Pages

Wednesday, September 29, 2010

පබා මඩ සෝදයි



The United National Party (UNP) has done a lot to the country. That is an accepted fact. There were many party seniors who had sacrificed their time, wealth and even lives for the party. But does the current position the UNP is in, do justice to them, asked Parliamentarian Upeksha Swarnamali.

Upeksha Swarnamali, popularly know as ‘Paba’ and who topped the preference vote list in the Gmapaha district for the UNP convened a media briefing this afternoon to explain her position.

Ms. Swarnamali said that a section of the media had begun a mud slinging campaign against her following her recent decision to support the government. They had stated that her husband had forced her under threat of assault, to support the government’s 18th Amendment to the Constitution.

“That is totally false. I believed that it was a good move for the sake of the country. Even if our leader Ranil Wickremesinghe had been in that position, he too would have done a similar thing,” she added.

Another falsehood spread through the media was to the effect that she had gone to the USA with the Presidential delegation. “That is another diabolical lie like those claiming that I had crossed over for perks and positions from the government”, reiterated Ms. Swarnamali.

She also added that she did not bother about these allegations by certain media. However, when certain sections of the responsible media too had followed suit, she decided to invite the media to explain her position, said the Gampaha District Parliamentarian.

“I wanted to invite the media after I have completed at least some of the work I had planned. But since the mud slinging was becoming severe, I decided to speak to you and explain my position. Please refrain from baseless accusations and safeguard the media’s reputation.

“I could have resorted to legal action as I have ample evidence. I am participating in a reality show and also am involved in several programmes on behalf of the people. So I cannot waste my time and resources. Character assassination is a grave crime. So I request the media to act responsibly,” Ms. Swarnamali urged.

In answer to a question, Ms. Swarnamali said she did not want to cling to politics for a long period. Without spending the six years criticizing each and every move by the government like the other opposition members, she had decided to cooperate with it and serve the people she said



18 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදුන්නේ සිය අවංක විශ්වාසය මත රටේ සුබ සිද්ධිය පිළිබඳව සිතමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි. නමුත් සිය ස්වාමි පුරුෂයාගේ බලපෑම මත හා මුදල්මය ප්‍රතිලාභ මත සිය ඡන්දය භාවිත කළ බවට මාධ්‍යය තුළින් විශාල මඩ ප්‍රහාරයක් එල්ලවන බවට ඇය චෝදනා කරයි.

එමෙන්ම ජනාධිපතිවරයා සමග අමෙරිකා සංචාරයට තමන් එක්වූ බවට ප්‍රචාරයක යන බවටද මඩ ප්‍රචාරයක් පැතිර ගිය බව ඒ මහත්මිය පෙන්වා දුන්නාය. තමන් මුලින් ඒ පිළිබඳව සැලකිලිමත් නොවුන ද මෑතකදී වගකිව යුතු මාධ්‍යය හරහා ද මෙම මඩ ප්‍රහාර එල්ල වන බවද ඇය සඳහන් කරයි.

මෙම ප්‍රකාශ වල දශමයක හෝ සත්‍යයක් නොමැති බව ඇය අවධාරණය කරයි. මාධ්‍යයේ වගකීම හෑල්ලුවකට ලක්නොකරන ලෙස ද ඇය ජන මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියි.

මෑතකදී තම චරිතය ඝාතනය කිරීමට මාධ්‍ය දැරූ උත්සාහය අපරාධයක් බවට උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය චෝදනා කරයි. එමෙන්ම සත්‍යය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ඇය මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කරයි.

දේශපාලනයට නවකයෙක් ලෙස තමන් පක්ෂ දේශපාලනයට පිවිසීමට අකමැති බව ඇය සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට එකඟ වුවද තමන් සිටි තැන පක්ෂ නායකවරයා සිටියේ නම් ඔහු ද තමන් ගත් තීරණයම ගනු ඇති බවට තමන් වෙත දැඩි විශ්වාසයක් පවතින බව එම මහත්මිය ප්‍රකාශ කළේය.

