. උපේක්ෂව හොඳින් තියන්න මම වගකීමක් අරගන තියෙනවා.

ඇත්තටම උපේක්ෂා මොන වගේ චරිතයක්ද?
අවංක වෙන්න උපරිමයෙන් කැමති කෙනෙක්. හැම වෙලාවෙදිම අවංකයි කියන්න අමාරුයි. පොඩි බොරු කරන අවස්ථාත් තිබෙනවා. ඒ තමන්ගේ ආරක්ෂාව පතා. නමුත් උපරිම සැහැල්ලුවෙන් සරලව ඉන්න කෙනෙක්.

ලඟදී රූගතකිරීමකදී උපේක්ෂාට භයානක අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුනා කියලත් ආරංචියි?
මම ඒ වෙලාවේ දැනගන හිටියේ නැහැ ඒ වගේ භයනක රූගතකිරීමක් සිදුකරන්න තිබෙනව කියලා. නමුත් අධ්‍යක්ෂ ඉනෝකා මහත්මිය ඒ රූගත කිරීමේ භයානකත්වය දැනගන තමයි රූගතකිරීම සිදුකර තිබෙන්නේ. මම ඇත්තටම ගොඩාක් බය වුණා. අනික මම ලංකාවේ මුහුදේ පිහිනලා නැහැ. අකලංක සහ සහාය අධ්‍යක්ෂවරයා තමයි මාව බේරාගත්තේ. ඒ වෙලාවේ එක පැත්තකින් මට ලොකු තිගැස්සීමක් ඇතිවුණා වගේම එදා මාව ගහගන ගියා නම් ලොකු හානියක් වෙන්න තිබුණා. ඒ වගේ අවධානම් තත්ත්වයකට මාව පත්කරල නිර්මාණයකට සාධාරණය ඉටුකිරීම ගැන මම පොඩ්ඩක් කල්පනා කලා.


ඉරිදා දිවයින :

Sunday, December 4, 2011

නිරෝෂා විවාහයට අකමැති ඇයි ?


Srilankamirror - තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා කියයි. ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසා තිබුණේ මෙවැනි අදහසකි.

‘විවහාය ප‍්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මට පුළුවනි.’

සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදීඇය පවසා තිබුනේ මෙවැනි අදහසකි.

‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයි ඇය පවසා තිබුණි.

’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහ වුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින් ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

’එකමත් එක රටෙක’ චිත‍්‍රපටය හා සිරස රූපවාහිනියේ විකාශය වන ’ඉරෝෂයි නිරෝෂයි’ වැඩසටහන ඔස්සේ පේ‍්‍රක්‍ෂකයන්ගේ හදවත්වලට සමීප වූ ඇය, ජනප‍්‍රිය ගායක ශිහාන් මිහිරංග සමග කල ’ආදරය කරන්න’ ගීතය මෙම මාසයේ නිකුත් වීමට නියමිතය.

මෙම නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බවපැවසේ.