කිසියම් මතයක් වෙනුවෙන් ජීවිත කාලයෙන් කරන කැපවීම සාධාරණ නොවන බව ඇය අවධාරණය කරයි. තමන් වෙත එල්ල වන විවිධ මඩ ප්‍රචාර වල අසත්‍යතාවය පෙන්වා දීම සඳහා අද(27) මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරිය මෙම කරුණු කියා සිටියාය.

Saturday, September 11, 2010

රඟපාන්නත් ඩිල්ෂාන් දක්ෂයි

ක්‍රිකට් ගහන්න විතරක් නෙමෙයි රඟපාන්නත් ඩිල්ෂාන් දක්ෂයි

මේඑන්.සී.සී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. පසුගිය දවසක මේ ක්‍රීඩාංගණය ටිකක් කාර්ය බහුල වුණා. ඒ ජාත්‍යන්තර හෝ මෙරට ක්‍රිකට් තරගයක් නිසා නම් නොවෙයි. ඒත් මෙයත් එක්තරා ක්‍රිකට් තරගයක් කියන එක ඔබට කියන්න ඕන.
ඒ අතර වෙනදා අප දකින ක්‍රිකට් තරුවලට වඩා හාත්පසින්ම වෙනස් තරු කිහිපයක් මෙහි රැඳී හිටියා. පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, අශේන් මංජුල, වසන්ත කුමාරවිල, ඩිලෝන් ජයසිංහ වැනි රංගන ක්ෂේත්‍රයේ තරු කිහිපයක් මේ සඳහා ඇවිත් හිටියා. ඒ අතරට මේනක රාජපක්‍ෂත්, සුපිරි ක්‍රිකට් තරුවක් වන තිලකරත්න ඩිල්ෂානුත් එක්වෙලා. මේ හෝඩුවාව ‘රසඳුන’ අපටත් ලැබුණා.
”ක්‍රිකට් කියන්නේ බැට් කරන එකවත් බෝල දමන එකවත් නෙමෙයි. ඒක සංකීර්ණයි. අද අපි මේ හැම දේම පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕන. මොකද කියන්නේ කට්ටිය සූදානම් නේද?
මෙහෙම කියන්නේ ඩිල්ෂාන්.
අධ්‍යක්‍ෂ සුනෙත් ගෙන් ඩිල්ෂාන්ට උපදෙසක්
මේ සූදානම 1947 දී අපි සුද්දට දුන්න අභියෝගයක් ජයගන්න. මේ අභියෝගය සුද්දට එරෙහිව ක්‍රිකට් තරගයක් තියන්න. හැබැයි මෙය ජයගත්තොත් අපි බදු බර වලින් වගේම වහල් සේවයෙනුත් නිදහස ලබනවා. ඒත් ඒක එතරම් පහසු කාර්යයක් නෙමෙයි.
Ok, cutනියමයි.
මගේ දැහැන බිඳීගියේ ලැබුණු විධානයෙන්. හැමෝම අතට අත දුන්නේ තිලකරත්න ඩිල්ෂාන්ට. ඔහු තමයි මේ අයට ක්‍රිකට් ගහන්න තාක්‍ෂණික විධි පුහුණු කරන්නේ. හැබැයි ඒ වෙනකොටත් අධි ආලෝකධාරා වගේම කැමරාවකුත් එල්ල වෙලා.
ඇයි මේ...?
ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රිකට් වෙනුවෙන් හැදෙන පළමු සිනමාපටයේ රූගත කිරීම් සිදුවුණ එක් දර්ශන තලයක් කොළඹ එන්.සී.සී ක්‍රිකට් ක්‍රීඩාංගණය. මේ එහි සුන්දර දසුනක්. ඒ වගේම ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන තිලකරත්න ඩිල්ෂාන් පළමු වරට රංගනයෙන් එකතුවන සිනමාපටයයි ‘සිංහාවලෝකන’.
”ඇත්තටම පසුගිය දින ටිකේම තුන්කොන් තරගාවලිය නිසා කාර්ය බහුල වෙලා හිටියේ. ඒත් ඒ ජයග්‍රහණයත් සමඟම ටික දවසක විරාමයක් ලැබුණා. ඒ අතරෙදියි සුනෙත්ගෙන් මට මේ ‘සිංහාවලෝකන’ සිනමාපටයට රංගනයෙන් එක්වෙන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම මේ කතාව 1947 ඉතිහාසය දක්වා දිවෙන කතාවක්. අනෙක ක්‍රිකට් වෙනුවෙන් හැදෙන චිත්‍රපටයක්. ඒ නිසා මගේ කැමැත්තකුත් තිබුණා.
ලබන වසරේ ලෝක කුසලානයත් ආරම්භ වෙනවා. ඒ කාලේදියි මෙය තිරගත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලංකාවේ ක්‍රිකට්වලට මෙය ලොකු යහපත් බලපෑමක් වෙයි කියලා මට හිතෙනවා.
මෙය අලුත් අත්දැකීමක්. කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙන්න අපහසුවක් දැනුණේ නැද්ද?
මුලදි ලොකු තිගැස්මක් තිබුණා. මේක භාරගත්තට කරන්න පුළුවන් වෙයිද කියලා. ඒත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට මුහුණ දීලා හිටපු නිසා විශ්වාසයක් තිබුණා. අනෙක මගේ බිරිඳ රංගනයේ නියැළිලා හිටපු කෙනෙක්. (මංජුලා තිළිණි) එයත් උදව් කරා. දැනුත් මෙතෙන්ට ඇවිත් කොහොමද දෙබස් කියන්න ඕන මේක කරන්නේ කොහොමද
‘සිංහාවලෝකන’ සිනමාපටයේ දර්ශනයක්
හැමදේම කියලා දුන්නා. ඉතිං ඒකත් ලොකු ශක්තියක්.
ඔය විදිහට රඟපාන්න ආරාධනා ලැබුණොත් යොමුවෙන්න කැමැතියිද?
ඇත්තටම තවම එහෙම බලාපොරොත්තුවක් නැහැ. දැනට මගේ ලොකුම බලාපොරොත්තුව එළැඹෙන ලෝක කුසලානය. එයට හොඳින් මුහුණ දීලා කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරන්නයි උත්සාහ ගන්නේ. ඒ නිසා වෙන කිසිම දේකට මම හිතයොමු කරන්නේ නැහැ. ඇත්තටම මෙම චිත්‍රපටය වුණත් ක්‍රිකට්වලට සම්බන්ධයි. ඒ නිසයි කැමැති වුණේ.
ඒ වගේම දින දෙකයි රූගත කිරීම් තියෙන්නේ. මගේ ජීවිතේ එක්තරා සුන්දර අත්දැකීමක් මේක. ඉතිං මට මේ අවස්ථාව ලබාදුන්නට ‘සිංහාවලෝකන’ සිනමාපටයේ අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕන.
සුනෙත් මාලිංග ලොකුහේවා සිංහල සිනමාවට එක්වන නවතම සිනමා අධ්‍යක්‍ෂවරයායි.
”මෙය එක්තරා අභියෝගයක් ජයගැනීමක් විදිහටයි මගේ ජීවිතයේ මම මෙම චිත්‍රපටය දකින්නේ. ලංකාවේ බිහිවෙන පළමු ක්‍රිකට් චිත්‍රපටයයි ‘සිංහාවලෝකන’ කියන්නේ. පසුව තවත් ක්‍රිකට් චිත්‍රපට බිහිවෙයි. 2010 ත් 1947 කියන කාලවකවානු දෙකක සිදුවීම් මේ චිත්‍රපටයෙන් මම කතා කරන්නේ.”
”මම මෙහිදි භාවිතා කරන තාක්‍ෂණය පවා අලුත්. එය අපේ රටේ සිනමා ප්‍රේක්‍ෂකයින්ටත් අලුත් අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා. දින හතළිහක් රූගත කිරීම් සිදුවන ‘සිංහාවලෝකන’ සිනමාපටයට ප්‍රවීණ රංගන ශිල්පීන් හා නවක ශිල්පීන් රැසක් මම දායක කරගත්තා. ඒ වගේම තිලකරත්න ඩිල්ෂාන් පළමු වතාවට සිනමාවට රැගෙන එන්නත් මට පුළුවන් වුණා. විශ්වාස කරනවා 2011 ලෝක කුසලාන තරගයත් සමඟ ‘සිංහාවලෝකන’ මිනිසුන් ඉතාම හොඳින් භාරගනී කියලා.”

Tuesday, September 7, 2010

චන්දි රසිකා

සම්මානනීය නිළි චන්දි රසිකා කියයි


ලාංකේය සිනමාවට ආදරය කරන ඔබට මේ සොඳුරු රුව කෙසේවත් මතකයෙන් බැහැරව නොයන්නක්. රිදී තිරයට ඇය සමීප තරමටම ඇය ඔබේ සිත් මඬලට ද සමීපයි.
චන්දි රසිකා, මේ ඉඩ ඇයටයි. ඇයගේ විශිෂ්ටත්වයටයි. චන්දි රසිකා මෙරට සිනමා ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිත රැසක් අමරණීය කළ සම්මානනීය නිළියකි.
චන්දි රසිකා සම්මානනීය වූ මොහොතේ හෙළ නිළි රැජණ ඇයට සුබපැතුම් එක් කරමින්.
මීට දශක තුනකට පමණ පෙර ජෝ මයිකල්ගේ කරාටේ ජෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අප්සරාව ජීවමාන කරමින් රිදී තිරය සුවඳවත් කළ මේ කුසුම ඉන් පසුව රඟපෑ සෑම සිනමාපටයක්ම නොමඳ ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර විය.
අරුණට පෙර සිනමා නිමැවුමේ සිය රංගන ස්ථරය ඉහළම තලයට ගෙන එමින් ඇය එදා කළ රංගනයේ රන් අකුරු පේලිය මෙරට සිනමාව පවතින තාක් කල් නොමැකී පවතිනු ඇත.
ඒ විශිෂ්ටත්වය සම්මානනීය කර ගත් ඈ රිදී තිරයේ රංගන ගමනට සමගාමීව පුංචි තිරයටත් පිවිසියාය.
සඳලු තලේ ගීතිකාව,සන්නාලියනේ, සිහින නිම්නය ඇය රඟපෑ ටෙලි සිතුවම් අතර වේ.
ප්‍රේක්ෂක හදවතට තදින් ආමන්ත්‍රණය කළ ආන්දෝලනාත්මක චරිත ජීවමාන කරමින් රංගනයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් චන්දි රසිකා අද නිහඬ ඇයි?
1985 වසරේ අරුණට පෙර චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය දෝත දරා
ඒ පිළිබඳ අපි චන්දිගෙන්ම විමසා බලමු.
රංගනය කෙරෙහි මගේ සිත ගියේ පුංචි කාලයේදීමයි. ඒ තරමටම රංගනයට මං ආදරය කළා. කරාටේ ජෝ චිත්‍රපටයේ අප්සරාව ජීවමාන කරන්න ලැබීම මගේ රංගන සිහිනය එක්තරා දුරකට සැබෑවීමක්.
යුවතිපති චිත්‍රපටයේ ඩග්ලස් රණසිංහයන් සමඟ.
කරාටේ ජෝගෙන් පසුව මට චිත්‍රපට ගණනාවකට ඇරැයුම් ගලා ආවා. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අමරණීය සිනමා පට වන ඈතින් ඈතට, අනුරාධා, අරුණට පෙර, යුවතිපති, රන්මලීගේ වාසනාව, ඇගේ වෛරයධ්, ධ්ධ් වැනි ඒවාට රංගනයෙන් දායක වෙන්න ලැබීම මා ලද භාග්‍යක්.
සඳලුතලේ ගීතිකාව, සිහින නිම්නය, සන්නාලියනේ, අවන්හල වැනි ටෙලි නාට්‍යවලටත් ඉන් පසුව මා සම්බන්ධ වුණා.
මෑතකදී මං රංගනයෙන් තරමක් දුරස් වෙලා. ඒ දුරස්වීම මත බොහෝ හේතු තිබෙනවා. රංගනයෙන් මාව ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම තුළ මා ලැබුවේ විශාල සතුටක්. ඒත් මං කළ සමහර චරිත වලට මා ලද විවේචන මට දරා ගන්න බැරි වුණා. එබැවිනුයි මං තරමක් නිහඬ වුණේ.
රංගනය සඳහා ලැබෙන ආරාධනා නම් බොහොමයි. ඒ ආරාධනා සියල්ලේම තිබුණේ අම්මගෙ චරිත. මං කැමැති නැහැ මං වගේ තවම තරුණ නිළියක් එවැනි චරිත නිරූපණය කරන්න. මගෙ වයසට ගැළපෙන චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ. ඒක මම බාර ගන්නවා.
තව දෙයක් කියන්න ඕනෑ. මිනිස්සු පිළිකුල් කරන චරිත නිරූපණය කරන්නත් මා කැමැති නැහැ. කෙසේ නමුත් මං විශ්වාස කරනවා නිළියක් විදිහට මං ලැබූ ජනප්‍රියත්වය සහ පිළිගැනීම අදටත් වලංගුයි කියලා. මේ දිනවල මං කාලය ගත කරන්නේ නිවසට වෙලා.
මගේ ගෙදර සුරතල් සතුන් කිහිප දෙනෙකු සිටිනවා. පසුගිය කාලයේ මගේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි මිනිස්සු මට කළ කී දෑ නිසා දැන් මං මිනිස්සුන්ට වැඩිය සමීප සතුන්ට සහ ගහ කොළවලට. ඒ මිනිසුන්ගේ ළඟ නැති කෙළෙහි ගුණ සතුන් ගාව, ගස් කොළන් ළඟ තිබෙන නිසා.
අමරනාත් ජයතිලක මහතා විතරයි අරුණට පෙර චිත්‍රපටයේ මට වෙනස්ම චරිතයක් ලබා දීීලා මාව සම්මානනීය කළේ.
85 වසරේ විශිෂ්ටතම නිළියට හිමි ජනාධිපති සම්මානය ලබා ගැනීමට හැකි වීම මා ලද භාග්‍යයක්. නමුත් අනෙක් සියලුම අධ්‍යක්ෂවරු මාව ඒකාකාරී චරිතවලට කොටු කළා.
මා පෙර පැවසූ පරිදි ආයේ රංගන චාරිකාවේ යෙදෙන්න ආසයි. මාව තවමත් ප්‍රේක්ෂකයන්ට හොඳින්ම මතකයි කියලා මං දන්නවා. කෙසේ නමුත් ආයේ රඟපාන්න එනවා නම් එන්නේ ගැඹුරු චරිතයක් තුළින්. මා විශ්වාස කරනවා මට ආදරය කරන රසික රසිකවන්ට ඒක සුබ ආරංචියක් වේවි.
මේ චන්දිගේ ලිපිනයයි.
35/1 ඒ, පැඟිරිවත්ත පාර,
පළමුවැනි පටුමග, සෝමා තලගල මාවත,
ගංගොඩවිල, නුගේගොඩ.